නලින්ද උස්සාගෙන ආව පොත කියෙව්වේ නැතත්, කවරය විතරක්වත් කියෙව්වානම්, පොත නිකුත් කළ ආයතනය ගැන දැන ගන්න තිබුණා - රවී කුමුදේශ්
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් තබන ලද සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකරන ලද ප්‍රකාශයකට අදාළව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ මහතා අදහස් පළ කරයි.
ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇති දීර්ඝ සටහන මෙසේය.
කවරය විතරක්වත් කියෙව්වානම්, පොත සහ පොත නිකුත් කරන ආයතනය කියන්නේ දෙකක් කියලා තේරුම් ගන්න තිබුණා..
නලින් හේවගේ කෙහෙල් ගහට කොටලා හොට ගලවා ගන්නත් කලින්, නලින් හේවගේව පාවලා දීපු නලින්ද ඇමතිතුමා කෙහෙල් ගහට කොටා ගත්තා.
කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස ‘ඉන්දියානු ෆාමකෝපියා කොමිසම’ (Indian Pharmacopoeia Commission) කියන්නෙ පොතක් බව කැබිනට් මාධ්‍ය හමුවේදී කිව්වා. එයාලගෙ අනුගාමිකයො දැන් ඒක සමාජ මාධ්‍ය වලත් උස්සගෙන දුවනවා.
අන්ධ මිනිස්සු අලියෙකු ගැන විස්තර කරනවා වගේ” කියන ජනප්‍රිය ප්‍රස්තාව පිරුළට ඔහු හොඳ උදාහරණයක්.
ඉන්දියන් ෆාර්මකෝපියා කියන්නේ පොතක් විතරක් නෙවෙයි, ඒ පොත නිකුත් කරන ආයතනයේ නමත් ඉන්දියානු ෆාර්මකෝපියා කොමිසම ( IPC).
නලින්ද උස්සාගෙන ආව පොත කියෙව්වේ නැතත්, කවරය විතරක්වත් කියෙව්වානම්, පොත නිකුත් කළ ආයතනය ගැන දැන ගන්න තිබුණා.
ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය (NMRA එක) ෆාර්මකෝපියා පිලිගත්තා කියන එක තමයි ගිවිසුම. ඒක තමයි ප්‍රශ්නය. පුබුදු කිව්වෙත් ඒක.
දැන් ලංකාවට ඉන්දියානු ඖෂධ ගේද්දී බලපාන්නේ ඉන්දියානු ප්‍රමිතිය මිස ලංකාවේ ප්‍රමිතිය නෙවෙයි. (දැන් තේරෙනව ඇති ජරා බෙහෙත් නිකම්ම හොද බෙහෙත් වෙන විදිහ)
අපේ ලෙඩ්ඩුන්ට බාල බෙහෙත් පටවන්න ඉන්දියාවට අවසර දෙන ගිවිසුම තමයි අත්සන් කලේ කියලා නලින්දම පිලිගන්නවා.
නලින්ද වෘත්තියෙන් වෛද්‍යවරයෙක්, ඒ වුණත් දේශපාලකයකුවීම නිසාත් ජා.ජා.බ. ආණ්ඩුව බේරාගන්න මාධ්‍ය ප්‍රකාශකයකු වෙන්න සිදුවීම නිසාත් ‘ඉන්දියානු ෆාමකෝපියා කොමිසම’ (Indian Pharmacopoeia Commission) කියන්නෙ පොතක් කියලා, තමන්ගෙ සාමාන්‍ය දැනීම කොච්චරද කියලා පෙන්වලා. තමන් මාධ්‍ය ඉදිරියේ පැහැදිලි කරන්න යන දේ ගැන විනාඩියකට කලින් ගූගල් කළා නං ඇමති නලින්දට www.ipc.gov.in වෙබ් අඩවිය හමුවෙනවා.
ඇයි මේ ඇමති නලින්දට මෙහෙම පටලැවිල්ලක් වුණේ?
පහුගිය 5 වෙනිදා නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී එන්පීපී ආණ්ඩුව, ඉන්දීය රජය සමඟ අත්සන් කළ ගිවිසුමකින් ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ (NMRA) සතු තොරතුරු ඉන්දියානු ඖෂධ කොමිසමට භාර දීමට මග පෑදීම පිළිබඳ බුබුදු ජාගොඩ කල කථාවකට පිළිතුරක් විදිහට තමයි නලින්ද මේ උත්තරේ දෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..