News Category
From Date
To Date
Maximum Number of Result

පුත සුර්යයා

Apr 9, 2025 at 08:41 AM
|

පුත සුර්යයා
බලවත් අධිරාජ්‍යයක් ගොඩනගා සාර්ථක අධිරාජ්‍යයකු වීමට තමන් බලාපොරොත්තු වන ලෝකයේ යුද්ධ දහසක් කරනවා වගේම සමහර ඉලක්කයන් කපටියන් වංචාකරුවන් ලවා තමන් වෙත දිනා ගන්නට උපාය මෙහෙයවන්න අධිරාජ්‍යයා ප්‍රඥාගෝචර විය යුතුය.
( රාවණා ටෙලි නාට්‍යෙය් දෙබසකි)
( ඇත්තටම ලංකාවෙන් චංචනිකයා අධිරාජ්‍යවාදී භාරත මෝදිට ඉහළම සම්මාන පදක්කමක් පැලදුවා නොවේ. ලංකාව ඉන්දියාවට නිළ වශයෙන් එල්ලුවේය එය සිදුවුනේ නිකම්ම නොවේ අධිරාජ්යවාදියා කපටියන් වංචාකරුවන් තමන්ට දිනාගත් ප්‍රඥාගෝචර හරහාය.)
............... නුවන් මොණරවිළ..................


සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපතිවරයාත් ඔහුගේ මාලිමා ඩෝබි වරුන්ටත් අපේ රට ඓතිහාසික රාජ්‍යයක් බව පිළිගැනීමට හීනමානයක් ඇත. සිංහල බෞද්ධ සංස්කෘතිය සමග අදවන විට ගැටුම පවතින්නෙ පැරණි ජවිපෙ තුළ වු මාක්ස්වාදි භෞතිකවාදය නොව හරිනිලා සමග ජවිපේ ආක්‍රමණය කල නියෝ ලිබරල් නිරාගමික සමලිංගික මතවාදයයි. ජවිපේ ජනප්‍රිය පැවත්ම ‍රැඳි පවතින්නේ මාලිමාව තුළයි. ජාතික විමුක්ති අරගලය ඔස්සෙ සමාජවාදයට පාර සෙවු පැරණි ජවිපේ අද දේදුනු මාලිමාව ඉදිරියේ දණ ගසා ඇත.
සිංහල හින්දු අවුරුද්ද යනු අප ලෝකයේ පවත්වන සංස්කෘතික උත්සව වලින් තවත් එක් පැරණිතම එකකි. ලංකාව හැරුණුකොට තවත් රටවල් කිහිපයක් ඒ ඒ රටේ සංස්කෘතික සංකල්ප අනුව සමරන මේ අවුරුදු උදාව ගොඩ නැගී තිබෙන්නේ ජෝතිශ්‍ය විද්‍යාව පදනම්වය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වැනි ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වැනි බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණෙන්නේ 1987 වසරේ වුවද 13 වැනි සංශෝධනයට මුලපුරණ සිදුවීම් මාලාව ආරම්භ වූයේ 1983 වසරේ දී බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ මස්සිනා මියගොස් ඇත. අවසන් කටයුතු අද (04/03) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
ඉම්රාන් ඛාන් සිවිල් ඉංජිනේරුවෙකුගේ පුත්‍රයෙක් වංශවත් පවුල් පසුබිමක උරුමක්කරුවෙක්. 1952 පාකිස්තානයේදී උපන්නත් 1971දී එංගලන්තයේ වූස්ටර්හි රාජකීය ව්‍යාකරණ පාසලට (Royal Grammar School) ඔහු ඇතුළත් වුණේ ක්‍රිකට් ක්‍රීඩාවත් කරන ගමන්.
කලකට පෙර සිදු වූ සිදුවීමකදී කඩොලාන ඇති භූමියක ළමයිට සෙල්ලම් කරන්න ක්‍රීඩා පිට්ටනියක් හදන්න ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමක් කරනවා. එතකොට වනජීවි දෙපාර්තමේන්තුවෙන් පෙනී සිටි නිලධාරිනිය ඊට විරුද්ධ වෙනවා. එතනදී වනජීවි නිලධාරිනිය රජයේ නිලධාරිනියක් විදියට නිවැරදියි. ඇය කීවේ නීතියට පිටින් ක්‍රියා කරන්න බෑ කියලා.

