ජේතවනාරාමයේ හරස්කඩ..
👉 මෙහි දැක්වෙනුයේ ජේතවනාරාම චෛත්‍යයේ අභ්‍යන්තර සංයුතිය කෙසේදැයි විදහා දැක්වීම සඳහා ඉදි කරන ලද දැනට පොළොන්නරුව කෞතුගාරයේ තැන්පත් කර ඇති ජේතවනාරාමයේ හරස්කඩ ආකෘතියකි.
👉 ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිටම ශ්‍රී ලාංකිකයන් විසින් දැවැන්ත ඉදිකිරීම් සඳහා ගඩොල් භාවිත කර ඇති බව සනාථ කෙරෙන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි කන්දරාව අතර ජේතවනාරාමයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි.
👉 ක්‍රිස්තු වර්ෂ 276 - 302 අතර කාලයේ අනුරාධපුරයේ රජකළ මහසෙන් රජු විසින් ඉදි කරන ලද ජේතවනාරාමයේ උස මීටර් 122ක් හෙවත් අඩි 400කි. මෙය ඉදිකිරීම සඳහා ගඩොල් නවකෝටි තිස්තුන් ලක්ෂණයක් පමණ වැයවී ඇති බව සැලකේ.
👉 මේ අනුව ජේතවනාරාමය යනු පැරණි කාලයට අයත් විශාලතම ඉදිකිරීම් අතර ලෝකයේ දෙවැනි ස්ථානය හිමි වන නිර්මාණය වන අතර, උස අනුව එය දෙවැනි වන්නේ මිසරයේ ගීසා පිරමිඩයට පමණි.
👉 20 වන සියවසට පෙර ඉදිවූ ලෝකයේ විශාලතම ආකෘති 200ක පමණ ලැයිස්තුවක් විකිපීඩියා විශ්ව කෝෂයේ දක්නට ලැබේ. ඒ අතරින් අතිබහුතරය ක්‍රිස්තු වර්ෂ 1000න්වත් පසුව සාපේක්ෂව මෑත කාලයේදී ඉදි කළ නිර්මාණ වෙයි.
👉 ක්‍රිස්තු පූර්ව යුගවල ඉදිකළ නිර්මාණ මේ ලැයිස්තුවේ ඇත්තේ 17ක් පමණක් වන අතර ඒ අතරට මිරිසවැටිය (ක්‍රි.පූ. 161 - 137), රුවන්වැලි සෑය (ක්‍රි.පූ. 161 - 137) හා අභයගිරිය (ක්‍රි.පූ. 89 - 76) යන ශ්‍රී ලංකාවේ නිර්මාණ තුනක්ම අයත් වීම විශේෂ කරුණකි. මේවායේ උස පිළිවෙළින් අඩි 192, අඩි 300ක් හා අඩි 245කි.
👉 ජේතවනාරාමය ඉදිවනුයේ ක්‍රි.ව. තුන්වන සියවසේදී වන අතර, එය පෙර කී චෛත්‍ය තුනටම වඩා විශාලය. එය පැරණි කාලයට අයත් ලෝකයේ විශාලතම ආකෘති අතර දෙවැනි ස්ථානය ගන්නා නිර්මාණය බවට පත්වී ඇත්තේ ඒ අනුවය.
Next page - Isuru prasanga
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..
මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?
බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..