News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගේ ඉන්දියානු සම්ප්‍රාප්තියේ අඳුරු පැතිකඩ

Feb 7, 2024 at 01:41 PM
|

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමක් පහුගිය 05 වෙනිදා ඉන්දීය රජයේ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළා.එතනදී ඉන්දිය විදේශ ඇමති එස් ජයශංකර් හමුවෙලා තිබුණා.ඉන්දීය විදේශ අමාත්‍යවරයාට අමතරව විදේශ ලේකම්,ආරක්ෂක උපදේශක ඇතුළු ඉහල පෙළේ ඉන්දීය බලධාරීන්  පිරිසක් හමුවෙලා තිබුණා.

විදේශ ඇමති ජයසංකර් ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කීයලා තිබුණේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධව සාකච්චා කළා කියලා.

ඒ වගේම ඉන්දීයානු මාධ්‍ය ඒ සම්බන්ධව ලොකු ප්‍රචාරයක් දීලා තිබුණා.එතනදී ඉන්දියානු මාධ්‍ය සදහන් කළේ ජනාධිපති අපේක්ෂකයන් අතරින් අනුර ඉදිරියෙන් ඉන්න බවයි.ඒ සදහා දේශීය වශයෙන් කරපු සමීක්ෂණයක ප්‍රථිපලයක් ඉදිරිපත් කළා.මේ සිදුවීමත් එක්ක යම් තරමකට අපේ දේශපාලන ක්ෂේත්‍රය ගිනියම් වෙලා තියනවා.මාලිමාවේ බලවේගය ෆෝම් වෙලා.ජවිපෙ සාමාජිකයා අන්දමන්ද වෙලා.

සජබ බලවේගය ගොළු වෙලා.තවත් අය මේ ප්‍රශ්නය ඉස්සරහා නිරුත්තරයි.සමහර ආචාර්ය,මහාචාර්යවරු අනුර ගැන දැන්මම කවි සීපඳ ලියන්න පටන් අරන්.මාලිමාවේ යූ ටියබ් බලකාය අනුර විකුණලා දැනටමත් විශාල මුදලක් හොයාගෙන.ඒක නිසා මේ සම්බන්ධව ඇත්ත විග්‍රහ ලාංකික සමාජයේ දෙන එක රටේ රාළගේ වගකීමක්.ඇත්තටම අනුර මේ කරමින් ඉන්නේ මොකද්ද?මේ වෙන කිසිම දෙයක් නෙවෙයි අනුර රනිල්ව කොපි කරමින් රනිල්ටත් වඩා එහාට ගිහින් ඇමරිකානු - ඉන්දියා ඒජන්තයා වීමට උත්සහ දැරීමයි.රනිල් ඒ ඒජන්ත ධූරයෙන් මිදීමට දගලද්දී අනුර ලංකාවේ සෙලෙන්ස්කි වෙන්න දගලනවා.හැබැයි ඒක කරන්නේ රනිල්ට අපහාස කරමින්.

මේ කතාව ටිකක් ඈතට යනවා.ඔයාලාට මතක ඇති යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුවට ජවිපෙ උදව් කළා. හැබැයි ජවිපෙ ඒ වෙලාවේ නියෝජනය කළේ මෛත්‍රී පාර්ශවය නෙවෙයි රනිල් පාර්ශවය.අරලිය ගහ මන්දිරයේ අනුරට වෙන් වෙච්චි කාමරයක් තිබුණා.මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ මූලිකයා උනේ අනුර.ඒක නිසා අනුරලා එදත් කටයුතු කළේ රනිල්ගේ දේශපාලන ලයින් එක කොපි කරමින්.

ඒකෙන් අනුරලා එදා බලාපොරොත්තු උනේ එජාප ධාරාවෙන් ඡන්ද කුට්ටියක් ගලවා ගන්න.අනුර සහ විජිත ඒ ස්ථාවරය පක්ෂය ඇතුලේ පවා ප්‍රසිද්ධියේ කිව්වා.රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත්වුනාට පස්සේ රනිල් එයාගේ ආර්ථික,දේශපාලන සහ විදේශ ප්‍රතිපත්ති ගැන කිව්වා.ඒකේ විදේශ ප්‍රතිපත්තිය උනේ නොබැඳි පිලිවෙත වෙතට යන්න ඕනි කියන එකයි.