ප්‍රධාන පුවත්

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)

මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව සිදුකළ නොහොබිනාම දේ තිලක් සියඹලාපිටිය මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීම බව සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි. ''රට අඳුරට යවන සූර්‍ය බල අවමඟුල" ලෙසන් වීඩියෝවක් යූ ටියුබ් නාලිකාවට එක් කරමින් ඔහු මෙසේ පවසයි.

හිසතෙල් ගෑමේ නැකැත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබේ.

ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉදිරියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා - හරිනි අමරසූරිය

"සෞභාග්‍යමත් රටක් සහ සුන්දර ජීවිතයක්" අපේක්ෂා කරන ජාතික ජන බලය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉදිරියේදී අහෝසි කරන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

යුක්රේනයේ සුමි නගරයේ පැවැති යුක්රේන යුද හමුදා සම්මාන ප්‍රදානෝත්සවයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් - යුක්රේන මන්ත්‍රීවරයෙක් පවසයි

ඉදිරි ආරක්ෂක වලල්ල අසල පිහිටි යුක් රේනයේ නගරයක් වන සුමි නගරයේ පැවැති යුක්රේන හමුදාවේ සම්මාන ප්‍රදානෝත්සවයක් සඳහා පෙළ ගැසී සිටි යුක්රේන හමුදා වෙත රුසියානු මිශයිල මගින් පහර දී ඇති බව යුක්රේන නීති සම්පාදකවරියක් වන ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ දේශපාලන පක්ෂයේ හිටපු සාමාජිකා මරියානා බෙසුග්ලායා පැවසීය.

මම වරදක් කර නෑ.. ඒ නිසා කාගෙන්වත් සමාවක් අවශ්‍ය නැහැ.. අවශ්‍ය සාධාරණත්වය විතරයි - ගෝඨාභය කියයි (වීඩියෝ)

ඇතමුන් රාජපක්ෂලාට සමාව දිය යුතු යැයි පවසන බවත්, එහෙත් තමන්ට එසේ සමාවක් අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ සාධාරණත්වය පමණක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව... පුණ්‍ය කාලය අපර භාග 8.57ට... අලුත් අවුරුදු උදාව 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට..

අභිනව චන්ද්‍ර මාස වර්ෂය සඳහා අභිනව සූර්ය වර්ෂ සඳහා මැයි 01 වැනි බ්‍රහස්පතින්දා නව සඳ බැලීම මැනවි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ රියන්සි අර්සකුලරත්නගේ (PC) සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලද බව එම අමාත්‍යාංශය නිවේදනය කරනු ලබනවා.

‘මමයි දෙවන එමීර්වරයා’..- පාස්කු සංහාරය ගැන නවුෆර්, FBI වෙත සියල්ල හෙළිකරයි..

2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ විනාශකාරී බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු ඉස්ලාමීය රාජ්‍ය (ISIS) යේ ලංකාවේ පිහිටුවා තිබු තිප්පොලෙහි ප්‍රධාන නායකයෙකු වන මොහොමඩ් නවුෆර්, ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. සමඟ කළ සම්මුඛ සාකච්ඡා කිහිපයකින්, මාරාන්තික ත්‍රස්තවාදී ක්‍රියාව ක්‍රියාත්මක කිරීමට හේතු වූ ව්‍යුහය, සැලසුම් කිරීම, පුහුණුව සහ ඉගැන්වීම හෙළිදරව් කළ ආකාරය එෆ්.බී.අයි. වර්තාව උපුටා දක්වමින් ශ්‍රීලංකා ගාඩියන් වර්තා කර ඇත.

ඩග්ලස් පීරිස් ඉන්න තැන මම දන්නවා... ඔහුව අත්අඩංගුවට නොගැනීම ගැන ටිල්වින්ලා ලැජ්ජා වියයුතුයි - ඉන්ද්‍රානන්ද සිල්වා...(වීඩියෝ)

ඇප කොන්දේසි කඩකර ස්විට්සර්ලන්තයට පළාගිය පුද්ගලයකු වන හිටපු පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් සිටිනා තැන පෙන්වීමට තමන් හෙට ජවිපෙ පැලවත්ත මූලස්ථානයට වුවද පැමැණෙන බවත්, ඩග්ලස් පීරිස් නමැති පුද්ගලයාට මෙසේ සිටිය නොහැකි බවත්, ඔහුව අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාර ගතකළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික ඉන්ද්‍රානන්ද සිල්වා මහතා පවසයි.

වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (11 දා) සිය සහතිකය සටහන් කළේය.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.