අමෙරිකාව වෙනිසියුලානු ජනාධිපති මදුරෝගේ ගුවන් යානය අත්අඩංගුවට ගත්තා - සී එන් එන් පුවත් සේවය
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් භාවිතා කරන ලදැයි පැවසෙන ගුවන් යානයක් අමෙරිකා එක්සත් ජනපද රජය විසින් රාජසන්තක කර ඇතැයි වාර්තා වේ. ගුවන් යානය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ කැරකස් පරිපාලනයට එරෙහිව වොෂින්ටන් පරිපාලනය පනවා ඇති සම්බාධක කඩ කිරීම බව සීඑනෙන් පුවත් සේවය ඊයේ (02) වාර්තා කළේය.
වොෂින්ටන් පරිපාලනය වෙනිසියුලානු ජනාධිපති මදුරෝට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර පසුගිය වෙනිසියුලානු ජනාධිපතිවරණ දෙකේදී ඔහු ලැබූ ජයග්‍රහණ පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කළේය.
“විදේශීය රාජ්‍ය නායකයාගේ ගුවන් යානය අල්ලා ගැනීම අපරාධ කාරණා සඳහා පාදක වන්නක් නොවේ. අපි මෙහිදී පැහැදිලි පණිවිඩයක් යවන්නේ කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවත්, කිසිවෙක් එක්සත් ජනපද සම්බාධකවලට වඩා ඉහළින් නොසිටින බවත් යන්නයි.” නම සඳහන් නොකළ වොෂින්ටන් නිලධාරියෙක් ඊයේ(23) මෙම සිද්ධිය මුලින්ම වාර්තා කළ සීඑන්එන් වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
සීඑන්එන් පුවත් සේවයට අනුව, යානය ඩොලර් මිලියන 13 ක් පමණ වටිනා වන අතර එය ඩොමිනිකන් රජයේ බලධාරීන්ගේ සහයෝගයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සීඑන්එන් පුවත් සේවය ගුවන් යානයේ වර්ගය හඳුනාගෙන නොමැති අතර එය ඩොමිනිකන් ජනරජයේ ගුවන් තොටුපලකදී අත්අඩංගුවට ගෙන ෆ්ලොරිඩාවේ මියාමි ගුවන් තොටුපල වෙත පියාසර කළ බව පමණක් වාර්තා කළේය. අමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක, වාණිජ සහ යුක්තිය පසඳිලීමේ දෙපාර්තමේන්තුව ගුවන් යානය අත්පත් කර ගැනීමට සම්බන්ධ වී ඇති බවද සීඑන් එන් පුවත් සේවය වාර්තා කළේය.
Miami Herald පුවත් පත මෙම ජෙට් යානය Dassault Falcon 900EX ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රංශයේ නිෂ්පාදිත විශේෂිත ජෙට් යානයක් වේ. එම යානය මීට පෙර කියුබාව, බ්‍රසීලය සහ ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් වෙත පියාසර කර ඇති අතර, බොහෝ අවස්ථාවල වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ යානයේ ගමන් කර ඇත. එය සැන් මරිනෝ රාජ්‍යයේ ලියාපදිංචි වී ඇති බවද වාර්තා වේ.
මියාමි හෙරල්ඩ් පුවත් සේවය විසින් එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) වාර්තා උපුටා දක්වමින් ෆ්ලොරිඩාව පදනම් කරගත් සමාගමක් විසින් මෙම ගුවන් යානය ශාන්ත වින්සන්ට් හි සමාගමකට විකුණා දමා ඇතැයි පවසයි. පසුව එය සැන් මරිනෝ රාජ්‍යයේ සමාගමක් වෙත නැවත විකුණා ඇත. කෙසේ වුවද ගුවන් යානය මිළදී ගත් සමාගම වෙනිසියුලාවට අයත් දුරකතන සේවා සපයන සමාගමක් බවත්, එම ගනු දෙනුවෙන් වෙනිසියුලාවට පනවා ඇති සම්බාධක කඩ කළ බවත් ඇමෙරිකානු රජය චෝදනා කරයි.
ඇමරිකානු නිලධාරීන් වෙනිසියුලාවට අයත් මෙම ජෙට් යානය එක්සත් ජනපදයේ “එයාර් ෆෝස් වන්” ගුවන් යානයට සමාන බව විස්තර කරමින් පවසා සිටියේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ එම යානයෙන් ස්ථාන ගණනාවකට පියාසර කර ඇති බවයි. පසුගිය ජූලි 28 වනදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසු වෙනිසියුලාව ඩොමිනිකන් දිවයින සමඟ වාණිජ ගුවන් ගමන් අත්හිටුවීම නිසා එය ඩොමිනිකන් ජනරජයට සේන්දු වූයේ කෙසේද යන්න අපැහැදිලි බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.
සීඑන්එන් පුවත් සේවයට අනුව, වත්කම් රාජසන්තක කිරීමේ ක්‍රියාවලිය හරහා යානය රාජසන්තක කිරීමට එක්සත් ජනපදය අදහස් කරයි. මෙයින් අදහස් කරන්නේ වෙනිසියුලාවට එය න්‍යායාත්මකව උසාවියේදී අභියෝග කළ හැකි බවයි. කෙසේ වුවද එසේ කිරීමට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු දැක්විය යුතු මාර්ගයක් සොයාගත යුතුය.
කෙසේ වුවද මේ වසරේ එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගත් දෙවන වෙනිසියුලානු ජෙට් යානය මෙයයි. මේ වසරේ පෙබරවාරි මාසයේදී ආර්ජන්ටිනාව විසින් 2022 දී රාජසන්තක කරන ලද බෝයිං 747-300M භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එක්සත් ජනපදයට යවන ලද අතර එම යානය කැරකස් පරිපාලනය විසින් අනුමත ඉරාන සමාගමකින් මිලදී ගත් බව කියනු ලැබේ. මදුරෝ මෙම රාජසන්තක කිරීම හැඳින්වූයේ ආර්ජන්ටිනාවේ ජනාධිපති ජේවියර් මිලෙයිගේ ආන්ඩුව අමු අමුවේ කළ සොරකමක් ලෙසිනුයි.
මේ අතර පසුගිය වසරවලදී වොෂින්ටනය ඩොලර් බිලියන 2 ක් වටිනා වෙනිසියුලානු බැංකු ගිණුම් සහ වත්කම් අත්පත් කර ගෙන ඇති බව නම් සඳහන් නොකළ අමෙරිකානු නිලධාරියෙක් සීඑනෙන් වෙත පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..