News Category
From Date
To Date
Maximum Number of Result

"අනුර පොඩි මිනිහෙක්"

Nov 24, 2026 at 10:07 AM
|

"අනුර පොඩි මිනිහෙක්" කියලා ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රිතුමා කියන කතාවක් මේ දවස්වල හරිම ජනප්‍රියයි..

ඔහු හරිම ආකර්ෂණීය විධියට මෙය සමාජගත කරනවා..

හැබැයි මම අනුර හරිම පුංචි මිනිහෙක් කියලා කිව්වෙ මීටත් කලින් මේ අවුරුද්දේ ජනවාරි වල.. 

මේ ඒ ලිපිය නැවත උපුටා දැක්වීමක්..

( උපුටා දැක්වීම)

අනුර දැන්වත් ඔබ විපක්ෂ භූමිකාවෙන් සහ වාචාල දේශපාලනයෙන් මිදෙන්න...

අනුර ඔබ සහ ඔබේ ආණ්ඩුව හරිම පුංචි මොන්ටිසෝරි ආණ්ඩුවකි. නොමේරූ ළදරු ආණ්ඩුවකි. ඔබේ අදහස්, ඔබේ කතාව, ඔබේ වැඩ සියල්ලම හරිම පුංචිය.

ඔබ යාපනෙ ගොස් කියූ සිරිමා බෝධිය පහු කරගෙන යාපනෙ පැමිණ සිල් ගැනීමෙ කතාව රටක රාජ්‍ය නායකයෙක් කිසිදා නොකළ යුතු කතාවක්ය. 

එය වෛරී ප්‍රකාශයකි. ඔබ ඒ සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජනතාවගෙන් සමාව ගත යුතුය. මේ රටේ නායක හිමිවරුන් එය කරන තුරු ඔහුට බ්‍රහ්ම දණ්ඩනය වැනි විනය දඬුවමක් පැනවිය යුතුය.

ඔබ තවමත් ඉන්නෙ මැතිවරණ වේදිකාවකය. ඔබ තවමත් ඉන්නෙ අනිකුන් විවේචනය කරන විපක්ෂයෙ භූමිකාවකය. මිනිස්සු දුටු විට චූන් වී මොනවාද කියන්නෙ කියා ඔබවත් නොදන්න මන්දමානසික තත්වයකය..

ඇත්තම කතාව මේ තනතුර ඔබට බර වැඩිය. මේ ආයතනයක පියන් ඒ ආයතනයෙ CEO උනා වැනි තත්වයකි. ඔබ ජනාධිපති වූයෙ කටිනි. කටින් ජනාධිපති කම ගත්තාට කටින් එය පවත්වාගෙන යා නොහැකිය.

ඔබට සහ ආණ්ඩුවට සැලැස්මක් නැත, ප්‍රතිපත්තියක් නැත, අත්දැකීම් නැත. දැන්වත් ඔබ එය පිළිගත යුතුය.

ඔබ මේ රටේ සුළුතර ජනාධිපති බව ඔබට අමතකය... 

මේ රටේ චන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයකින් (17,100,000 ) ලක්ෂයකින් ඔබ ගත්තෙ චන්ද ලක්ෂ පනස් හයකි ( 5,600,000 ). 

මේ රටේ චන්දදායකයින්ගෙන් එක්කෝටි පහලොස් ලක්ෂයක් ඔබට චන්දය දී නැත. ඒ කියන්නෙ ලියාපදිංචි චන්දදායකයින්ගෙන් 68% ක් ඔබට චන්දය දී නැති බව මතක තබා ගත්තොත් හොඳය.

ඒ චන්දය දුන් ප්‍රමාණයද ඔබට චන්දය දුන්නෙ ඔබ මහා වැඩ්ඩෙක්යැයි සිතා නොව ඔබලා විසින් වසර ගණනාවක් මේ රටේ මිනිස්සුන්ට බොරු කියා ඔවුන්ගේ ඔළු වල වැපිරූ වෛරය නිසා ඒ සිස්ටම් එක ගැන කලකිරිලාය. 

ඒ නිසා ඔබ ඉන්නෙ ජනාධිපති පුටුවේ ගැට්ටෙ බව මතක තබා ගත යුතුය. රටේ කරුමයට හරි හමන් විපක්ෂයක් නැත.

මේ වන විට ඔබේ ප්‍රබලතම ප්‍රතිවාදියා ඔබ විසින් අතීතයේදී සිදූ කළ කතා සහ ඔබගෙ අතීත භාවිතයමය. 

