රටවල් 30ක් යා කරමින්, සංචාරක කුරුළු මාර්ගය විනාශ කරමින් ඉදිකරන අදානි සුළං විදුලි ව්‍යාපෘතියේ පරිසර වාර්තාවට අදහස් දක්වන්න අන්තිම දවස් දෙක අද සහ හෙට
රටවල් 30ක් යාකරන Central Asian Flyway සංචාරක කුරුළු මාර්ගය විනාශ කරමින් ඉදිකරන අදානි සුළං විදුලි ව්‍යාපෘතියේ පරිසර වාර්තාවට අදහස් දක්වන්න අන්තිම දවස් දෙක අදයි හෙටයි.
ඔබේ අදහස් dg@cea.lk ඊමේල් ලිපින වලට යවලා gamage@cea.lk, nilmini@cea.lk ඊමේල් ලිපින කොපි කරන්න පුළුවන්.
මේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවට තියෙන ලොකුම විවේචනයක් වෙන්නේ අතිශය වැදගත් ජෛව විවිධත්වයක් තියෙන භූමියක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරාගත්තෙ ඇයි කියන එක සමිබන්ධයෙන් හේතු දැක්වීමක් කරලා නැති එක.
මේ ව්‍යාපෘතිය යෝජනා කරලා තියෙන භාමියට අයත් වෙන මධ්‍යම ආසියානු පියාසර මාර්ගය (Central Asian Flyway) මිලියන ගාණක් සංචාරක පක්ෂීන් බිත්තර දාන, රටවල් ගාණක පක්ෂීන් සංචාරය කරන කොරිඩෝවක්. ඊට අමතරව මන්නාරමේ වන්කාලෛ කුරැළු අභයභූමියත් එහි වැදගත්කමත් ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් පරිසරවේදීන් අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න පුළුවන්.
සෘතු වෙනස් වීමත් එක්ක ශීත ඍතුවේදී කුරැල්ලෝ සමකාසන්න රටවල් වලට එන්න පාවිච්චි කරන එක වැදගත් ගමනාගමන මාර්ගයක් විදිහට මේ මධ්‍යම ආසියානු පියාසර මාර්ගය හඳුන්වනවා. සංචාරක පක්ෂීන් මේ ගමනේදී වාර්ෂික චක්‍රීය රටාවට අයිති breeding, moulting, staging and non-breeding කියන විවිධ අවස්ථාවන් පහු කරනවා. මේ ගමන් මාර්ගයේදී අන්දමන් දුපත්වලත්, බටහිර සහ ඊසාන දිසාවන්වල ඉඳනුත් සංචාරය කරන පක්ෂීන්ගේ අවසාන නවාතැන වෙන්නේ ශ්‍රී ලංකාව.
ලෝකයේ මිනිසා විසින් හඳුනාගෙන ඉන්න කුරැලු විශේෂ 11,000 අතරින් පහෙන් එකක් සංචාරක පක්ෂීන් බවයි කියවෙන්නෙ. මන්නාරම් කුරැළු අභයභූමිය ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේම ජෛව විවිධත්වයට කොයිතරම් වැදගත්ද කියන්න මේ තොරතුරු ප්‍රමාණවත්.
අදානි සුළං විදුලි ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රජය එකඟ වෙන්නේ 2022 අවුරැද්දේ. ඒ සංකීර්ණතා විශාල ප්‍රමාණයක්, ජනතා විරෝධතා මැද. ඒ වෙද්දි විදුලිබල මණ්ඩලයේ ප්‍රධානියාව හිටපු ෆර්දිනැන්ඩෝ කෝප් කමිටුව ඉදිරියේ මේ අදානි ගනුදෙනුවට එකඟ වෙන්න ගෝටාට මෝදිගෙන් බලපෑම් තිබුණා කියලා පස්සේ ඒ කතාව වැරදිලා කියවුන එකක් බව කියලා තනතුරෙන් අස්වුනා. මේ වගේ තත්වයක් යටතේ තමයි තරඟකාරී මිළ ගණන් කැඳවීම ඉවත් කරන්න විදුලිබල පණතත් පාර්ලිමේන්තුව හරහා වෙනස් කලේ.
මහාචාර්ය රොහාන් පෙතියාගොඩ පහුගිය දවසක කිවිවෙ මේ ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව අදානි සමාගමෙන් සුළං විදුලි ඒකක මිලට ගන්නේ ලෝකයේ සාමාන්‍ය මිලට වඩා 200%කට වඩා වැඩි මිලකට. එතකොට මේකෙන් රටට පාරිසරික වශයෙන් විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් වෙන්නෙත් අවාසියක්. ඒ රටේ බලශක්ති ස්වෛරීභාවයට වෙන බලපෑමට අමතරව.
පුනර්ජනනීය විදුලිය බලශක්ති ප්‍රභවයක් වශයෙන් අනිවාර්යයෙන්ම වැදගත්. නමුත් කාබන් විමෝචනය අඩු කරන බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඕනේ ජෛව විවිධත්වයට විශාල විනාශයක් සිදුකරලා වත්, දූෂිත ආණ්ඩු, දූෂිත සමාගම් අතර හොර ගනුදෙනු වලින් වත් නෙවෙයි. ඒ වගේම රටේ බලශක්ති ස්වෛරීභාවය උගස් කරලා රටේ මර්මස්ථාන වල පාලනය විදේශයන් අතට පත්කරලාවත් නෙවෙයි.
මහපොළවට රිද්මයක් තියනවා. ස්වභාව දහමට රිද්මයක් තියනවා. රටා තියනවා. ඒ රිද්මයන්, රටාවන් ආර්ථික දියුණුව පස්සේ හැල්මේ දුවන අපිට අමතක වෙලා තිබුණට මේ මහ පොළොවේ සමබරතාවය පවතින්නේ ඒ රිද්මයන් එක්ක. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට මේ සමබරතාවය අපි හිතනවට වඩා ලොකු බලපෑමක් කරනවා.
මේ දවස්දෙක තීරණාත්මකයි. ඔබේ වගකීම ඉටු කරන්න. දූෂිත පාලකයෙක් එලවන්න පාරට බැහැපු, මාස ගානක් අරගල කරපු අපිට ඊමේල් එකක් යවන්න විනාඩි දහයක් කැප කරන්න බැරි වෙන්න විදිහක් නෑ.
- මෙලනි ගුණතිලක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..