අල්ලස හමුවේ නොසැලුණු රජයේ සේවක පියෙකුගේ ආදර්ශය..
මම දැන් කටුගාන කතාව දිගු උනත් ගන්න දෙයක් තියෙනවා.. කැමති නමි කියවන්න. විශේෂයෙන්ම රජයේ සේවකයෙක් නමි ..
මගේ තාත්තා වැඩ කලේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙ.. 80-90 කාලෙ කරාපිටිය රෝහල හැදුව වෙලාවෙ site එකේ office එක තාත්තා භාරෙ තිබුනෙ. contract වලින් ලක්ෂ ගනන් ගසා කන්න තාත්තට ඉඩ තිබිබ. ඒත් තාත්තා පඩිය හැර සතපහක් ගත්තෙ නෑ.. Site supervise කරපු TO ගෙන් දෙදෙනෙක් මට හොදට මතකයි.. එක් කෙනෙක් බස් දෙකක් ගත්තා අනික් කෙනා ඉඩමි අක්කර ගනන් ගත්තා..තාත්තගෙ මෝඩ කමට හිනා උනා..
මට තාම ඒ දවස.මතකයි. ඒ වගේම දුකයි.. මම එතකොට හතේ හරි අටෙි පන්තියේ හරි.
පහසුකම් ගාස්තු ගෙවන්න බැරිව තුන්වෙනි දවසටත් ටීචර් ගෙන් බැනුමි අහල ගෙදර ආව. තාත්තට හවස කිවිවම මාසෙ පඩි අරන් දෙන්නම් කිවිවා. එදා හවස කොන්ත්‍රාත්තුව කාරයෙක් තාත්තා හමිබවෙන්න ගෙදර ආව. මොකක්ද වැඩකට..එයා එක සැරේම සල්ලි මිටියක් තාත්ත ගාව ටී පෝ එක උඩතියෙනවා. මල්ලිල එක්ක එලියෙ සෙල්ලම් කර කර හිටපු මම ජනේලයෙන් අහමිබෙන් දැක්ක..
තාත්තට මරුව ආවෙිස උනා.. ආපහු මෙි පැත්ත පලාතෙ එන්න එපා කියල බැනල බැනල අර මිනිහා එලෙවිවා. අර මිනිහා හොදටම බය වෙලා සල්ලි ටිකත්.බෑග් එකට දාගෙන යන්න ගියා..
මම නොදන්න කමට තාත්තට දොස් කිවිවා සල්ලි ගත්තෙ නැති එකට.... අර TO දෙන්නගෙ ලමයි ඉන්න හැටි කියල.. තාත්තා මා දිහා කෙලින් බලන් ඉදල කිවිවා පුතේ කවදහරි ඔයාට තේරැමි යයි කියල...
ඒකට මට වැඩි කලක් ගියේ නෑ..
...(බස්)අංකල්ගෙ කකුල් දෙක උඩින් එයාගෙම බස් එකක් ගියා දනහිසට උඩින් කකුල් දෙකම කැපුවා...රස්සාවත් නැති උනා..
අනික් කෙනාගෙ එකම පුතා පස්සෙ කාලෙක මත්කුඩු වලට තදින්ම ඇබිබැහි උනා.. සබිබ සකලමනාවම විකුනගත්තා.. අංකල් දුකටම මලා. ඇන්ටි අන්තිම කාලෙ මහලු මඩමක හිටියලු..
මගේ තාත්තා ........ මෙි ටික කියන්නේ ලොකු කමකට නෙමෙයි කතාව සමිපූර්න වෙන්න...
මට හිතෙනව ඔබට එය තේරැමි ගත හැකිය කියල...
තාත්තා සත පහක වංචාවක් නොකර හදන්න උර දුන්න කරාපිටිය ශික්ෂන රෝහල අනුබද්ධ රැහුනු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මට ඇතුල් වෙන්න ලැබුනා. අද මම රෝගීන් දාස් ගානක් සුවපත් කරපු කරන වෛද්‍යවරයෙක්.
ලොකු මල්ලි බැංකු පරිගනක පිලිබද ඉංජිනේරුවෙක් Australia වල. පොඩි මල්ලි වියාපාරිකයෙක් England වල. එකම නංගී Drug regulation authority එකේ ඉහල නිලධාරීනියක්.
තාත්තා අප මෙි තත්වයට එනවා දැක්ක. අපේ දරැවන්ගෙත් ආදරය වින්දා. හැත්තෑ පහක් විතර කිසිදු ලෙඩක් නැතිව හිටිය. මිය ගියේ මාස කිහිපයක ලෙඩකින්....
මැරෙන්න ඉස්සෙල්ලා මට කිවිවා එයාගෙ ජීවිතය සමිපුර්නයි කියල.. එදා සල්ලි ගත්තෙ නැති එකට මම තාත්තට දොස් කියපු එක මට නැවත සිහි වෙනකොට තාත්තා මාව අතහැරල ගිහිල්ලා .....මට සමාව ගන්න බැරි වුනා.....
මගේ ආදරනීය තාත්තා ගැන තැබූ සටහන ගොඩක් අය කියවල මට සතුටුයි.. ගොඩක් අදහස් දක්වල.ඒව කියවද්දි දැනෙන දෙය තමයි මගේ තාත්තා ජීවිතය අවසන් කාලයේ විදපු සතුට සැනසුම ඒ විදිහට හොර බොරැවෙන් තොරව ජීවත් වෙච්චි ගොඩක් අමිමල තාත්තල විද තිබෙන බවත් එයාලගෙ දරැවන්ට අපට වගේම ඒ ආශිර්වාදය හිමිව තිබෙන බවත්.
මගේ තාත්තට වගේම ඒ සියලු අමිමල තාත්තලටත් මෙි සටහන උපහාරයක් වෙිවා.
ජීවත් වෙලා ඉන්න සැමට මෙය ආදර්ශයක් වෙිවා..
රජයේ සේවයේ නියුතු මහත්තයෙක් වැඩ කරන තැන අනික් අය bribe ගනිද්දී ආර්ථික අපහසු මැද තමන් නිවැරැදි ව ජීවත් වෙන හැටි ලියල අසාධාරණ ලෙස එහෙත් වෙිගයෙන් ඉදිරියට යන මිනිසුන් මැද තම දරැපවුලට අසාධාරණයක් කරනවාදැයි දෙගිඩියාවෙන් සිටි බවත් මෙි ලිපිය දැකීමෙන් පසු ඒ දෙගිඩියාව සදහටම නැතිව ගිය බව ලියල තිබුනා.
(Chinthaka S Gamage ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..
බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..
ප්‍රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..
"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි
හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්