රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට බාලගිරි දෝෂයද?... එය වැළැක්වීමට කටයුතු කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරන අයගේ පුද්ගලික උවමනාවක් වෙනුවෙන් ද?
පෞද්ගලික අන්තර්ජාතික පාසල්වල තම දරුවන් සිටින එසේම අනාගතයේදී එම පෞද්ගලික පාසල්වල ප්‍රධානීන් වශයෙන් යෑමට සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරනු ලබන ඇතැම් කිහිපදෙනෙක් නිසා මේ රටේ ලක්ෂ හතලිස් තුනක පමණ දරුවන්ගේ කාලය, මේ රටේ වසර පහක ජාතික ධනය, ලක්ෂ 43 ක දරුවන්ගේ දෙමාපියන්ගේ ධනය ජාතික අධ්‍යාපන ආයතනයේ කිහිප දෙනෙක්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් වැය කිරීමට සිදුවීම ජාතික අපරාධයක් නොවේද?
රටේ ලක්ෂ 43 ක පමණ සිසු දරුවන්ගේ ජීවිතය වෙනස් කරන අධ්‍යාපනයේ කාලය වෙනස් කිරීමේ පිළිබඳ ප්‍රයත්නය වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවලට බඳුන්වූවකි.
එය මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සහ සියලු පක්ෂවල සිටින පාක්ෂිකයන්ගේ දරුවන්ගේ අනාගතය වෙනස් කරන ප්‍රයත්නයකි.
එනම් ලෝකයේ වෙනත් රටවල අසල්වැසි ඉන්දියාවේ පවා වයස විසි එකේදී පමණ විශ්ව විද්‍යාල වලින් එළියට එන විට අපේ රටේ පමණක් එම වයසේ දී විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත් වීම සිදුවිය.
එසේම රටේ ජනාධිපතිවරයා ඉදිරිපිට ඔහු උගත් පාසලේ දරුවන් විසින්ද මේ කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර දැනුවත් කර ඇති අතර, ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් විශාල උනන්දුවකින් කටයුතු කරන බව පසුගිය කාලයේ සිදු වූ කතාබහ වලින් පෙනී යයි.
ජනාධිපතිවරයාටත් උඩින් ජාතික අධ්‍යාපන ආයතනයේ ඇතැමුන් කටයුතු කරන්නේද?
එහෙත් 1977 ට පෙර කාලයේ වයස විසි එකේදී විසි දෙකේදී උසස් අධ්‍යාපනය හමාර කළ මහාචාර්යවරුන් අදටත් අප රට තුළ විවිධ තනතුරු දරමින් සිටින බවත් ජනාධිපතිවරයා පවා එම කාල රාමුව තුළ ඉගෙන ගත් බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ ඇතැමුන්ට අමතක වී ඇත.
එසේම අපේ රටේ අනාගතය තීරණය කරන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කාලය පිළිබඳ ප්‍රශ්නය අප මෙච්චර කල් ඇදගෙන ආ යුතු නැත එය කඩිනමින් නිම කළ යුතුව ඇත. එය රටේම පොදු කාරණාවකි.
මෙම ලියුම්කරු විසින් දීර්ඝ කාලයක් තිස්සේ විවිධ උගතුන්ගේ මග පෙන්වීම මත මේ සම්බන්ධයෙන් කටයුතු කළ අතර,අවසානයේදී ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ එහි හිටපු සභාපතිවරයා මැදිහත් වී එවක අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මේ සම්බන්ධයෙන් විධිමත් කරුණු ගොනුකර පහදා දීමෙන් පසුව එදා කැබිනට් මණ්ඩලය විසින් පාසල් දරුවන්ගේ කාලය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීමට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කරන ලදී.
එහෙත් අද මෙන් එදාත් දූෂිතයින් විසින් බාලගිරි දෝෂය සිදුකර එම ප්‍රයත්නය කඩාකප්පල් කරන ලදී.
පසුව වර්තමාන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නැවතත් එම ප්‍රයත්නය සිදුකර පාසලේ 13 වසර අහෝසි කර දරුවන්ගේ අවුරුද්දක් කාලය වෙනස් කිරීමට ඉතා ප්‍රශංසනීය වෑයමක නිරත විය.
එහෙත් රටේ අවාසනාවටදෝ සහ දූෂිත සුදු කරපටි හොර නිලධාරී පැලැන්තිය බොරු යුනස්කෝ තර්කයක් ඉදිරිපත් කරමින් ලෝකයාට සාපේක්ෂව වසරකින් පමණ අධ්‍යාපන කාල රාමුව වෙනස් කිරීමේ ප්‍රයත්නය විනාශ කිරීමේ කටයුත්තක නිරතව සිටින බවට වාර්තා වේ.
එහෙත් විහිළුවට කරුණ වන්නේ මේ රටේ ලක්ෂ 43 ක සිසුන් ඔවුන්ගේ වයස 16 දී සාමාන්‍ය පෙළ ලියන විට ජාතික අධ්‍යාපන ආයතනයේ සිටින ඇතමුන්ගේ දරුවන් වයස 16 දී උසස් පෙළ ලියන බවයි.
එයට යුනෙස්කෝ තර්කය බලපාන්නේ නැත.
ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සමස්ත රටේම දරුවන්ගේ අනාගතය බිල්ලට දිය යුතුද?.
ලක්ෂ 43 ක පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් විය යුතු අතර, තම දරුවන්ගේ අනාගතය වසරකින් හෝ විනාශ කරන ද්‍රෝහීන් හඳුනාගත යුතුව ඇත.
මේ රට විනාශ කිරීමට කටයුතු කරන එසේම මේ රටේ අනාගත පරපුර වන ලක්ෂ 43ක සිසු දරුවන්ගේ කාලය විනාශ කර මේ රට ආපස්සට ඇද දමන ද්‍රෝහීන් පරදා ලක්ෂ 43 ක දරුවන්ගේ අනාගතය ජයගත යුතුව ඇත.
කුමන්ත්‍රණකරුවන් පරදා රටේ ලක්ෂ හතළිස් තුනක දරුවන්ගේ අනාගතය සහ රටේ අනාගතය තීරණය කරන කාලය පිළිබඳ ප්‍රශ්නය කඩිනමින් නිරාකරණය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයද දේශපාලන අභිමතාර්ථ පසෙකලා රට වෙනුවෙන් කඩිනමින් ඉටුකළ යුතුව ඇත.
- වසන්ත අල්විස්
කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..