News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ බොහෝ NGO සර්වආගමික මුහුණුවරක් තුළ සිටිමින් කරනුයේ ක්‍රමිකව බෞද්ධ තරුණ පිරිස මොට කිරීමද?..

Nov 18, 2026 at 02:47 PM
|

(රාජ්‍ය නොවන සංවිධාන කෙරුවාව ලංකාව තුල තහනම් හෝ නීතිවිරෝධී දෙයක් නොවේ ය. ප්‍රජාතාන්ත්‍රවාදී නිදහස තුල ඊට අවකාශ නිදහස ලබා දී ඇත. එමෙන්ම ඒවා ගැන අපගේ අදහස දැක්වීමටද අපටද ප්‍රජාතාන්ත්‍රවාදී නිදහස ඇත. එමනිසා ජාතිවාදී ඊනියා බෙරය ගසමින් ටිපර් පාක් කිරීමෙන් වලකින්න)

පසුගිය කාල සීමාව පුරා අප ඇස ගැටුණු දේවල් දෙකක් අප ඔබට පෙන්වා දුන්නෙමු..

---ගුරු පුහුණු තුලට ඉස්ලාම් පල්ලි විසිට් ඇතුලත් කර සිංහල තරුණියන් පල්ලි වලට ගෙන්වා ඉස්ලාම් දේශනා දීම...

---පාසලට පැමිණෙන සිංහල පාසල් දරුවන්/දැරියන් විසිට් ලෙස ඉස්ලාම් පල්ලි ඇතුලට ගෙන්වා කුරාන් ලබාදී, යාඥා කරනා හැටි කියාදී, ඉස්ලාම් දේශනා පැවැත්වීම...

එම කරුණු දෙකම අතරේ අහම්බෙන් ඇස ගැටුණු යමක් මෙසේ සඳහන් කිරීමට සිත් වුණෙමි.. (ප්‍රතික්ෂේප කිරීමට හෝ නොසලකා හැරීමට ඔබට පූර්ණ නිදහස ඇත. මන්ද අදහස් දැක්වීමටද අපටද නිදහස ඇති බැවිනි).

රාජ්‍ය නොවන සංවිධාන (NGO) නාමයෙන් සිදුවන ඇතැම් සහජීවන තේමා මුලික කරගත් වැඩසටහන් වේ. උක්ත සංවිධානයද ලෝක ප්‍රසිද්ධ පැරණි සංවිධානයකි. එය ගැන අපට ගැටළුවක් නැත..

එම සංවිධාන ලොව පුරා ව්‍යාප්තව ප්‍රාදේශීය වශයෙන් දක්වා ශාඛා පවත්වාගෙන යති. ඒවා ඔස්සේ විවිධ ව්‍යාපෘති සිදුකරනු ලැබේ. ඒවා අතර හොඳ ව්‍යාපෘති, සමාජ සේවා ඇත. නමුත් ඒ තුලින්ම සහජීවන ආදී තේමා රැගත් සර්වාගමික වැඩසටහන්ද ක්‍රියාත්මක වනු පෙනේ.. 

මේ සහජීවන වැඩසටහන් තුලද අප ඉහතින් පෙර සඳහන් කල අවස්ථා දෙකේම ලක්ෂණ දිස් වේ..

🔴එනම් මේ සහජීවන වැඩසටහන් සියල්ලෙහිම එක කොටසක් වෙන් වනුයේ ඉස්ලාම් පල්ලිය තුලට අන්‍යාගමික ප්‍රජාව (විශේෂයෙන්ම තරුණ හෝ ළමා) ගෙන්වා ගැනීම, ආගමික දේශකයෙකු ලවා ආගමික දේශනාවක් ලබා දීම, ආහාර ලබා දීම යන කරුණු කිහිපය වේ.🟥