ඔබ හෙලිකොප්ටර් එකේ ගුලී වී මීයෙක් සේ හැංගි යන්නෙ ඔබේ ඒ අතීත කතා මතක් වන නිසා බව අපි දනිමු. අප මුල සිටම සිටියෙ රාජ්‍ය නායකයා කාලය ඉතිරි කිරීම සඳහා එවැනි වරප්‍රසාද ගතයුතුය කියන මතයේය. ඒ නිසා ඔබ හෙලිකොප්ටර් භාවිතා කිරීම අපට ගැටළුවක් නෙවේ.

ඒ නිසා ඊලඟ මැතිවරණයේදී බලයට පත් වීමට ඔබ සිතාගෙන සිටිනවානම් එය කටින් කළ නොහැකිය. ඔබ එය සිදුකළ යුත්තෙ වැඩ වලින්ය. ඒත් ඔබ තවමත් කටින් ජනාධිපතිය.

පශ්චාත් ගංවතුර තත්වය ඔබ කළමණාකරණය කරේද කටින්ය. වගකීම් විරහිත පොරොන්දු රාශියක් පාර්ලිමේන්තුවේදි දී ඔබ මහ පොළොවෙ දි පස්ස බිම ඇනගෙන ගත්තේය. 

ඒත් ඔබට ලැජ්ජ නැත. ඔබ යාපනෙ ගොස්ද පොරොන්දු කප්පරක් දී ආවේය. කෝ සර් ගිය මාසෙ විවෘත කරනවා කියපු ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක කියා අහන්නට උන්ටද මතක නැත.

ඔබ පශ්චාත් ගංවතුර අවස්ථාවේ සහ යාපනේ ගොස් තවමත් දෙන්නෙ මැතිවරණ පොරොන්දුය. දැන් අවශ්‍යය ලඟ පිකප් චූන් නොව වැඩය. 

ඔබ යාපනයෙ ගොස් කරන්නෙ ඔබේ චන්ද පදනම වැඩි කර ගැනීමට උත්සාහ කිරීමයි. දකුණේ ඔබේ චන්ද පදනමට කෙළ වී ඇති බව දේශපාලනයෙ පොඩි එකෙක් පවා දනී. 

ඔබට වැරදුණ තැනක් ඇත. ඒ උතුරු නැගෙනහිර චන්ද සහ මධ්‍යම කඳුකරයේ වතු ද්‍රවිඩ චන්ද තවමත් මෙහෙයවන්නෙ ඉන්දියාව බව ඔබ නොදැන සිටීමයි. කොහෙ හිතන්නද ඔබ තවමත් පුංචි මිනිසෙකි.

පසුගිය සතියෙ දින 05 ක් ඇතුළත සෘජුව ඔබේ ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාවට බරපතල පහර දීම් තුනක් සිදු කළේය. 

◾ ත්‍රීකුණාමලය බුද්ධ ප්‍රතිමාව තැන්පත් කිරීමෙ සිද්ධියේදී මුල පටන්ම ඔබ සිටියෙ සිංහල බෞද්ධ මතයට පටහැනිවය. විරුද්ධවය. ගරු අධිකරණය මගින් ඒ හිමිවරුන් සිරගත කළත් ඒ සඳහා පාර කැපුවෙ ඔබ සහ ඔබේ ආණ්ඩුවයි.

◾ රටේ ප්‍රධාන ඇමතිවරයෙක් රටේ භික්ෂුවක් සම්බන්ධයෙන් නොකළ යුතු පරිභවයක් සිදු කළේය..

◾ තුන්වෙනි සිදුවීම ඔබ විසින් යාපනයේදී සිදු කළ තුච්ඡ, නිහීන, නින්දිත, වෛරී ප්‍රකාශයයි..

දැන්වත් ඔබ සහ ඔබේ ආණ්ඩුව ඔබලාගෙ කැපෑසිටිය තේරුම් ගන්න. ඔබේ ආණ්ඩුව හයේ පොතක්වත් ගහ ගන්න බැරි ආණ්ඩුවකි. 

එවැනි හයේ පොතක්වත් ගහගත නොහැකි වගකීම් විරහිත ආණ්ඩුවක් ඉන්දියාව සහ අනිකුත් රටවල් සමග ගැසූ ගිවිසුම් ගැන මතක් වෙනකොටත් ඔළුව කුරුවල් වෙන්නේය. ඇඟ සීතල වන්නේය.

රූපවාහිනි වැඩසටහනකට ආ ආර්ථික විශේෂඥයෙක් කිව්වෙ පවතින තත්වය තුළ දේශපාලන නායකත්වයක් නැතත්, ඔටෝ පයිලට් තත්වයක් තුළ වුවත් මේ ලඟා කරගෙන ඇති ආර්ථික ඉලක්ක ළඟා කරගත හැකි බවයි.