රනිල් ඒ වෙනුවෙන් පහුගිය කාලේ ජාත්‍යන්තර පෝරම් ගණනාවක පෙනී හිටියා.ඒ වගේම ආසියාවේ නැගිටීමට පක්ෂපාතී තැනක තමයි රනිල් හිටියේ. ඉන්දු පැසිපික් කාලාපයේ භූ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් රනිල් පෙනී හිටියා.රනිල්ගේ ඉන්දීය සංචාරයේදී අපේ රටේ රාජ්‍ය නායකයෙක් ඉන්දියාව ඉදිරියේ කරන්න පුළුවන් හොඳම ප්‍රකාශය කළා.ඒ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නම් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල අනුමැතිය අවශයයි කියලා.

එහෙම ජාත්‍යන්තර මතයක් රනිල් ගොඩ නගද්දී අනුර පාර්ලිමේන්තුවේදී කිව්වේ රනිල් ජනාධිපති වෙලා මාස 14 ට 14 වතාවක් රට ගියා.ඒ සල්ලි අපරාදි කියලා.හැබැයි දැන් අනූරත් රනිල් කියන නොබෑදි කතාවම කියාගෙන ඉන්දියාවේ ගිහින්. ඇත්තටම මෙතන තියන වැරැද්ද රනිල්ව කොපි කිරීම නෙවෙයි රනිල් කරනකොට ඒක වැරදි වෙලා අනුර කරනකොට ඒක හොඳවීමය. ඇත්තටම මේක රනිල් වටේ ඉන්න ගෝලබාලයන්ට හොඳ පාඩමක්.

එයාලා කළේ රනිල් කරනදේ රිපෝට් කිරීම විතරයි.රනිල් කරන දෙයින් දේශපාලන මතයක් ගොඩනැගුවේ නෑ.මේ කාලය ඇතුලත රනිල් කරපු ජාත්‍යන්තර මැදිහත්වීම්වලින් දශමයක් කරපු නැති අනුර නිකම්ම පොරක් වෙලා.අනුරගේ ඉන්දියානු ගමන ගැන රටේ රාළ බළකායේ කිසිම විරුද්ධත්වයක් නෑ.එහෙම රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයන් ගොඩනගා ගැනීම හොඳයි.අපි ලෝකේ සියලු රටවල් එක්ක ගනුදෙනුව කරන්න ඕනි.හැබයි ඒ ගනුදෙනුව ජවිපෙ විසින් කරද්දී මාලිමාවේ හැඟීම්වලට යටත් වෙලා කරන එක වැරදියි.

මාලිමාවේ අද ඉන්න ජවිපෙ න්‍යායාචාර්යවරිය හරිනී කියන්නේ එයාලට ඉන්දියාවට හදුනා ගන්නත් ඉන්දියාවට එයාලව හදුනා ගන්නත් මේක ආරම්භයක් කියලා.මාලිමාවේ හරිනිලා ඉන්දියාව හඳුනාගෙන නැතිව ඇති.හැබැයි ජවිපෙ නම් ඉන්දියාව හදුනාගෙන හිටියේ 1965 ඉඳන්. හරිනිගේ මතයට යට කරපු ජවිපෙ දැන් හරිවට්ටලා.ඒක හින්දා හරිනීලාගේ ගැඟිම්වලට නෙවෙයි ජවිපෙ ඉන්දියාවත් ඒක්ක ගනුදෙනු කරන්න ඕනි.ඉන්දියාව අපේ අසල් වැසියා,ඒ වගේම පහුගිය අර්බුදය වෙලාවේ ඉන්දියාව සහ ඉන්දියානු ජනතාව අපට උදව් කළා.

ඒ ගැන ඉන්දියාවට අපි ගරු කරන්න ඕනි. හැබැයි ඉතිහාසය අමතක කරලා ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න යනවා නම් ඒක බරපතල වැ‍රැද්දක්. හොඳ වගේම ඉන්දියාව අපට කරපු අහිතකර බලපෑම් ගොඩක් තියනවා.1987 ඉන්දියාව අපිව ආක්‍රමණය කළා. බලහත්කාරයෙන් ඉන්දු ලංකා ගිවිසුම පැටෙව්වා. අදත් අපි ලෝකයේ රටවල් එක්ක ගනුදෙනු කරනවට ඉන්දියාව කමත් නෑ.ඉන්දියාව මත යැපෙන ශ්‍රී ලංකාවක් ඉන්දියාවට ඕනි.