👉නමුත් කිසිම විටෙක අන්‍යාගමික තරුණ/දරු පිරිස බෞද්ධ විහාරයක් තුලට ගොස් වතාවත් කර, ධර්ම දේශනයකට සහභාගී වීම වැනි දෑ අප නම් නැත. අපට නම් එසේ කරවීමට කියා අමුතු අවශ්‍යතාවක්ද නැත. (ඒ වෙනුවට පොහෝ දිනයට පාර අයිනේ සිට තේ/බීම ටිකක් බෙදා දන්සැලක් පැවැත්වීම, බකට් ටිකක් එල්ලීම සිදුකර ෆොටෝ ගසනු ඇත. දන්වැට/දන්සැල යනු බෞද්ධ දේවල් නොවන බවත් ඒවා බුදුන් වහන්සේ ඉපදීමට ප්‍රථම පවා සමාජයේ යහපත් ලෙස සම්මතව සිදුවූ දේ බවත් අමතරව සඳහන් කරමු)

🔴මේ සහජීවන වැඩ සියල්ලට ලොකේෂන් වන්නේ ඉස්ලාම් පල්ලි වීම අහම්බයක් කියා ඔබට සිතේ ද?

එමෙන්ම යොදා ගන්නා ලෝගෝ සලකුණු වල පවා ඉස්ලාම් ආගමික සලකුණ වන අඩ සඳ-තරුව පමණක් ඉහලින්ම ඇත...(Ekaමුதூ වනවිට ධර්මචක්‍ර, කුරුස, ඕම් ලකුණු හැලී ඇත)

පෙර වාරවල සඳහන් කල ගුරු පුහුණු හා පාසල් දරුවන් සම්බන්ධව නම් සෘජුවම සිංහල බෞද්ධ ප්‍රජාව ඉලක්ක කර සිදුකල බව පෙනුණි...

නමුත් මෙම NGO ආදී කරුනේදී ඔවුන්ගේ පිරිස සමග මිශ්‍රව කරනු පෙනෙන්නට ඇත...(එයද ටැක්ටිකලි හොඳ ක්‍රමවේදයකි).

කෙසේ හෝ පාසල් දරුවන් සම්බන්ධ කරුනේදී හා ගුරු පුහුණු කරුණේ නම් අප සෘජුවම ඒ ගැන #විවේචනය කළෙමු...

මන්ද කුඩා දරුවන් සම්බන්ධ අයිතිය, රජයේ මුදලින් වන නිදහස් අධ්‍යාපනය, පාසල්/ගුරු පුහුණු විෂය නිරේදේශ වැනි කාරණා ඊට පදනම් වන නිසා වේ....

👉නමුත් මෙම ngo කරුණේදී අප එසේ නොකරමු. මන්ද අවුරුදු 18ට වැඩි තරුණ පිරිස ස්වේච්ඡාවෙන් සිදු කරන්නක් බැවිණි. නමුත් අපගේ අදහස් දැක්වීමේ අයිතිය අපට ඇත. 

අවුරුදු 18ට වැඩි වුවද දෙමව්පියන්ට තම දරුවන් ගැන සොයා බැලීමට, අවවාද අනුශාසනා දීමට, මග පෙන්වීමට ඒකාන්ත ලෙස අයිතිය ඇත..

එබැවින් අප කතා කරනුයේ දෙමාපියන්ට වේ.. මන්ද, යොවුන් තරුණ විය යනු නොමග හෝ මග යන දෙකෙන් කොයිකට හෝ යොමුවන්නට හැකි මොළ සේදිය හැකි වයස් ය..

ඔබ කොතෙකුත් සමාජ මාධ්‍යයේ මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් දැක ඇති ඉස්ලාමයට එන්න, ඉස්ලාම් මංපෙත ඉගෙනගන්න එන්න වගේ දැන්වීම්..

නමුත් ඒවා බලා යන කවුරුත් නැත..

සමාජ මාධ්‍යයේ දරුවන් නැති නිසා දරුවන් නම් ඒවා දකින්නෙත් නැත..

