මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ඉන්දියාව නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කර ඇති නමුත් ශ්‍රී ලංකා රජය මෙතෙක් එයට එකඟතාවය දක්වා නැති බව වාර්තා වේ.
2002 දී එවකට ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර ගොඩබිම් පාලමක් යෝජනා කළේය. ඒ රාම් සේතු හෙවත් ආදම්ගේ පාලම නමැති පුරාණ ගොඩබිම් සම්බන්ධය පදනම් කරගෙනය.
සැලැස්මට අනුව, මාර්ග සහ රේල් පාලම් සම්බන්ධතා සංවර්ධනය කිරීමට යෝජනා කරන ලදී.
පසුව නැවතත් දෙපාර්ශවය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ අතර එය පසුගිය රජය සමයේ නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයට පවා ඇතුළත්ව තිබුණි. පසුගිය වසරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නවදිල්ලි සංචාරයෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට එය ඇතුළත් කර නොතිබුණද.
අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය පාර්ශ්වය එය යෝජනා කළේය. වාර්තා වූ පරිදි ශ්‍රී ලංකා රජය එයට ක්ෂණික ප්‍රතිචාරයක් නොදැක්වීය.
අග්‍රාමාත්‍ය මෝදි, ශ්‍රී ලංකාවෙන් ආපසු යන අතරමගදී, ඉන්දියානු සාගරයට ඉහළින් සැතපුම් 30ක් (කිලෝමීටර් 48ක්) විහිදෙන ස්වභාවික හුණුගල් විශාල දාමයක් වන ආදම්ගේ පාලම ලෙසද හැඳින්වෙන රාම් සේතු දර්ශණය වූ බව විශේෂයෙන්ම සදහන් කර තිබුණි. මෙම පෞරාණික ගොඩබිම් පාලම එහි භූ විද්‍යාත්මක, ඓතිහාසික වැදගත්කම ද ඔහු පවසා ඇත. පුරාණ හුණුගල් පාලම රාම් දෙවියන් විසින් ඉදිකරන ලද්දක් ලෙස සැලකේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..