යුක්රේනයේ "කර්ස්ක් ජයග්‍රහනය "අසාර්ථකයි - පුටින්
රුසියාවේ කර්ස්ක් කලාපයට යුක්රේනය ආක්‍රමණය කිරීම ඩොන්බාස්හි ස්ථානගත මොස්කව් හමුදාවන්ගේ ඉදිරි ගමන නැවැත්වීමේ අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(02) පැවසීය.
රුසියාව ඩොන්බාස් හි ප්‍රධාන ප්‍රදේශවල විශාල ප්‍රගතියක් ලබා ඇති බව ඔහු ප්‍රකාශ කළේ “දිගු කාලයකින්” නොදුටු වේගයකින් ඉදිරියට රුසියානු හමුදා ඉදිරියට යන බව අවධාරනය කරමිනි.
“රුසියානු සන්නද්ධ හමුදා භූමි ප්‍රදේශ තම පාලනයට නතු කරගන්නේ වරකට මීටර් 200, 300 බැගින් නොව වර්ග කිලෝමීටර් වලින්,” පුටින් අවධාරණය කළේය.
කර්ස්ක් කලාපයේ කියෙව් හමුදාවන්ගේ ප්‍රකෝපකරණය නොවැළැක්විය හැකි ලෙස අසාර්ථක වනු ඇති බවත්, දේශසීමාවේ තත්වය අස්ථාවර කිරීමේ අරමුණින් රුසියානු භූමියට ඇතුළු වී ඇති "යුක්රේන කොල්ලකරුවන් සමඟ" මොස්කව් කටයුතු කරනු ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
සාකච්ඡා මාර්ගයෙන් ගැටුම විසඳා ගත යුතු බව කියෙව්ට අවබෝධ විය හැකි බවත්, මොස්කව් කිසි විටෙකත් එවැනි සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කර නොමැති බවත් පුටින් අවධාරණය කළේය.
කෙසේ වෙතත්, යුක්‍රේනයේ යුද නීතිය ඉවත් කළ වහාම නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවන බැවින් සටන අවසන් කිරීමට වත්මන් යුක්රේන නායකත්වය උනන්දුවක් නොදක්වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
"වර්තමාන බලධාරීන් පැහැදිලිවම මේ සඳහා සූදානම් නැහැ. ඔවුන්ට නැවත තේරී පත්වීමට ඇති ඉඩකඩ අඩුයි" පුටින් පෙන්වා දුන්නේය. "සටන අවසන් කිරීමට ඔවුන් උනන්දු නොවන්නේ එබැවිනි, ඔවුන් කර්ස්ක් කලාපයේ මෙම ප්‍රකෝපකරනය කිරීමට උත්සාහ කළේ එබැවිනි, ඊට පෙර ඔවුන් බෙල්ගොරොද් කලාපයේ එම මෙහෙයුම සිදු කිරීමට උත්සාහ කරණු ලැබුවා." රුසියාව ඩොන්බාස් හි සිටින තම ජනතාව මෙන්ම අපගේ පොදු අනාගතය, රුසියාවේ අනාගතය ආරක්ෂා කිරීමට දිගටම කටයුතු කරනු ඇති බවද පැවසුවේය. "අපට එරෙහිව ආක්‍රමණශීලී සැලසුම් සකස් කරන සතුරු ව්‍යුහයන් අප අසලම නිර්මාණය කිරීමට ඉඩ දිය නොහැකියි." යනුවෙන් පැවසූ රුසියානු ජනාධිපතිවරයා " අපේ රට සහ රුසියානු සමූහාණ්ඩුව අස්ථාවර කිරීමට නිරන්තරයෙන් කරන උත්සාහයන්ට මොස්කව් පරිපාලනයට ඉඩදිය නොහැකියි" යනුවෙන් පැවසුවේය.
2022 ගැටුම ආරම්භයේ සිට එහි විශාලතම දේශසීමා ප්‍රහාරය සනිටුහන් කරමින්, පසුගිය මස මුලදී, කියෙව් රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයට දහස් ගණන් යුක්‍රේන භටයන් යොමු කළේය. යුක්රේන හමුදා ගැටුම ආරම්භයේදී දේශසීමා ප්‍රදේශ කිහිපයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර, අවසානයේ ඔවුන්ගේ ඉදිරි ගමන නතර කරන ලද බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසිය.
මොස්කව් හි නවතම ඇස්තමේන්තු වලට අනුව, අගෝස්තු 6 වන දින මෙහෙයුම ආරම්භයේ සිට යුක්‍රේන සෙබළුන් 7,800 කට වඩා, යුද ටැංකි 75 ක් සහ සන්නද්ධ වාහන 500 කට වඩා අහිමි කරමින් කියෙව් හමුදාවන්ට ආක්‍රමණයේ මිල අධික බව ඔප්පු කර ඇත.
Ukraine’s Kursk gambit failed – Putin
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්