කොතලාවල ප්‍රමිතිය බලන්නේ මුදලාලිලා ද? ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද?
ආන්දෝලනයකට තුඩු දී ඇති ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා දැන්වීම් පළකිරීමෙන් පසු දහසකට ආසන්න අයදුම්පත් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා පවසා තිබේ.
ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිදුන් ජීවත්ව සිටියේ නම් ඒ පුවත අසා නැවත වරක් මියදෙනු ඇත.
එතුමා තම වත්කම් සියල්ල පවරා අවසන් කැමැත්තෙන් ලියා* දැන්වූයේ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය ඉහළ ගණයේ නිලධාරීන් බිහිකිරීම මිස මුදලට වෛද්‍ය අධ්‍යාපනය විකිණීමට නොවන බැවිනි.
කෙසේ වෙතත් වර්තමානය විසින් ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිදුන්ගේ අවසන් කැමැත්ත ද විනාශ කොට එතුමාගේ නාමයට ද අවමන් කර ඇති බව අද වන විට රටට වැටහී ඇත.
මීට පෙර වසා දැමුණු සයිටම් ආයතනයත් තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා ලංකාවේ ඉහලම සුදුසුකම් සහිත ළමයින් තමන් ළඟ සිටින බව පැවසූවත් අන්තිමේද එක දෙක තුන කණ්ඩායම් හැර ඉතුරු කණ්ඩායම් වල උසස් පෙළ අසමත් ළමුන් තිස් දෙනකුට වැඩි ප්‍රමාණයක් සිටි බව කීවේ අප නොව රජයේ පුවත්පතක් වන දිනමිනයි 1/2/3 කණ්ඩායම්වල සිටි උසස් පෙළ අසමත් ළමුන් ගණන කවුරුත් දන්නේ නැත.
අපට වාර්තා වන ආකාරයට 1.8995 සිට 1.0022 දක්වා කොටසක්ද 0. 9985 සිට සෘන - 0.423 දක්වා ඉසඩ් අගයන් සහිත සිසුන් කොතලාවල වෙත ඉල්ලුම් පත්‍ර යොමු කර ඇත.
ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අතරින් 419 ක ප්‍රමාණයක් උසස් පෙළ ඉසෙඩ්කෝ අගය 0 හා රින අගයට පහලින් ඇති සිසුන් වන බවද වාර්තා වේ.
එසේම අන්තර්ජාතික පාසල්වල ඉගෙන ගත් සිසුන්ද යම් ප්‍රමාණයක් අයදුම්පත් ඉදිරිපත් කර ඇත.
ඉහත කරුණු අනුව මෙමගින් අපගේ රටට බලපාන ගැටලු කිහිපයක් තවමත් නිරාවරණය නොවී පවතී.
එසේම එමගින් ලෝක වෛද්‍ය සභාව විසින් පිළිගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ නිර්ණායක උල්ලංඝනය වෙමින් පවතී.
වසර තුන හතරක අධ්‍යාපන කාලරාමුවක් වෙනසක් ඇති ජාත්‍යන්තර පාසල්වල සිසුන් සහ ජාතික පාසල් වල සිසුන් තෝරා ගැනීමේ පදනම ද දක්වා නැත එමගින් පැහැදිලිව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වේ.
ඉසඩ් කෝ අගය බින්දුව සහ රින අගය සහිත සිසුන් තෝරා ගන්නේ ද නැද්ද අවසන් තීරණය ගන්නේ කොතලාවල වෛද්‍ය පීඨය විසිනි ඔවුන්ට එවැනි තීරණයක් ගත හැකිද යන්න දැඩි ප්‍රශ්නයකි.
එසේම මුදල් නැති මීට වඩා සුදුසුකම් ඇති සිසුන් ගේ මානව හිමිකම් මේ අනුව උල්ලංඝනය වන බවද පැහැදිලිව පෙනී යන්නකි.
එසේම අපේ රටට අවශ්‍ය වෛද්‍යවරුන් පමණක් ද යන්න ද මෙමගින් ගැටළුවක් පණ නැගී.
වසරකට රජයේ වෛද්‍ය පීඨ වෙත තේරී පත්වන සිසුන් 2200 න් අනතුරුව ඉතුරු වන සිසුන් පිළිවෙලින් දන්ත වෛද්‍ය පීඨය පශු වෛද්‍ය පීඨය කෘෂි පීඨය ජීව විද්‍යා පීඨ වෙත මීට පෙර ඉල්ලුම් කළත් වත්මන් තත්ත්වය අනුව එසේ ඉල්ලුම් නොකර සිටීමෙන් අදාල ආයතනවලට සිසුන් බඳවා ගැනීමද ගැටලුවක් වනු ඇත.
සමාන්‍යයන්ට අසමාන ලෙස සලකන ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්තිය ද උල්ලංඝනය වනු ඇත
එසේම ලෝකයේ පළමු වතාවට රජයේ සිවිල් ආයතනයක් නොව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින හමුදාවෙන් පාලනය කරන ආයතනයක් වන කොතලාවල වෛද්‍ය පීඨය වෛද්‍ය අධ්‍යාපනය විකුණන තැනක් වනු ඇත.
එය ජාත්‍යන්තර නීති රීති හා ගැලපෙන්නේද නැත.
ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් වෛද්‍ය විද්‍යාව සඳහා රටේ ඉහළම සුදුසුකම් ලබන සිසුන් තෝරා ගනිද්දී ඔවුන් හරහා තම රටේ ජාතික සෞඛ්‍ය පද්ධතිය ලෝකයේ ඉහළටම ඔසවාගෙන එම රටවල් කටයුතු කරද්දී
අපේ රටේ පාලකයන්ට හා ඇතැම් අයට අධ්‍යාපනයේ නිදහස යනුවෙන් ඉල්ලනුයේ මුදල් නිසා අවම සුදුසුකම් ලබන සිසුන් වෛද්‍යවරුන් කර රටේ සෞඛ්‍ය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්දැයි මේ අනුව බරපතළ සැකයක් පැන නැගී ඇත.
අධ්‍යාපනයේ නිදහස යනුවෙන් හැඳින්වෙන්නේ මුදල් මත තමන්ගේ දරුවන් වෛද්‍යවරුන් කිරීමේ උවමනාව සහ එමගින් රටේ සෞඛ්‍ය විනාශ කිරීමද යන්න බරපතළ ගැටලුවකි.
කොතලාවල විශ්ව විද්‍යාලය මේ තත්ත්වයට ඒමට පාදක වී ඇත්තේ මීට පෙර ඔවුන් විසින් විදේශ සිසුන් පනහකට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව බඳවා ගත්තත් මෙවර එය 15 දෙනෙකුට පමණක් සීමා වී ඇති බව වාර්තා වේ.
ප්‍රමිතිය ආරක්ෂා කළේ නම් පනහ වෙනුවට සීයක් හෝ ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
එම ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට නොහැකිවු කොතලාවල විශ්ව විද්‍යාලය විසින් රජයේ වෛද්‍ය පීඨ විසින් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා විසින් ආරක්ෂා කළ සෞඛ්‍ය දර්ශක විනාශ කිරීමේ කටයුත්තකටද නියැලී ඇත.
රජය විසින් කළ යුතුව තිබුණේ රටේ මහජන මුදල් රුපියල් බිලියන 35 ක් කොතලාවලට ලබාදී වෛද්‍ය අධ්‍යාපනය විනාශ කිරීම නොව එම බිලියන 35න් කොටසක් දැනට අර්බුදවලට ලක් ව ඇති රාජ්‍ය වෛද්‍ය පීඨ වන මොරටුව සබරගමුව වයඹ සහ පහසුකම් අඩු වෛද්‍ය පීඨ වෙත ලබා දී එහි තත්ත්වය උසස් කොට ලෝකයේ ඉහළ ප්‍රමිතිය සහිත වෛද්‍ය පීඨයන් බවට පත්කොට එයට විදේශ සිසුන් ආකර්ෂණය කර ගැනීමයි.
එමගින් රටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමයි.
එහෙත් ලෝකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් තිබෙන එකම රට වන ඉන්දියාව ලෝකයේ විශාලම වෛද්‍ය සිසුන් ප්‍රමාණයක් පිටරට ඉගෙනීමට යන රට බවට පත්ව ඇති අතර , ලෝක සෞඛ්‍ය දර්ශකවල 112 වැනි ස්ථානය ලබාගෙන ඇත.
ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය තිබුණේ නම් ඉන්දියානු සිසුන් පිටරට යන්නේ නැත.
ලෝකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති එහෙත් සෞඛ්‍ය අතින් ඉතා දියුණු තත්ත්වයක එනම් සෞඛ්‍ය දර්ශකවල අංක එකේ සිටින සිංගප්පූරුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැත.
ඔවුන් තමන්ට ඇවැසි උගත් වෛද්‍යවරුන් ලෝකයේ පිළිගත් වෛද්‍ය පීඨ වෙතින් තම රට වෙත ආකර්ෂණය කරගෙන ඇත.
එසේ නොකොට ඔවුන්ටත් ඕන තරම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාගත හැකි රටකි සිංගප්පූරුව , එහෙත් සෞඛ්‍ය ප්‍රමිතිය ආරක්ෂා කර ගත යුතු බැවින් ඔවුන් එසේ කළේ නැත.
එහෙත් ශ්‍රී ලංකාව මෙතෙක් කල් තමන් ආරක්ෂා කරගෙන ආ ආරක්ෂණ ප්‍රතිපත්තිය විනාශ කිරීමට ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වී ඇත.
දැනටමත් රජයේ වෛද්‍ය පීඨ වලට උග්‍ර ආචාර්යවරු හිඟයක් තිබියදී එය විසඳීම වෙනුවට මුදල් නිසා අර්බුදය දිග්ගැස්සීම රටේ පොදු මහජනතාවට එරෙහිව කරනු ලබන කුමන්ත්‍රණයක් නොවේද?.
රටේ සෞඛ්‍ය දර්ශක ආරක්ෂා කිරීමට රට රැකීමට පෙරට ආ යුතු ආරක්ෂක අංශ විසින්ම*එය විනාශ කිරීමට කටයුතු *සිදුවන්නේ නම් එය බරපතළ අභාග්‍ය සම්පන්න තත්වයක් බව අමුතුවෙන් පැවසිය යුතු නැත.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය දුර්මුඛ කර විනාශ කිරීමට මෙතෙක් රට විනාශ කළ තක්කඩි දේශපාලඥයන් සහ දූෂිත රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් එක් වී ඇත.
එසේම ගිරව් වගේ දොඩවන ඇතැම් මාධ්‍යවේදීන්ද සිංගප්පූරුව සහ ඉන්දියාව අධ්‍යයනය කර අදාළ මාධ්‍ය සාකච්ඡා වලට පැමිණ පිළිතුරු දිය යුතුව ඇත.
- මහජන යුතුකම් කේන්ද්‍රය


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..