ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
Divaina Online ඔස්සේ පළ වූ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා, මහවිරු සතිය නිමිති කරගෙන සිදු කෙරෙන සැමරුම්, ජාතික කොඩිය සම්බන්ධයෙන් පළ වූ මතභේදාත්මක ප්‍රකාශය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ හැසිරීම පිළිබඳව සිය අදහස් දැක්වීය.
නොවැම්බර් 21 සිට 27 දක්වා ක්‍රියාත්මක මහවිරු සතියේ ඓතිහාසික පසුබිම විග්‍රහ කළ ඔහු, 1982 නොවැම්බර් 27 වැනිදා 'ශංකර්' නමැති සාමාජිකයාගේ මරණය මූලික වුවද, එම සැමරුම් 1989 දී ඉන්දීය සාම සාධක හමුදා පිටව යාමට ආසන්න කාලයේ ආරම්භ වී, 1991 සිට 2008 දක්වා සංවිධානයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා යොදා ගත් බව පෙන්වා දුන්නේය.
වර්තමානයේ සිදු කෙරෙන සැමරුම්වලින් බහුතරයක් යුද්ධයට සෘජුව සම්බන්ධ වූ හෝ ජීවිත අවදානම් ගත් පිරිස් නොව, ඩයස්පෝරාව ඇතුළු විවිධ පාර්ශ්ව විසින් දේශපාලන වාසි සහ සමාජ මාධ්‍ය හරහා බලයක් පෙන්වීම සඳහා සිදු කරන ක්‍රියාකාරකම් බව ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා මගින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු බෙදුම්වාදී මතවාදය යළි හිස එසවීමේ හැකියාවක් නොමැති බවත්, දෙමළ ජනතාව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කළ ඝාතන සහ අභ්‍යන්තර ගැටුම් පිළිබඳව මැනවින් දන්නා බවත් ඔහු අවධාරණය කළේය,.
මේ අතර, මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික කොඩිය වෙනස් කිරීම සම්බන්ධයෙන් 'මොහොමඩ් ෆසාල්' නමැති පුද්ගලයෙකු කළ ප්‍රකාශය සුළු කොට තැකිය නොහැකි බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහරාන් ඇතුළු පිරිස් සිදු කළ ප්‍රකාශ මෙන් මෙවැනි අදහස් දැක්වීම් සම්බන්ධයෙන් රජය විමර්ශන සිදු කරන්නේද යන්නත් ඔහු ප්‍රශ්න කළේය.
එම ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ සිදු වූවක් බැවින්, ඒ සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කිරීමට වඩා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පතා නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවද, ආණ්ඩුව සහ රාජ්‍යය යන සංකල්ප දෙක වෙනස් බැවින් මෙවැනි ප්‍රකාශවලින් බලපෑම් එල්ල වන්නේ රාජ්‍යයට බවද ඔහු පෙන්වා දුන්නේය.
තවද, විරෝධතා සහ ගැටුම් අවස්ථාවලදී දකුණේ පොලිසිය ක්‍රියා කරන ආකාරය සහ උතුරේදී පොලිසිය ක්‍රියා කරන ආකාරය අතර පැහැදිලි වෙනසක් පවතින බවට මහජනතාව තුළ ප්‍රශ්න මතුව ඇති බවත්, දේශපාලන මැදිහත්වීම් සහ බලපෑම් හේතුවෙන් පොලිසියට නිදහසේ ක්‍රියා කිරීමට නොහැකි තත්ත්වයක් ඉතිහාසයේ සිටම පැවති බවත් ෆර්ඩිනැන්ඩු මහතා ප්‍රකාශ කළේය.
30 වසරක යුද්ධයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට යළි එවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බව ඔහු පවසයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..
මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?
බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..