සනත් නිශාන්තගේ මරණය ගැන වෛද්‍යවරයෙකුගේ සටහන...
මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දූෂණය, භීෂණය, මජරකම , තග , නූගත්කම , දේශපාලන හෙන්චයියන් නොහොත් පීඩිතයන් පිරිවරාගෙන ඔබ මොබ යාම, තර්ජනය කිරීම , ඉඩම් බලහත්කාරයෙන් අත් කර ගැනීම , නීති විරෝධී වැළි ගොඩදෑම ආදී මෙකී නොකී බොහෝ දේවල් සනත් නිශාන්ත සමග බැඳී තිබේ.
මීට වසර බොහෝ ගනනකට පෙර මා හලාවත රෝහලේ සේවය කරන විට සනත් නිශාන්ත පහර දී රෝහල් ගතවූ මිනිසුන් /කාන්තාවන් දුටුවෙමි. වරක් ඔහු අපගේ සෞඛ්‍ය වැඩ සටහන් වලට උපකාර කල නිහතමානී රජයේ සේවකයෙකු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නේය. ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සනත් නිශාන්ත ගේ නීති විරෝධී ක්‍රියාවකට අනුමැතිය නොදුන් නිසාය. රාජ්‍ය නිලධාරියෙකු නූගත් දේශපාලකයෙකුගේ පහර කෑමට ලක් වීමෙන් පසු අනෙකුත් දේශපාලකයන් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් කතා කලේ නැත.
වරක් රෝහල් සේවකයෙක් බියෙන් තැති ගෙන දිව ආවේය. ඒ අවස්ථාවේදී මා සිටියේ ශල්‍යාගාරයේය. " සනත් නිශාන්ත මහත්තයා ඕපීඩී එකට පැනලා ඉස්පිරිතාලේ කට්ටියට ගහනවා" රෝහල් සේවකයා කීවේය. මා වෙද නලාව දීපා මිස් අතට දී ඕපීඩී එකට ගියෙමි. වෛද්‍යවරු හෙදියෝ උපස්ථායකයන් කම්කරුවන් හිස් ලුලූ අත දිව ගොසිනි. මා ඕපීඩී එකට ගියේ සනත් නිශාන්තට පහර දීමේ අදහසිනි. ( අද දිනයේ මා ඒ පිලිබඳව ආඩම්බර නොවෙමි) මේ ක්‍රියාවේ බරපතලකම මා නොදැන සිටියා නොවේ. මා නිරායුධය. සනත් නිශාන්ත දේශපාලන අනුග්‍රහය ලත් ජනතාව විසින් තෝරා පත් කර ගත් ප්‍රාදේශීය මැරයෙකි. ඔහු ආයුධ සන්නද්ධවය. යම් සිද්ධියක් වූයේ නම් වෛද්‍යවරු හෙදියෝ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගේ පැත්ත ගන්නේ නැත. එත් මම ඔහු සොයා ඕපීඩී එකට ගියෙමි. මා එදින ගියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට ඔහු විසින් සිදු කල පහර දීම නිසාය.
මා ඕපීඩී එකට යන විට එතන යකුන් නැටූ පිටියකි. රෝහල් දේපොළ විනාශ කරලාය. පුටු මේස පෙරලලාය. සනත් නිශාන්ත ඇතුළු මැරයන් නික්ම ගොසිනි. ලංකාව පිලිබඳ ප්‍රථම කලකිරීම මට ඇති වූයේ එදාය.
ඉන් පසු සනත් නිශාන්ත ප්‍රාදේශීය දේශපාලකයෙකු ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු, මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රබලයෙකු වන අයුරු විදේශයක සිට මා උදාසීනව නැරඹුවෙමි. ඒ වන විට මා ලංකාවේ පුරවැසිභාවය අත් හැර දමා තිබුණි.
සනත් නිශාන්තගේ මරණය සිදු වන්නේද ඔහුගේ දේශපාලන හැසිරීම මතය. බලයෙන් මත්වී සහචරයන් පිරිවරාගෙන තඩි වාහන වලින් මාර්ග නීති නොතකා ගමන් කිරීම ඔහුට මරණය ගෙන ආවේය.
අවසාන වශයෙන් මට Magnum Force චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් හැරී කැලහැන් කියූ දෙයක් මතක් වෙයි. "A man's got to know his limitations"
ඔක්සිජන් මොටදැයි ඇසූ සනත් නිශාන්ත Magnum Force හෝ හැරී කැලහැන් පිලිබඳ දැන නොසිටි බව සහතිකය.
(මුහුණු පොතෙන් උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..