මල්වතු මහ නාහිමි ප්‍රකාශය අගයමු
වර්තමාන පාලකයන් ඡන්දය කල් දැමීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොතබන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් පසුගියදා සඳහන් කර තිබිණි. සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් පිරිසක් මල්වතු මහ නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී මහ නාහිමියන් එම ප්‍රකාශය කළ බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
මහ නාහිමියන් මේ ප්‍රකාශය කිරීමට හේතුවන්නට ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යායුතුද නැතහොත් රට යළිත් පැරැණි පාර්ලිමේන්තු ක්‍රමයට යායුතුද යන මාතෘකාව අවසානයක් නොදුටු විවාදිත තත්වයක් රට තුළ නිර්මාණය කර කිබීම නිසා බව අපගේ විශ්වාසයයි. විවිධ අදහස් සහ මතිමතාන්තර අතර ගැටෙමින් මේ මාතෘකාව මේ වනවිට දේශපාලන කරළියේත් පොදු මහජනතාව අතරේත් විවාදයට ලක්වෙමින් තිබේ. ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන බවට ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කෙරුණත් තවමත් ඇතැම් දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් සිටින්නේ අවිනිශ්චිත තත්වයකින් බවත් පෙනෙන්නට තිබේ.
මහ නාහිමියන් තමන් බැහැදැකීමට පැමිණි කාන්තා දේශපාලනඥයන් පිරිසක් හමුවේ ‘ඡන්දය කල් දාන්න හැදුවොත් ඊට ඉඩ දෙන්න එපා’ යැයි පැවසීම බරපතළ ප්‍රකාශයක් වශයෙන් අපි දකිමු. එක පැත්තකින් එයින් අදහස් වන්නේ රටේ අදෘශ්‍යමාන ලෙස ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ කල් දැමීමේ කිසියම් උත්සාහයක් පවතින බවට උන්වහන්සේ තුළ කිසියම් අවිනිශ්චිතතාවක් පවතින බවය. ඒ ලෙසින්ම එවැනි උත්සාහයකට තමන් වහන්සේගෙන් කිසිදු අනුබලයක් නොලැබෙන බව එයින් තදින්ම ප්‍රකාශ වී තිබෙන බවත් පැහැදිලිය.
මේ වර්ෂය ආරම්භ වූයේද මැතිවරණ වසරක් වශයෙන් නම් කරමිනි. ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණය බවත් එය ලබන සැප්තැම්බර් 16 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනයක පැවැත්වීමට නියමිත බවත් වරින් වර සඳහන් විය. එහෙත් ඒ අතරවාරයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නළ යුතු බවට අදහසක් ද පැන නැගිණි. එය අලුත් අදහසක් නොවේ. ජනාධිපතිවරණයක් ආසන්න වෙන හැම අවස්ථාවකදීම එම ක්‍රමය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කෙරෙන අතර එය අවසානයේ ඡන්ද පොරොන්දුවක් බවට පත්වෙයි. එහෙත් මේ දක්වාම එය සීමාවී ඇත්තේ පොරොන්දුවටම පමණි. ඒ හේතුවෙන් හැම ජනාධිපතිවරණයක් ආසන්නයේම විධායක ජනාධිපති ක්‍රමය ප්‍රබල මාතෘකාවක් බවට පත්වෙයි.
මෙවර තිබෙන ප්‍රධාන ගැටලුව ක්‍රමය වෙනස් කිරීමට තිබෙන ලැදියාව නොව ඒ අවශ්‍යතාව ඉදිරියට දමාගෙන නියමිතව තිබෙන ජනාධිපතිවරණය නොපවත්වා එය කල්දමා ගැනීම සඳහා කටයුතු කිරීමේ සූදානමක් තිබෙන බවට පැතිර යන මතවාදයයි. එවැනි උත්සාහයක් තිබේ නම් එයට තමන් විරුද්ධ වන බව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දැනටම ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකු පමණක් මේ අවස්ථාවේදී රටේ ජනතාවට ජනාධිපතිවරණයක් අවශ්‍ය නැති බවට ප්‍රචාරයක් ගෙන යන බවද අසන්නට දකින්නට ලැබෙයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් වුවද ඒ හරහා ඡන්දය කල් දැමීමට ඉඩක් ලබා නොදියයුතු යැයි මල්වතු මහ නාහිමියන් දරන ස්ථාවරය බව උන්වහන්සේගේ ප්‍රකාශයෙන් සනාථ වෙයි.
ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය තිබෙන මැතිවරණ කොමිසම ව්‍යවස්ථානුකූලව එය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමත් ඊට අදාළ යාන්ත්‍රණය ක්‍රියාවේ යෙදවීමත් කිසිවකුට හෝ වැළැක්විය නොහැත. පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට අණපනත් සකසනතුරු ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට යෝජනාවක් ගෙන ආවොත් එය සම්මත කිරීමට සහාය දැක්වීමට කිසිදු මන්ත්‍රීවරයකුට සදාචාරාත්මක හැකියාවක් නැති බව අපගේ වැටහීමයි. ක්‍රමය වෙනස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කිරීම දීර්ඝ කාලයක් ගතවන කටයුත්තක් බැවින් මහ නාහිමියන්ගේ ප්‍රකාශය අනුව කටයුතු කිරීම සියලු දෙනාගේ යහපත පිණිස හේතු වනු ඇත.
- ලංකාදීප 2024-02-27 දින කතු වැකිය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..