මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
පුවත්පත් හරහා කුලය ඉස්මතු කරමින් පළකරන විවාහ දැන්වීම් මෙන්ම සමාජය නොමඟ යවන සුළු මිථ්‍යා විශ්වාස, හදි හූනියම් සහ වශී ගුරුකම් ප්‍රවර්ධනය කෙරෙන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා නව මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සහ නීතිමය රාමුවක් සකස් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
සතිඅන්ත පුවත්පත්වල මංගල දැන්වීම් පිටු ඔස්සේ නිශ්චිත කුලයන් සඳහන් කරමින් දැන්වීම් පළකිරීම තුළින් සමාජය තුළ වක්‍ර හිංසනයක් සහ බෙදීමක් නිර්මාණය වන්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය පෙන්වා දුන්නේ, පුද්ගල තීරණ පිළිබඳ කාරණා පසෙක තැබුවද සමාජයක් වශයෙන් මෙවැනි ප්රවණතා පිළිබඳව රජයේ දැඩි අවධානය යොමුව ඇති බවයි.
විශේෂයෙන්ම ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කාන්තාවන් සහ පිරිමින් ඉලක්ක කරගනිමින් මිථ්‍යාව වපුරන වෙළෙඳ දැන්වීම් බහුලව ව්‍යාප්ත වී ඇති බව ඇය පෙන්වා දුන්නාය. වශී ගුරුකම්, විවිධ තෙල් වර්ග ආලේප කිරීමෙන් සියල්ල විසඳෙන බව කියන ප්‍රචාර මඟින් ජන මනස විකෘති කරමින්, ඉදිරි පරපුර පවා නොමඟ යැවීමේ දැවැන්ත ප්රයත්නයක් පවතින බවත්, මෙවැනි විකෘති තත්ත්වයන් වහා පාලනය කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.
ඕනෑම සමාජයක් පසුපසට නොගොස් ප්රගමනයක් කරා ඉදිරියට ගමන් කළ යුතු බව ප්‍රකාශ කළ අමාත්‍ය සරෝජා පෝල්රාජ්, කලාව, මාධ්‍යය මෙන්ම සාහිත්‍යය ද සමාජය නිවැරදි දිශානතියකට මෙහෙයවන මෙවලම් විය යුතු බව පැවසුවාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..
මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?
බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..
බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..
ප්රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..
"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි
හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