එමනිසා පහසුම දේ නම් පාසල්, ගුරු පුහුණු අස්සේ රොත්ත පිටින් ගෙන්වා දේශනා දී, පොත් බෙදා දී, යාඥා පෙන්වා ඒවා කිරීමය...

ඉන් මෙහාට එන විට තරුණ පිරිස් ඉලක්ක කර රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ සහජීවන/සර්වාගමික ව්‍යාපෘති සිදු කිරීම තුලින්ද පල්ලි තුලට ගෙන්වා දේශනා දීමට ඉඩ ප්‍රස්තාව ලැබෙනු ඇත..(මන්ද ස්වකැමැත්තෙන් පෞද්ගලිකව පල්ලියක් තුලට ගොස් දේශනාවක් ඇසීමට සිංහල මිනිසෙකු ලේසියෙන් නොයන බැවිනි)..

අනෙක් කරුණ නම් බල්ලන්, බළලුන් හැරුණු විට කෑම ස්වල්පයක් දී රැවටිය හැකි, ඉමෝෂනල් කල හැකි ජාතිය නූතන-සිංහල බව නොරහසකි..

එසේ නම් මේ සහජීවන යනු කුමක්ද?

ආගමික සහජීවනය යනු අනෙකුත් ආගමික මධ්‍යස්ථාන වෙත කුමන හෝ උපායෙන් ගෙන්වා දේශනා දීම නොවේ ය. තමන්ගේ ආගමක් තමන් අදහාගෙන සිටීම ප්‍රමාණවත් ය..

අනෙකුත් ආගමික මඩු වෙත ගොස් ඒවා ඉගෙනගන්න, දේශනා වලට සහභාගී වන්න කියා ලොව්තුරා බුදුන් වහන්සේ කිසිම තැනක අවවාද, අනුශාසනා දී නැත...මන්ද දේශනා කලයුතු සියල්ල මුල-මැද-අග පැහැදිලිව උන්වහ්ස්නේ දේශනා කර ඇත..(නමුත් අපේ මෝඩයන් රැවටී යන්නේ ය)

එමෙන්ම ඒ ආගම් වල පණිවුඩකරුවන්ද පිළිම වඳින හෝ බහුදේවවාදී ටෙම්පල් තුලට යන්නට, ඒවාට සහභාගී වී ඉගෙනගන්නටද කියා නැත..(එබැවින් ඔවුන් එසේ කරන්නේද නැත. ඔවුන් සිය පණිවුඩකරුගේ උපදෙස් පිළිපදි).. ඉගෙන ගන්නට කෙසේ වෙතත් පිළිම කඩා දමන්නට නම් උපදෙස් දී ප්‍රායෝගිව ආදර්ශයද ලබා දී ඇත...

අනෙත් කරුණ නම් මේ නූතන ලෝකයේ අන් ආගමක් ගැන ඉගෙනීමට අවශ්‍ය නම් පහසුවෙන්ම ඒවාගේ මූල ග්‍රන්ථ ඔබේ දුරකතනයෙන් පවා ඔබටම කියවා ගත හැක..එවිට ආගමික දේශකයන් මොළ සෝදා, කොලේ වසා ලබාදෙන දේශනා, සංස්කරණය කල පරිවර්තන පොත්, වෙනුවට මූල ග්‍රන්ථ වලම ඇති ඔරිජිනල් දෑ ඔබටම කියවා ගත හැක...

තරුණ ප්‍රජාවට සමාජ සේවය කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා ඕනා තරම් ඉඩ ඇත..

ඒවාට අප නොදන්නා න්‍යාය පත්‍ර ඇති ngo වෙත යෑමට අවශ්‍ය නොවේ...

🟢සිංහල බෞද්ධ තරුණයන් පළමුව එක්ව එකමුතු විය යුත්තේ සිය ගමේ පන්සලට ය..

