තිස්ස සර්ගේ TAX ප්‍රශ්නය..
තිස්ස ජනනායක මහතා විසින් තමන් ආදායම් බදු ගෙවූ ආකාරය පැහැදිලි කරමින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළකර ඇති සටහනක් පහතින් දක්වා තිබේ.
1. මුලින්ම කිවයුතු වන්නේ තිස්ස ජනනායක වන මා හට මාලිමා රජය බලයට පත් වීමෙන් පසු කිසිදු අමතර බද්දක් අයකර නොමැති බවයි. මා වෙත තියා ආදායම් බදු ගෙවන කිසිම ගුරුවරයෙකුට අමතර බද්දක් පනවා නැත.
2. මා ආදායම් බදු ගෙවීම ආරම්භ කළේ 1998 වසරේදී ස්වකැමැත්තෙන් ස්වතක්සේරු ආදායම් බදු ගෙවන්නෙකු ලෙසයි. ගෙවූ ආදායම් බදු මුදල ද මීට අමුණා ඇත. එය එකල රු. 288කි.
3. එතැන් සිට මේ වන තෙක් (2026) පුරා වසර 28ක් තිස්සේ අතිවිශාල මුදලක් රජයට ආදායම් බදු ලෙස ගෙවා ඇත. කාට හෝ අවශ්‍ය නම් මුල් ලියකියවිලි සියල්ල මා සතුව ඇත.
4. Individual Income Tax (IIT) හෙවත් පුද්ගල ආදායම් බද්ද සහ Social Security Contribution Levy (SSCL) හෙවත් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ලෙස බදු දෙකක් පවතී.
5. SSCL නව බද්ද පනවනු ලැබුවේ 2021 ඔක්තෝබර් සිට 2022 සැප්තැම්බර් දක්වාය. මෙය ලාභය මත නොව දළ ආදායම හෝ පිරිවැටුම මත පැනවෙන බද්දකි. වාර්ෂික පිරිවැටුම දස ලක්ෂ 120 ඉක්මවූ අයට පමණක් මේ බද්ද පැනවිණි.
6. මගේ ආදායම ද වාර්ෂිකව දස ලක්ෂ 120 ඉක්මවා ඇති බැවින් 2022 වසරේ සිට එම බද්ද ද මට ගෙවීමට සිදු විය.
7. එබැවින් මට විශාල බදු මුදලක් ගෙවීමට සිදු වූයේ 2022 වසරේ සිටයි. එය මෙම රජය විසින් පැනවූ බද්දක් නොවේ.
8. මේ බදු මුදල ගෙවීමට මා විසින් කාලයක් ඉල්ලා සිටි අතර, ඒ කාලය තුළ බදු මුදල ගෙවාගෙන යමින් සිටිමි. බදු නොගෙවා සිටීම හෝ බදු පැහැර හැරීම හෝ බදු වංචා කිරීමක් කිසිවිට සිදුකර නැත.
9. එසේම මගේ සහ මගේ දරුවන්ගේ නමට පවා ඇති සියලුම නිශ්චල, චංචල දේපළ සියල්ලකම තොරතුරු, බැංකු ගිණුම් විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.
10. මට පෞද්ගලිකව අපහාස කරන අයට කිවයුතු වන්නේ (2026) මේ වසර තුළ මේ වන විට රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයකට වඩා බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා ඇති බවයි.
11. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතාම කාර්යක්ෂම හා කරුණික ලෙස බදු ගෙවන්නාට පීඩනයක් ඇති නොවන පරිදි බදු මුදල් අයකර ගන්නා බවත්, බදු මුදල් නොගෙවා සිටියහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත්, නඩු පවරා ඉන්පසු සිර දඬුවම් ලබාදෙන බවත් සැමදෙනා දැනගත යුතු කරුණකි.
12. මට ශ්‍රී ලංකාවේ කිසිදු අධිකරණයක එවැනි බදු නොගෙවීම පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ද මෙයින් දන්වා සිටිමි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