චීන නැවක් අපේ මුහුදු සීමාවට ආවොත් ඉන්දියාව පරල වෙනවා.අපේ රටේ උතුරේ එක ව්‍යාපෘතියක් වෙන කෙනෙකුටම ගන්න ඉන්දියාව ඉඩ දෙන්නේ නෑ.ඒවා ඔක්කොම ඉන්දියාට ඕනි.ඒ වෙනුවෙන් ඉන්දියාව කරන බලපෑම් අපි දන්නවා.ඒක නිසා ඉන්දියාවත් ඒක්ක කරන ගනුදෙනු ඉතා පරිස්සමෙන් කරන්න ඕනි.ඇත්තටම මේ ඊයේ පෙරේදා වෙනකං අනුර වේදිකා උඩ ඉන්දියාව පතුරු ගැහුවා.ඉන්දියාව රනිල් එක්ක එකතුවෙලා උතුර මංකොල්ල කනවා කියලයි අනුර කිව්වේ.

හැබැයි එක පාරට අනුර 360° කැරකිලා ඉන්දියාවට ගියා.ජවිපෙ අයට කියලා තියෙන්නේ එයාලා බලයට එන නිසා ඉන්දියාව දැන්මම අනුර ශේප් කරගන්න හදනවා කියලා.ඉන්දියාවට අනුර සම්බන්ධව තක්සේරුවක් තියෙන්න ඕනි. හැබැයි මේක ඇතුලේ තවත් කතාවක් තියනවා.අනුරගේ ඉන්දියානු සංචාරයෙන් අනුර තීරණාත්මක විදිහට ඇමරිකානු - ඉන්දියානු ලයින් එකට සිය යටත්වීම ප්‍රකාශ කළා.අනුර සුදු කොඩිය දැම්මා.

ගිය නිදහස් දවසේ ආපු තායිලන්ත අගමැති තායිලන්ත - ශ්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුම අත්සන් කළා.ඒ වගේම ඊළඟට එන්න නියමිත ඉන්දු  - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම.ඊට පස්සේ පහුගිය දවස්වල අනුර පතුරු ගහපු ගිවිසුම් ටිකත් එන්න නියමිතයි.රටේ රාළ කියන්නේ අනුරලා යම් බලයක් නියෝජනය කරන නිසාත්,මෑතිවරණයක් ළඟ එන නිසාත් ඉන්දියාවේ මේ ගිවිසුම්වලට වැඩිම  විරෝධය එන්න පුළුවන් ජවිපෙන් කියලා ඉන්දියාව දන්නවා.සරලව කිව්වොත් ඒ විරෝධය නතර කරගන්න අනුර ගෙනත් සැපක් දුන්නා.

ඉන්දියාව මේ කළේ ජවිපෙ සහ මාලිමාවේ නායකයෝ ගෙනත් ජවිපෙ නිහඩ කිරීමයි. ජවිපෙ ඉන්දියානු අතකොලුව වන මාලිමාවට යටකර දැමීමයි.වෙන භාෂාවකින් කියනවා නං ජවිපෙ හරිනියේ රෙද්ද අස්සේ ගසා ගැනීමයි.ඒක නිසා අනුර වහාම ඉන්දියානු සංචාරය ගැන රටට කියන්න ඕනි.ද්වීපාර්ශ්වික සබඳතා ගැන කතා කළා කියලා වැඩක් නෑ.ඒක තමයි රනිල් කිව්වෙත්,මහින්ද කිව්වෙත් ඒක.

අනුර කියන්න ඕනි පහුගිය දවස්වල අනුර ඉන්දියාවට සහ රනිල්ට බැන බැන රට විකුණනවා කියලා කියපු කතා ගැන ඉන්දියාවේදී මොකද කිව්වේ කියලා.13 ගැන මොකද්ද කිව්වේ කියලා. ඉන්දිය ආරක්ෂක උපදේශකගේ ආරක්ෂක උපායමාර්ගය ගැන මොකද කිව්වේ කියලා. ඉදිරියට එන ගිවිසුම් සම්බන්ධව ජවිපෙ ස්ථාවරය මොකද්ද කියලා දැන් කියන්න.කොතනින්ද අනුරලා රනිල්ගෙන් වෙනස් වෙන්නේ කියලා කියන්න.

රනිල්ගේ වැඩපිලිවෙලම ක්‍රියාත්මක කරන්න නං අනුර එන්නේ ඒක ඊට වැඩිය හොඳට රනිල්ගෙන් කරගන්න පුළුවන්.හැබැයි මෙතනදී අනුර කරන විප්ලවීය පරිවර්තනය මොකද්ද කියලා රට දැනගන්න ඕනි.අනුර ජවිපෙ අධ්‍යාත්මය මාලිමාව හරහා ඉන්දියාවට පවා දුන්නා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියනවා.. - අගමැති හරිනි

වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.