රටට කරන්නට කලින් ගමට යමක් කල යුතුය..

(ඔය විදේශීය සංවිධාන වල සමාජ සත්කාර කරන්නවුන් සිය ගමේ/පන්සලේ ශ්‍රමදානයට, පින්කමට පවා එන්නේද, නැතිද යන්න ඔබම සිතා බලන්න)

එබැවින් ගමේ සිංහල බෞද්ධ තරුණ තරුණියන් එක්ව සංවිධානය වී සමාජ සේවය කල යුතුය...ඒ සඳහා ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ අවවාද, අනුශාසනා ලබා ගත යුතුය..

ඉන් ඔබ්බට ගිය විට එක්ව දාන, ශීල, භාවනා ආදී පින්කම් කරනා බොහෝ සංවිධාන ඇත.. ධර්ම දාන සංවිධාන ඇත.. ඒවාට එක් විය යුතුය... සමාජ ජාලයේ පවා එක්ව පින්කම් කරනු ලබන බොහෝ සංවිධාන ඇත..

මඝ මානවක තෙමේ, සිය මිතුරන් සමග එක්ව මහා සමාජ සේවයක් කල අයෙකි.. නමුත් ඔවුන් මිසදිටු දේශනා ඇසීමට නොගියහ..

එබැවින් ඔබේ තරුණ දරුවා සම්‍යක්දෘෂ්ටියේම පිහිටුවා ගැනීමටත්, මොළ සේදී නොයාමටත් වග බලා ගත යුතුය.. මන්ද යොවුන් විය යනු පදම් වන මැටි පිඩ වැනිය.. ඕනා අතකට නැවිය හැකිය.. නමුත් එසේ නවා හැඩගැස්වූ පසු එය වියළි දරදඬු වූ පසු වෙනස් නොවේ.. එබැවින් පදම් කල මැටි පිඩ ආරක්ෂාකාරීව රැකගත යුතුය...

පෙරකළ අපගේ සිංහලද්වීපයේ තරුණ ප්‍රජාව එක්වුයේ එකමුතු වුයේ සිය දැය, සමය රැකීමටය... එසේ රැකි බැවින් අදටත් අප තවමත් පැවතෙමින් ඇත.. 1848 මාතලේදී පවා අවසන් වරට සිංහලයන් එකමුතු වුයෝය...පුරන්අප්පුලා, ගොඩබණ්ඩලා, කැප්පෙටිපොලලා සහජීවනකාරයෝ හෝ ngo වල සාමාජිකයෝ නොවීය... අනගාරික ධර්මපාල තුමන්ලාද එසේය..

එබැවින් ඔබද එසේම වන්නට යෙහෙකි ය..

ආගමික සහජීවනයට සැබෑ ලෙසම අවශ්‍ය වන්නේ නම් කල යුත්තේ අවිශ්වාසවන්තයන් ම&රන්න, හැරයන්නවුන් ම&රන්න, වහල් වෙළඳාම් කරන්න, සතුන් ම&රන්න වැනි ඉගැන්වීම් ඇති දරුණු දෘෂ්ටීන් වලින් තරුණ/දරු පිරිස ආරක්ෂා කරගැනීමය..

---සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා---

(සැ:යු: ඉහත සංවිධාන සමග අපගේ පෞද්ගලික සම්බන්ධයක් හෝ එදිරිවාදිකමක් නැත. හුදෙක්ම අපගේ අදහස් දැක්වීම පමණි. ඇරත්, අප ආමන්ත්‍රණය කලේ අපගේ සිංහල බෞද්ධ ප්‍රජාවට වේ.. එය මේ සිංහලද්වීපයේ අපගේ නිදහස වේ)