ඒ නිසා ඉතුරු ඉතුරු අවුරුදු තුනේ ලොකු වැඩ නොකර ඔය කැරකෙන බෝලෙ, එළුවන් කන්නයි මම ආවේ, මේ ළමයා කොයින්දො දඩිං බිඩිං ඩෝං වගේ සෙල්ලමක් කරගෙන., මේ ගසේ බෝ පැණි දොඩම් ඇතේ වැඩිය කඩන නරක ලමයි එහෙම නෙවේ අපි වගේ ළමා ගීතයක් කියාගෙන සිටීම ඔබටත් හොඳය රටටත් හොඳය.

කරන්නම දෙයක් නැත්නම් බිලඩින් බ්ලොක්ස් ටිකක් අරගෙන මොනවා හරි පුංචි නිර්මාණයක් කරන්න. පුළුන් වලින් හාවෙක්, පරිප්පු වලින් මලක් අලවන්න. 

ඇත්තටම අනුර ඔබ සහ ඔබේ ආණ්ඩුව තවමත් මොන්ටිසෝරි ආණ්ඩුවකි. ඔබ මේ රටේ ජනාධිපති වන්නට තියා මොන්ටිසෝරියක පන්ති නායක කමටවත් සුදුසු නැත. ඔබ කැමති උනත් අකමැති උනත් තිත්ත ඇත්ත එයයි.

( උපුටා දැක්වීම අවසන්)

- නිලන්ත සත්සර ගමගේ 

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

මම දැන් කටුගාන කතාව දිගු උනත් ගන්න දෙයක් තියෙනවා.. කැමති නමි කියවන්න. විශේෂයෙන්ම රජයේ සේවකයෙක් නමි ..
ඉතිහාසය යනු අතීත සිදුවීම් පිළිබඳ තොරතුරු දැනගැනීම පමණක් නොව, වර්තමානය අවබෝධ කරගනිමින් අනාගතය වඩාත් යහපත් ලෙස ගොඩනඟා ගැනීමට මඟ පෙන්වන වටිනා විෂය ක්ෂේත්‍රයකි.
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ට එරෙහිව මැතිවරණයට පෙර සිදුකළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එහිදී වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට දැඩි විවේචන එල්ල කරන අයුරු දක්නට ලැබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ පන්තියක ඉගෙනුම ලැබූ මේ තරුණ සිසුවාට හැමදාම පාසල ඇරුණු පසු අමුතු පුරුද්දක් තිබුණා. පාසල නිම වූ සැණින් ප්‍රධාන ගේට්ටුව අසලට එන ඔහු, කවුරුන් හෝ එනතුරු බලා සිටිනවා. ටික වේලාවකින් එතැනට එන මැදිවියේ කාන්තාවක් සමඟ ඔහු නිවස බලා පිටත්ව යනවා.
පූජ්‍ය හකුරුවෙල චන්දාලෝක හිමිගේ මුහුණු පොතේ පළකළ අදහසක් පහතින් දක්වා තිබේ. චන්ද්‍රාලෝක හිමියන්ගේ මේ ප්‍රකාශය නිවැරදි නම් සිදුවීම් පෙළගැස්වී ඇති ආකාරය පිළිබඳව මෙරට ජනයා නිවැරදිව අවබෝධ කරගත යුතුය
තිස්ස ජනනායක මහතා විසින් තමන් ආදායම් බදු ගෙවූ ආකාරය පැහැදිලි කරමින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළකර ඇති සටහනක් පහතින් දක්වා තිබේ.
රාජ්‍ය නොවන සංවිධාන කෙරුවාව ලංකාව තුල තහනම් හෝ නීතිවිරෝධී දෙයක් නොවේ ය. ප්‍රජාතාන්ත්‍රවාදී නිදහස තුල ඊට අවකාශ නිදහස ලබා දී ඇත. එමෙන්ම ඒවා ගැන අපගේ අදහස දැක්වීමටද අපටද ප්‍රජාතාන්ත්‍රවාදී නිදහස ඇත. එමනිසා ජාතිවාදී ඊනියා බෙරය ගසමින් ටිපර් පාක් කිරීමෙන් වලකින්න
අනුරාධපුර සත්‍යග්‍රහය ඉස්සරහ තනියෙම විරෝධයක් කළ තරුණයා රාජාංගනයේ සද්ධාරතන චීවරධාරියා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
භික්ෂූන් වහන්සේලාට පහර දීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ චෝදනාවට ලක්වූ පොලිස් නිලධාරියකු සහ අනුරාධපුර පූජාභූමියේ භික්ෂූන් වහන්සේලාගේ සත්‍යග්‍රහයට පැමිණ එහි ගැටුමක් ඇතිකර ගැනීමට මුල්වූ බවට චෝදනා ලැබූ භික්ෂූත්වයෙන් නෙරපූ මාලිමාවේ භික්ෂු පෙරමුණේ සිටි රාජාංගනයේ සද්ධාරතන නමැති චීවරධාරියා එකට සිට ලබාගන්නා ලද ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ප්‍රධාන පුවත්

ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්

ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායලයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට මෙන්ම 'මොසාඩ්' බුද්ධි අංශ සාමාජිකයන්ට ඉඩකඩ ලබාදීම රටේ ජාතික ආරක්ෂාවට, අනාගතයට මෙන්ම වාර්ගික සහජීවනයට ද බරපතළ තර්ජනයක් විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය

එදා රාජ්‍ය සේවකයන්ගේත් ගුරුවරුන්ගේත් අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවලට එරෙහිව සටන් මෙහෙයවූ ලාල්කාන්ත සහ මහින්ද ජයසිංහ අද ආණ්ඩුවේ බලයත් තනතුරුත් අතට ලැබුණු පසු එම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ගුරුවරුන්ට එරෙහිව කතා කිරීම තරම් දේශපාලනික විහිළුවක් තවත් නැතැයි ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා ප්‍රකාශ කළේය.

ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..

ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිෂ්පාදන සමාගම වන Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO), සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජෙන්සන් හුවාං (Jensen Huang) වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පත් කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Ahasa News නාලිකාවේ විකාශය වූ "බලසටන" වැඩසටහනේදී විශේෂ අනාවරණයන් රැසක් සිදුකර තිබේ.

බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..

තිඹිරිගොල්ලෑව - බක්මීටියාව රක්ෂිත වනාන්තරයෙන් අක්කර 1,100ක භූමි ප්‍රමාණයක් නිදහස් කර අනවසර වගාකරුවන්ට බෙදාදීමට රජය සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ, මෙරට රක්ෂිත වනාන්තර පද්ධතියේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ප්‍රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..

ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ‘විදුතලෙයි චිරුතෙයිගල් කච්චි’ (VCK) පක්ෂයේ නායක තොල් තිරුමාවලවන් යාපනයේ සිදුකළ මතභේදාත්මක සංචාරය සංවිධානය කිරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසන බව The Island පුවත්පත වාර්තා කරයි.

"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්චිත ආර්ථික වර්ධන අනුපාතයක් ඉලක්ක කරගෙන කටයුතු නොකරන බවත්, සිය ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීම බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසු හෝ ඊට ආසන්න කාලවකවානුව තුළ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර තිබේ නම්, එය ඉදිරියේදී ඔහුට විශාල ගැටලුවක් විය හැකි බව වරුණ රාජපක්ෂ පවසයි.

"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

දේශපාලනඥයන් තම තමන්ගේ ජයග්‍රහණය, අභිවෘද්ධිය සහ පැවැත්ම වෙනුවෙන් මහා සංඝරත්නය යොදාගෙන, එය තමන්ට අවාසියක් වන අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලාට දොස් පැවරීම සාමාන්‍ය ස්වරූපයක් බවට පත්ව ඇතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

නිමාවට පත් වූ APEC සමුළුවට සමගාමීව ඇමරිකාව, රුසියාව සහ චීනය යන ලෝක සුපිරි බලවතුන් තිදෙනා අතර ඓතිහාසික එකඟතා කිහිපයක් ඇති වුවද, මැදපෙරදිග සහ යුක්රේන යුද ගැටුම් නව වටයකින් තීව්‍ර වීමේ දැඩි අවදානමක් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වත්මන් සභාපති උදිත ගයාශාන් ගුණසේකර ලබාගන්නා වැටුප සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විවේචන එල්ල කර තිබේ.

2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..

2023 සහ 2024 වසරවලදී ඉහළ ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය 2025 වසරේදී රුපියල් බිලියන 38.74ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව හෙළි වෙයි.

ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

චීනයේ ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වන ආසියා-පැසිපික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව සිදුවන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් යන ලෝක බලවතුන් තිදෙනාගේ හමුව, 1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක දේශපාලනයේ සිදුවන අතිශය තීරණාත්මක සහ ඓතිහාසික සන්ධිස්ථානයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.