මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ඓතිහාසික මාතලේ අළු විහාර පූජා භූමියේ යාර 400ක ප්‍රේරණ කලාපය තුළ පවතින පුරාවිද්‍යා රෙගුලාසි සහ ගැසට් නිවේදන උල්ලංඝනය කරමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.
අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ 1971 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයට සහ පුරාවිද්‍යා පනතේ ප්‍රතිපාදනවලට අනුව මෙම ප්‍රේරණ කලාපය තුළ නව ඉදිකිරීම් සිදු කළ නොහැකි බවයි.
1958 වසරේ ලියාපදිංචි කර තිබූ කුඩා මුස්ලිම් පල්ලියක් වෙනුවට වර්ග අඩි 10,000ක දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට 2025 අගෝස්තු මාසයේදී මාතලේ නගර සභාවෙන් අවසර ලබා දී තිබේ. කෙසේ වෙතත්, විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ පැමිණිල්ලක් මත, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාගන්නා තෙක් ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට මාතලේ නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වාර්තා කැඳවීමේදී, අදාළ ප්‍රදේශයේ පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂවරයා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූජාභූමි සංවර්ධන නිලධාරිනිය විසින් මෙම ඉදිකිරීම ගැසට් නිවේදනය උල්ලංඝනය කිරීමක් බැවින් එය සිදු නොකළ යුතු බවට ලිඛිතව දැනුම් දී තිබේ.
එම වාර්තා තිබියදීත්, පුරාවිද්‍යා වැඩබලන අධ්යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහතා සහ එම දෙපාර්තමේන්තුවේ වාස්තුවිද්‍යා අධ්යක්ෂ ප්‍රසන්න රත්නායක මහතා 2026 අගෝස්තු මාසයේදී එම ස්ථානය පරීක්ෂා කර, ඔවුන් විසින් ලබා දුන් සැලසුමකට අනුව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට අනුමැතිය ලබා දී ඇති බව වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙම තීරණය හරහා විහාර දේවාලගම් පනත මෙන්ම පුරාවිද්‍යා පනත ද උල්ලංඝනය වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, මෙය කිසිදු ආගමකට හෝ පල්ලි ඉදිකිරීමකට එරෙහි වීමක් නොව, නීති විරෝධී ක්‍රියාමාර්ග හරහා අනාගතයේදී ඇති විය හැකි ආගමික ගැටුම් වළක්වා ගැනීම සඳහා කරන හෙළිදරව්වක් බව අවධාරණය කළේය.
පහළ නිලධාරීන්ට මුදල් ලබා දීමට උත්සාහ කළ බවට තොරතුරු ඇති බැවින්, ඉහළ නිලධාරීන් මෙලෙස නීතියට පටහැනිව අවසර ලබා දුන්නේ කුමන බලපෑමක් හෝ ගනුදෙනුවක් මතද යන්න සොයා බැලීමට වහාම විශේෂ කොමිසමක් හෝ පරීක්ෂණයක් පත් කරන ලෙස වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..
මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?
බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..