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අනුරාධපුර සත්‍යග්‍රහය ඉස්සරහ තනියෙම විරෝධයක් කළ තරුණයා රාජාංගනයේ සද්ධාරතන චීවරධාරියා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
භික්ෂූන් වහන්සේලාට පහර දීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ චෝදනාවට ලක්වූ පොලිස් නිලධාරියකු සහ අනුරාධපුර පූජාභූමියේ භික්ෂූන් වහන්සේලාගේ සත්‍යග්‍රහයට පැමිණ එහි ගැටුමක් ඇතිකර ගැනීමට මුල්වූ බවට චෝදනා ලැබූ භික්ෂූත්වයෙන් නෙරපූ මාලිමාවේ භික්ෂු පෙරමුණේ සිටි රාජාංගනයේ සද්ධාරතන නමැති චීවරධාරියා එකට සිට ලබාගන්නා ලද ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
අනුරාධපුර සිදුවීමේ දී එම ස්ථානයට මිනිසුන් පැමිණියේ තමා වෙනුවෙන් බවත්, තමන්ට දැන් මරණ තර්ජන ඇති බවත් පවසමින් රාජාංගනයේ සද්ධාරතන නමැති චීවරධාරියා සමාජ මාධ්‍යයේ වීඩියෝවක් නිකුත් කර තිබේ.
ඇත්තටම කිව්වොත් අනුරගෙ පැය 05 ක අයවැය රොකට් සයන්ස් වලින් විග්‍රහ කර තේරමක් නැත. මක්නිසාදයත් එය පට්ටම පට්ට ජෝක් එකකි..
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක පැවැත්වූ වැඩසටහනක දී කුඩා දරුවකු විසින් පවසන කතාවක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.
බටහිර යටත්විජිතවාදීන් සහ ඉතිහාසඥයන් විසින් අප්‍රිකානු මහාද්වීපය ලෝකයට හඳුන්වා දෙන ලද්දේ කිසිදු සංස්කෘතියක්, ලේඛන කලාවක් හෝ බුද්ධිමය පසුබිමක් නොමැති "අඳුරු මහද්වීපයක්" (Dark Continent) ලෙසිනි. එහෙත්, යුරෝපා බලපෑම්වලට යටත්වීමට පෙර අප්‍රිකානු කලාපය තුළ අතිශය ප්‍රබල විද්‍යාත්මක, සාහිත්‍යමය සහ දාර්ශනික දැනුම් සම්භාරයක් පැවති බවට ඓතිහාසික සාක්ෂි රැසක් සොයාගෙන තිබේ.
ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් කියන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ පියා ලෙස සැලකෙන භෞතික විද්‍යාවේ මහා දැවැන්තයෙක්. ඔහු 1918 වසරේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් අයෙක්. හැබැයි ප්ලාන්ක් කියන්නේ විශ්වයේ අතිශය විධිමත් නීති සහ රටා පිටුපස මහා පරම සත්‍යයක් හෙවත් දෙවියන් ඇතැයි විශ්වාස කළ දේව භක්තිකයෙක්. ඔහු Religion and Natural Science නමින් ආගම හා ස්වභාවික විද්‍යාව අතර සම්බන්ධය විග්‍රහ කරන කෘතියක් පවා රචනා කොට තිබෙනවා.
කොළඹ සම්පූර්ණයෙන්ම කුණු කසල ඉවත් කර, කාණු පද්ධති සුද්ධකරන බවට ආණ්ඩුවට හිතැති සමාජ මාධ්‍යකරුවන් කිහිප දෙනෙකු විසින් පළ කර තිබූ ඡායාරූප 2019 දී දමිත පුෂ්පකුමාර නම් මහත්මයකු විසින් ඔහුගේ මුහුණුපොතේ පළකර තිබූ ඡායාරූප බව මේ වන විට අනාවරණය වී ඇත.
ළඟදීම තිරගත වන "සිරි ලංකන් සිස්ටම් චේන්ජ්" සිනමාපටයෙන් බිඳක්! රට වෙනස් කරන්න ආපු "වෙනස" රත්නපුරෙන් ලයිව් ඇක්ෂන් පිටින්ම බලාගන්න.

