ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායලයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට මෙන්ම 'මොසාඩ්' බුද්ධි අංශ සාමාජිකයන්ට ඉඩකඩ ලබාදීම රටේ ජාතික ආරක්ෂාවට, අනාගතයට මෙන්ම වාර්ගික සහජීවනයට ද බරපතළ තර්ජනයක් විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ මෑතකදී හඳුන්වා දුන් ගාස්තු රහිත මාර්ගගත වීසා ක්‍රමවේදයට ඊශ්‍රායලය ඇතුළත් කිරීමට ගත් තීරණය පිටුපස ඇති හේතු සහ ක්‍රියාවලිය පිළිබඳව රජය පැහැදිලි කිරීමක් කළ යුතු බවයි.
පලස්තීනයේ සිදු වූ බව කියන මරණ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්ව විවේචන එල්ල කරමින් සිටින පසුබිමකත්, යුරෝපය, කැනඩාව සහ මැදපෙරදිග ඇතුළු රටවල් රැසක් ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සීමා කරමින් සිටින තත්ත්වයක් තුළත් මෙම වීසා සහනය ලබාදීම සුදුසුද යන්න ඔහු ප්‍රශ්න කළේය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා සෙබළුන්ට විවේක ගැනීම සඳහා මෙරටට පැමිණීමට මෙමගින් අවස්ථාව සැලසෙන බවට ද ඔහු චෝදනා කළේය.
එමෙන්ම කොළඹ 'සිනමන් රෙඩ්' හෝටලය ඉදිරිපිට පිහිටි 'චබාඩ් හවුස්' මධ්‍යස්ථානය නීතිවිරෝධී එකක් බවට අග්‍රාමාත්‍යවරිය කලින් ප්‍රකාශ කර තිබියදීත් එය මෙතෙක් වසා දැමීමට පියවර නොගැනීම ගැන මන්ත්‍රීවරයා සිය විමතිය පළ කළේය.
එම මධ්‍යස්ථානයට මීට පෙර ලබා දී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා (STF) ආරක්ෂාව වෙනුවට මේ වන විට සාමාන්‍ය පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබීම පිළිබඳවද ඔහු කරුණු විමසූ අතර, පෙර කිසිදු රජයක් ලබා නොදුන් පුළුල් ඉඩකඩක් වත්මන් පාලනය යටතේ ඊශ්‍රායලයට ලබා දී ඇති බවට ද චෝදනා කළේය.
2024 අගභාගයේදී ආරුගම්බේ ඇතුළු සංචාරක කලාපවල රැඳී සිටි ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවට ඇමෙරිකාව ඇතුළු රටවල් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමඟ මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයන් සහ ඔවුන්ගේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පුළුල් සමාජ හා දේශපාලන සංවාදයක් මතු විය.
ශ්‍රී ලංකාව සාම්ප්‍රදායිකව ජාත්‍යන්තර සමුළුවලදී පලස්තීන රාජ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින අතරම, කෘෂිකර්ම සහ විදේශ රැකියා වැනි ක්ෂේත්‍රවල ඊශ්‍රායලය සමඟ රාජ්‍ය මට්ටමේ සබඳතා ද පවත්වාගෙන යයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..
බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..
ප්‍රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..
"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි
හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්