දිවුල්පොතාන ප්‍රශ්නය හඳුනාගනිමු
කලින් මඩකලපුව කියල පළාතක් තිබුණේ නෑ. මේක ඉතිහාසගත දිගාමඩුල්ලයි. සිංහල මිනිස්සු ලේ කඳුළු දහදියෙන් ගොඩ නගපු දිගාමඩුල්ලයි.ඒ ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.
ඒ පළාතේ විතරක් බෞද්ධ ස්මාරක පන්සීයකට වඩා සොයා ගෙන තිබෙනවා. සිංහල බෞද්ධයන් සිටි පළාතක් ජන ශූන්‍ය වුනේ සතු ආක්‍රමණ නිසා. විසිවන සියවසේ මුල් භාගෙ වෙනකොට පාරම්පරික ගැමියන් මේ පළාත් වල යළිත් පදිංචි වී වගා කරන්නට පටන් ගන්නවා. 1911 සංගණනය අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ විතරක් සිංහල ජනයා පන්දාහක් පමණ ජීවත් වෙලා තිබෙනවා.
1981 වර්ෂය වන විට මේ ප්‍රමාණය වැඩි වෙමින් තිබුණත් 1987න් පස්සෙ ඒ කියන්නේ කොටි යුද්ධයත් එක්ක සිංහල ජනයා අවතැන් වුණා. ඒ ඉඩම් දේපළ පස්සේ මුස්ලිම් අය කොල්ල කා ගත්තා අනෙක් ඉඩම් කැලෑවට ගියා. මහවැලි අධිකාරය පිහිටුවාලීමෙන් පසුව යුද්ධය නිසා මේ ප්‍රදෙහයන්හි හරිහැටි ජනතාව පදිංචි කලේ නෑ. යුද්ධයෙන් පස්සේ නැවත් පදිංචි කිරීම් පිළිබඳ කාර්යංශයන් තිබුනට සිංහල අය වෙනුවෙන් යුතුකම් ඉටු වූ යේ නෑ. දිවුල්පොතාන කෙවිලියාමඩු ආදී තැන් වල ඉන්න සිංහලයන් යුද්ධයෙන් පසු නැවත පදිංචියට පැමිණි අය. හිටපු ආන්ඩුකාර තිමියටත් මේ ගැටළුව විසඳන්නට බැරිවුනේ ඇයට අත් දැකීම් නොමැති නිසා. නමුත් සෙන්දිල් තොන්ඩමන් ආන්ඩුකාර වුණා විතරයි. ඔහු මහවැලි අධිකාරයට විරුද්ධව නඩු දැම්මා. ඒ නඩුව වෙනුවෙන් මහවැලි අධිකාරයට පෙනී සිටියේ නීතිපති නිළධාරීන්. මේ නීති නිළධාරීන් මහවැලියට බලපෑම් කලා නඩුව සමතයකට පත් කරගත යුතුයි කියලා. ඒ නිසා අවසානයේ ලැබුණු තීන්දුව ප්‍රකාර අනවසර පදිංචි කරුවන් ඉවත් කිරීමට තීරණය ලැබුණා.
ඒ අනුව තමයි දිවුලපොතාන ගම්වාසීන් නෙරපීමේ නියෝගය පැමිනෙන්නේ.දැන් අප ඉදිරියේ තිබෙන අභියෝගය නම් නැවත නඩුකාරකයට ගොස් මේ සිංහලයන්ගේ අයිතිය දිනා ගැනීමට කටයුතු කිරමයි. උද්ඝෝෂණය කළ යුත්තේ රටේ ජන අනුපාතය අනුව ජනයා පදිංචි කළ යුතුය යන ස්ථාවරයේ සිටයි.
- මතුගම සෙනෙවිරුවන් -


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..