ප්‍රධාන පුවත්

ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..

කිසිදු විවෘත අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් තොරව, රුපියල් බිලියන 4.26කට අධික මහජන බදු මුදලක් වැය කරමින් ඊශ්‍රායලයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා 04ක් හදිසියේ මිලදී ගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු වී තිබේ.

චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමේ සිද්ධිය සම්බන්ධයෙන් චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන නායකයන් තිදෙනා නොවැම්බර් 19 වැනිදා චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී පළමු වරට එකම සාකච්ඡා මේසයකට එක්වීමට නියමිතය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම්වලට අදාළ වැඩිදුර කරුණු දැක්වීම අද (18) පස්වරු 1.30 ට අභියාචනාධිකරණයේ 110 වන අධිකරණ ශාලාවේදී සිදු කිරීමට නියමිතය.

රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

රාජ්‍ය බිඳ වැට්ටවීමට නම් සමාජය බිඳවැට්ටවිය යුතු බවත්, මේ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා බලවේග රාශියක් අතීතයේ සිටම විවිධ අයුරින් ක්‍රියාත්මක වුවත් එසේ බිඳ දැමීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට මෙම බලවේග ඉතා සූක්ෂම ලෙස ක්‍රියාන්විතයන් දියත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..

භූ දේශපාලනික ආතතීන් උත්සන්න වෙමින්, ආරක්ෂණවාදය ඉහළ යමින් සහ ගෝලීය ආර්ථික සහයෝගීතාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමක, ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වැනි APEC ආර්ථික නායක සමුළුව කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් වනු ඇත.

ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නොවැම්බර් 15 වැනිදා රුසියානු සමූහාණ්ඩුවේ මොස්කව් නුවරදී පැවැති නව යටත්විජිතවාදයේ නූතන භාවිතයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ (For the Freedom of Nations) මහා සභා රැස්වීමට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී විය.

අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන උපදේශක සභාවේ සම සභාපති ලෙස ක්‍රියාකරන වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤානතිලක හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අන්තර්ජාලයේ යම් ආන්දෝලනයක් ඇතිවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..

චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං (Alice Huang) සමඟ පැවැති සබඳතාවක් හෙළිදරව් වීමත් සමඟ ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන Nvidia හි නිර්මාතෘ ජෙන්සන් හුවාං (Jensen Huang) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම (පළමු වසරට) වාර්ෂිකව හතළිස් දහසකින් පමණ අඩු වී ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.

අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, 2027 වර්ෂයේ අයවැය ඉදිරිපත් කිරීම සජීවීව නැරඹීම සඳහා අදාළ දෙපාර්තමේන්තු සහ ආයතනවල සියලුම මණ්ඩල නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස දැන්වූ ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා යමින් සැකකරුවන් වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ නීතිවිරෝධී මූලික පරීක්ෂණයක් පැවැත්වීම අභියෝගයට ලක්කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික සම්බාධක සහ නාවික අවහිර කිරීම් හරහා ඉරාන ජනතාව සාගින්නට ඇද දැමීමට තර්ජනය කරමින් සිටින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි චෝදනා කරයි.

NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන NVIDIA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ ජෙන්සන් හුවාන් (Jensen Huang) සිය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස ඇත්තේ ඔහුට එල්ල වී ඇති චීන කාන්තාවක් හා සම්බන්ධ ඔත්තු බැලීමේ චෝදනාවක් නොව, කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ ඒකාධිකාරය පවත්වා ගැනීමට උත්සාහ කරන පාර්ශ්වයන්ගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විවෘත කළ දඹුල්ලේ එළවළු හා පලතුරු ගබඩා කිරීමේ උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලිත ගබඩා සංකීර්ණයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ බට සොරාගෙන ගොස් ඇති බවට දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.