News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සමාරම්බය.... ලංකාවේ ප්‍රථම සිංහල ,දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

Jul 27, 2024 at 05:45 PM
|

කලම්බෝ රේඩියෝ (කොළඹ ගුවන්විදුලිය) සංස්කරණය

මුල් කාලයේදී රේඩියෝ සිලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (ශ්‍රී. ලං. ගු. වි. සං.) දකුණු ආසියාවේ ඇති පැරණිම ගුවන් විදුලි ආයතනය වන අතර කොළඹ ගුවන්විදුලිය යන නාමයෙන් 1925 දී ආරම්භ කරන ලද්දකි. 1921 දී විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස වැඩ බාර ගත් එඩ්වර්ඩ් හාපර් මහතා, ලංකාවෙහි ගුවන්විදුලි සම්ප්‍රේෂණ අත්හදා බැලීම් ආරම්භ කල ප්‍රථම පුද්ගලයා වේ. පර්යේෂණ පදනමින් වූ ප්‍රථම සම්ප්‍රේෂණය 1923 දී සිදු විය - ලංකාවෙහි විදුලි සංදේශ කාර්යාලයයෙහි වූ කුඩා කාමරයක සිට, විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙහි ඉංජිනේරුවන් විසින් තනන ලද සම්ප්‍රේෂකයක ආධාරයෙන් ග්‍රැමෆෝන් සංගීතය විකාශය කරන ලදී - සම්ප්‍රේෂකය තනන ලද්දේ අල්ලා ගන්නා ලද ජර්මානු සබ්මැරීනයක තිබූ ගුවන් විදුලි උපකරණ භාවිතයෙනි. යුරෝපයේ සම්ප්‍රේෂණ සේවා ආරම්භ වී වසර 3ක් ගතවන විට ලංකාවෙහිද සම්ප්‍රේෂණ සේවා ආරම්භ කරන ලදී. 'ලංකාවෙහි‍ ‍ගුවන්විදුලි සම්ප්‍රේෂණයෙහි පියා' ලෙස හැඳින්වෙන එඩ්වර්ඩ් හාපර්, ඉංග්‍රීසි හා සිංහල ගුවන් විදුලි ලෝලීන් සමග එක්වී සිලෝන් වයර්ලස් ක්ලබ් ලෙස සමාජයක් නිර්මාණය කලේය. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් සාමිවරයා 1925 වසරේ දෙසැම්බර් 16 වැනිදා ප්‍රථම වතාවට කලම්බෝ රේඩියෝවෙන් ජාතිය අමතා කතා කලේය. මෙය ඉතිහාසගත අවස්ථාවක් විය. අන්තර්ජාතික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ඉතිහාසය ගත් කල, ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සම්ප්‍රේෂණ සම්ප්‍රාප්තිය මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය යන රටවල් සමඟ මෙරට සමතත්ත්වයෙහි ලා තබයි. ගුවන් විදුලි සම්ප්‍රේෂණ ලෝකයේ ශ්‍රී ලංකාව පෙරමුණ ගත් රටක් විය.

රේඩියෝ සිඇක් සංස්කරණය

දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර හමුදා කොළඹදී ගුවන් විදුලි මෙහෙයුම් සිදු කරන ලද අතර එමඟින් රේඩියෝ සිඇක් හි උපත සිදු විය. අග්නි දිග ආසියාව හරහා මිත්‍ර හමුදා වෙත පුවත් සහ ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කල නිවේදකයින් අතර කොළඹ පදනම් කරගත් බ්‍රිතාන්‍ය නිවේදකයින් වන ඩේවිඩ් ජේකොබ්ස් සහ ඩෙස්මන්ඩ් කැරිංග්ටන්(මොවුහූ යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව (බී. බී. සී) ට බැඳුනහ) වැනි අයද වූහ. යුද්ධය අවසන් වූ පසු රේඩියෝ සිඇක් නැවතත් ලංකා ආණ්ඩුවට ලබා දෙන ලද අතර, එහිදී රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) ලෙස එහි නාමය වෙනස් කරන ලදී. මෙම නමෙහි සිදු වූ වෙනස, දකුනු ආසියාවේ ගුවන් විදුලි විකාශනයේ නව පිටුවක් පෙරලීමෙහි පෙර මග සලකුණු කළේය. ආයතනය ඉතා ඉක්මණින් දකුනු ආසියානු වෙළෙඳපොල ප්‍රමුඛයා බවට පත්විය.

රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) සංස්කරණය

1950 සහ 60 දශක වලදී රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) දකුණු ආසියානු ගුවන් විදුලි ආධිපත්‍යය දරමින් ඉහළින් වැජඹුනි. මිලියන ගණනක් ශ්‍රාවකයෝ එහි වැඩසටහන් වලට සවන් දුන්හ. මෙය රේඩියෝ සිලෝන්හි ස්වර්ණමය යුගය විය. කොළඹ ක්‍රමය යටතේ, ඕස්ට්‍රේලියාවෙහි සිට ක්ලිෆර්ඩ් ඩොඩ් නම් කලමණාකරුවෙක් ගෙන්වන ලදී. රේඩියෝ සිලෝන්හි වෙලඳ සේවය ආරම්භ කරන ලද්දේ ඩොඩ් විසිනි - අති සාර්ථක වූ එමඟින් දිවයිනට මිලියන ගණනක ආදායමක් ලැබිණි. රේඩියෝ සිලෝන් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලෝකයේ බිහිවූ හොඳම නීවේදකයන් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නවුන් පිරිසක් තනන ලදී. ඉන් කිහිප දෙනෙක් වන්නේ ලිවී විජේමාන්න, වර්නන් කොරයා, පර්ල් ඔන්ඩච්චි, ග්රෙලග් රොස්කොව්ස්කි, ටිම් හෝර්ශින්ග්ටන්, ක්ලෝඩ් සෙල්වරත්නම්, ජිමී බරුචා, තේවිස් ගුරුගේ, එ'. ඩබ්ලියු. ධර්මපාල, කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, එච්. එම්. ගුණසේකර, එස්. පී. මයිල්වාගනම්, ඥානම් රත්නම්, නිහාල් භාරතී ලියෝන් බෙලත්, එරික් ප්රචනාන්දු, නිරන්ජන් අබේසුන්දර, මොලී වල්පොල, නී පොන්නම්පලම්, නොයෙලින් හොන්ටර් සහ විජය කොරයා යන පිරිසයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයන්ට උපකාර වූයේ නිදහස් මාවතේ තිබූ ශබ්දාගාර වල සාමාජික කල්ලියේම සිටි, ඉතා කැපවීමෙන් ක්‍රියා කල ගුවන් විදුලි මෙහෙයුම් සහායකයන්ය. මෙම විශිෂ්ට මෙහෙයුම් සහායකයන් අතර ක්ලිෆර්ඩ් බස්නායක, සිසිර චන්ද්‍රසේකර, වසන්ත ලංකාතිලක සහ මහින්ද ප්‍රනාන්දු යන අය විය.

ලංකා ගුවන් විදුලි සංස්ථාව සංස්කරණය

ලංකා ගුවන් විදුලි සංස්ථාව ආරම්භ වූයේ 1967 වර්ෂයේ දෙසැම්බර් 5 වැනිදා එවකට පැවති රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) මහජන සංස්ථාවක් බවට පත්වීමෙන් පසුවය. 1967 දී ලංකාවෙහි ගරු අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක විසින්, අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස හා ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි අධ්‍යක්‍ෂ ජනරාල් නෙවිල් ජයවීර සමඟ උත්සවාකාරයෙන් අලුතින් පිහිටුවන ලද ලංකා ගුවන් විදුලි සංස්ථාව විවෘත කරන ලදී. රිජ්වේ තිලකරත්න (1973 – 1977) සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරීය.

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)






සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.