රටවල් 30ක් යා කරමින්, සංචාරක කුරුළු මාර්ගය විනාශ කරමින් ඉදිකරන අදානි සුළං විදුලි ව්‍යාපෘතියේ පරිසර වාර්තාවට අදහස් දක්වන්න අන්තිම දවස් දෙක අද සහ හෙට
රටවල් 30ක් යාකරන Central Asian Flyway සංචාරක කුරුළු මාර්ගය විනාශ කරමින් ඉදිකරන අදානි සුළං විදුලි ව්‍යාපෘතියේ පරිසර වාර්තාවට අදහස් දක්වන්න අන්තිම දවස් දෙක අදයි හෙටයි.
ඔබේ අදහස් dg@cea.lk ඊමේල් ලිපින වලට යවලා gamage@cea.lk, nilmini@cea.lk ඊමේල් ලිපින කොපි කරන්න පුළුවන්.
මේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවට තියෙන ලොකුම විවේචනයක් වෙන්නේ අතිශය වැදගත් ජෛව විවිධත්වයක් තියෙන භූමියක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරාගත්තෙ ඇයි කියන එක සමිබන්ධයෙන් හේතු දැක්වීමක් කරලා නැති එක.
මේ ව්‍යාපෘතිය යෝජනා කරලා තියෙන භාමියට අයත් වෙන මධ්‍යම ආසියානු පියාසර මාර්ගය (Central Asian Flyway) මිලියන ගාණක් සංචාරක පක්ෂීන් බිත්තර දාන, රටවල් ගාණක පක්ෂීන් සංචාරය කරන කොරිඩෝවක්. ඊට අමතරව මන්නාරමේ වන්කාලෛ කුරැළු අභයභූමියත් එහි වැදගත්කමත් ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් පරිසරවේදීන් අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න පුළුවන්.
සෘතු වෙනස් වීමත් එක්ක ශීත ඍතුවේදී කුරැල්ලෝ සමකාසන්න රටවල් වලට එන්න පාවිච්චි කරන එක වැදගත් ගමනාගමන මාර්ගයක් විදිහට මේ මධ්‍යම ආසියානු පියාසර මාර්ගය හඳුන්වනවා. සංචාරක පක්ෂීන් මේ ගමනේදී වාර්ෂික චක්‍රීය රටාවට අයිති breeding, moulting, staging and non-breeding කියන විවිධ අවස්ථාවන් පහු කරනවා. මේ ගමන් මාර්ගයේදී අන්දමන් දුපත්වලත්, බටහිර සහ ඊසාන දිසාවන්වල ඉඳනුත් සංචාරය කරන පක්ෂීන්ගේ අවසාන නවාතැන වෙන්නේ ශ්‍රී ලංකාව.
ලෝකයේ මිනිසා විසින් හඳුනාගෙන ඉන්න කුරැලු විශේෂ 11,000 අතරින් පහෙන් එකක් සංචාරක පක්ෂීන් බවයි කියවෙන්නෙ. මන්නාරම් කුරැළු අභයභූමිය ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේම ජෛව විවිධත්වයට කොයිතරම් වැදගත්ද කියන්න මේ තොරතුරු ප්‍රමාණවත්.
අදානි සුළං විදුලි ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රජය එකඟ වෙන්නේ 2022 අවුරැද්දේ. ඒ සංකීර්ණතා විශාල ප්‍රමාණයක්, ජනතා විරෝධතා මැද. ඒ වෙද්දි විදුලිබල මණ්ඩලයේ ප්‍රධානියාව හිටපු ෆර්දිනැන්ඩෝ කෝප් කමිටුව ඉදිරියේ මේ අදානි ගනුදෙනුවට එකඟ වෙන්න ගෝටාට මෝදිගෙන් බලපෑම් තිබුණා කියලා පස්සේ ඒ කතාව වැරදිලා කියවුන එකක් බව කියලා තනතුරෙන් අස්වුනා. මේ වගේ තත්වයක් යටතේ තමයි තරඟකාරී මිළ ගණන් කැඳවීම ඉවත් කරන්න විදුලිබල පණතත් පාර්ලිමේන්තුව හරහා වෙනස් කලේ.
මහාචාර්ය රොහාන් පෙතියාගොඩ පහුගිය දවසක කිවිවෙ මේ ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව අදානි සමාගමෙන් සුළං විදුලි ඒකක මිලට ගන්නේ ලෝකයේ සාමාන්‍ය මිලට වඩා 200%කට වඩා වැඩි මිලකට. එතකොට මේකෙන් රටට පාරිසරික වශයෙන් විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් වෙන්නෙත් අවාසියක්. ඒ රටේ බලශක්ති ස්වෛරීභාවයට වෙන බලපෑමට අමතරව.
පුනර්ජනනීය විදුලිය බලශක්ති ප්‍රභවයක් වශයෙන් අනිවාර්යයෙන්ම වැදගත්. නමුත් කාබන් විමෝචනය අඩු කරන බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඕනේ ජෛව විවිධත්වයට විශාල විනාශයක් සිදුකරලා වත්, දූෂිත ආණ්ඩු, දූෂිත සමාගම් අතර හොර ගනුදෙනු වලින් වත් නෙවෙයි. ඒ වගේම රටේ බලශක්ති ස්වෛරීභාවය උගස් කරලා රටේ මර්මස්ථාන වල පාලනය විදේශයන් අතට පත්කරලාවත් නෙවෙයි.
මහපොළවට රිද්මයක් තියනවා. ස්වභාව දහමට රිද්මයක් තියනවා. රටා තියනවා. ඒ රිද්මයන්, රටාවන් ආර්ථික දියුණුව පස්සේ හැල්මේ දුවන අපිට අමතක වෙලා තිබුණට මේ මහ පොළොවේ සමබරතාවය පවතින්නේ ඒ රිද්මයන් එක්ක. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට මේ සමබරතාවය අපි හිතනවට වඩා ලොකු බලපෑමක් කරනවා.
මේ දවස්දෙක තීරණාත්මකයි. ඔබේ වගකීම ඉටු කරන්න. දූෂිත පාලකයෙක් එලවන්න පාරට බැහැපු, මාස ගානක් අරගල කරපු අපිට ඊමේල් එකක් යවන්න විනාඩි දහයක් කැප කරන්න බැරි වෙන්න විදිහක් නෑ.
- මෙලනි ගුණතිලක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..