
මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ හූ කියනු ලැබුවේ දැනුවත්ව බවත් ඔහු ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ නායකයෙකුව සිටිමින් ගුජාරාට් ප්‍රාන්තයේ මහ ඇමති ධූරය දරමින් ඉන්දියාවේ මුස්ලිම් වැසියන් දාහකට ආසන්න සංඛ්‍යාවක් මරා දැමූ පුද්ගලයෙකු බවත් ජන අරගල සන්ධානයේ දුමින්ද නාගමුව මහතා පැවසූවේය. එලෙසම මෝදි මහතා මුස්ලිම් භක්තිකයන්ගේ පල්ලියක් සම්පූර්ණයෙන්ම විනාශ කර එහි හින්දු පල්ලියක් ගොඩ නැගූ ශිව සේනා සංවිධානයේ නායකයෙකු වූ බවද පැවසූ දුමින්ද නාගමුව මහතා ඉන්දියාවේ ගොවීන්ව ආරක්ෂා කිරීමට දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ බලපැවැත්වූ පනත් වෙනස් කිරීමට කටයුතු කරමින් එයට විරුද්ධ වූ ගොවින්ට වෙඩි තැබීමට අණ කළ නායකයෙකු බවද පැවසුවේය. ඒ මහතා මේ බව පැවසුවේ ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, ඒ මහතා පැවසුවේ මෝඩි යනු ඉන්දියානු කම්කරුවා ගොවියා ඇතුළු සියලු ඉන්දීය පීඩිත පන්ති සාමාජිකයා පීඩාවට පත් කළ පුද්ගලයෙකු බවයි.
ත්‍රිකුණාමලයේ හින්දු කෝවිලකට හෝ නුවර එලියේ හින්දු කෝවිලකට මුදල් දුන් පමණින් මෝඩි පිරිසිදු මිනිසෙකු නොවන බව පෙන්වා දුන් දුමින්ද නාගාමුව මහතා මෝඩි යනු හින්දු අන්තවාදය පතුරවන්නකු බවයි.
ඒ අනුව හින්දු අන්තවාදය ශ්‍රී ලංකාව තුළ පැතිරවීමේ සැලැස්මකට අනුව මෝඩි ක්‍රියාත්මක වෙමින් සිටින බවද අවධාරණය කළේය.
දවසේ පින්තූරය බලා සිදුවීම් තේරුම් ගැනීමට උත්සහා කරන සමහර රටකරවන නායකයින්ට මෝදි ඉතාම සැලැස්මකට අනුව කටයුතු කරමින් සිටින බව අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයාගේ හැසීරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා පවසා සිටියේ කොටියෙකුගේ පින්තූරයක් මෝඩිට තෑගි කරන විපක්ෂ නායක මේ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකරන බවයි.
නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ "රයිසින් භාරත්" සමුළුවට ගොස් ප්‍රධාන දේශනයක් පවත්වා ඇති බවද පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ මෝඩිට හීලෑ වී සිටියද සමහර දේශපාලන පක්ෂ මේ වෙනුවෙන් හඬ නගන බව පැවසූ දුමින්ද නාගමුව මහතා ජන අරගල ව්‍යාපාරය මේ අනතුර පසුගිය මැතිවරණ දෙකේදීම ජනතාවට පෙන්වා දුන් බවද පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරට සංචාරයකට සූදානමින්..
