පොඩි මිනිහට පැය 24න් ක්‍රියාත්මක ICCPR ෆසාල් ඉදිරියේ නිදිද?..
● ඥානසාර හාමුදුරුවන්ට එක නීතියක්.
● මොහොමඞ් ෆසාල්ට එක නීතියක්.
● පොලිස්පති නිදිද?
අද රටේ රාළ කාතා කරන්නේ මේ දවස්වල රටේ ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් ගැන. 'Truth with Chamuditha' වැඩසටහනට ඇවිත් මොහොමඩ් ෆසාල් කියන පුද්ගලයා කරපු අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශ ගැන.රටේ රාළත් සම්පූර්ණයෙන්ම වැඩසටහන බැලුවා.එතැනදී මතුවෙන බරපත ප්‍රකාශ තුනක් සම්බන්ධ ඔයාලගේ අවධානය යොමු කරන්න ඕනි.
එකක් තමයි ලංකාවේ බෞද්ධ රාජ්‍ය ව්‍යවස්ථාව ගැන එයා කියපු කතාව.අනික ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇඳුමේ තියෙන ධර්මචක්‍රය ගැන කරපු විවේචනය.ඊළඟට භයානකම කාරණය තමයි,ISIS වගේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් මොහොමඩ් ෆසාල් දක්වපු අදහස්.
මෙතැනදී අපි එක දෙයක් පැහැදිලිව තේරුම් ගන්න ඕනි.මේක අපේ පෞද්ගලික කැමැත්ත,අකමැත්ත හරි දේශපාලන මතය හරි මත තීරණය කරන්න පුළුවන් සෙල්ලමක් නෙවෙයි.මේක කෙළින්ම රටේ නීතියේ ආධිපත්‍යයට අදාළ ප්‍රශ්නයක්.
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීලා තියෙනවා.ඒක මේ රටේ ව්‍යවස්ථාමය යථාර්ථය.හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ ව්‍යවස්ථාව ගැන වෙනස් මතයක් දරන එකවත්,පොලිස් නිල ඇඳුමේ සංකේතයක් විවේචනය කරන එකවත් නිකම්ම අපරාධයක් වෙන්නේ නෑ.
ඒ විවේචනය පාවිච්චි කරලා යම් ආගමික ප්‍රජාවකට එරෙහිව වෛරය,සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වය අවුස්සනවා නම්,අන්න එතැනදී නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනි.අනික,පාස්කු ප්‍රහාරය වගේ කුරිරු ත්‍රස්තවාදී අත්දැකීමක් තියෙන රටක ISIS වැනි ත්‍රස්ත සංවිධානයක් ගැන ප්‍රසිද්ධ මාධ්‍යයක කතා කරනකොට ඒක ජාතික ආරක්ෂාවට කෙළින්ම බලපානවා.
ඒක 'භාෂණයේ නිදහස' කියන බෝඩ් එකට මුවා වෙලා යට ගහන්න පුළුවන් සුළුපටු කාරණයක් නෙවෙයි.මෙතැනදී කෙළින්ම අදාළ වෙන නීතිය තමයි 2007 අංක 56 දරන ICCPR පනතේ 3 වැනි වගන්තිය.ජාතික,වාර්ගික හෝ ආගමික වෛරය පතුරුවලා ප්‍රචණ්ඩත්වය උසිගන්වන එක.මේ පනතින් තහනම්.වරද ඔප්පු වුණොත් අවුරුදු 10ක් දක්වා හිරේ යන්න වෙන බරපතළ වරදක් මේක.
හැබැයි සාමාන්‍ය පොඩි මිනිහෙක් ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මම පැය 24න් ඇක්ටිව් වෙන ICCPR පනත,මෙච්චර බරපතළ ප්‍රකාශයක් රටටම ඇහෙන්න කියද්දී නිදාගෙන ඉන්නේ ඇයි?නීතිය කියන්නේ එක එක්කෙනාගේ තරාතිරම බලලා නැවෙන දෙයක්ද?
හිත රිදෙන හැම කතාවක්ම ICCPR එකට වැටෙන්නේ නැහැ. මානව හිමිකම් කොමිසමත් කියලා තියෙනවා භාෂණයේ නිදහස ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා.හැබැයි දණ්ඩ නීති සංග්‍රහයේ 291A, 291B වගන්ති,120 වගන්තිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මේ කතාවට අදාළ වෙනවද කියලා හොයලා බලන එක පොලිසියේ වගකීමක්.
ඒ වගේම,රේටින්ග්ස් බලාගෙන මේ වගේ අතිශය සංවේදී,ජාතික ආරක්ෂාවට පවා බලපාන්න පුළුවන් ප්‍රකාශ කිසිම වගවීමකින් තොරව සමාජගත කරන මාධ්‍ය ආයතනවලටත් මේකේ වගකීමෙන් ගැලවෙන්න බැහැ.
රටේ රාළ කියන්නේ කාටවත් නීතියෙන් පිට ගිහින් දඬුවම් දෙන්න කියලා නෙවෙයි.රටේ රාළ ඉල්ලන්නේ එකම දෙයයි.නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක කරන්න.
පොලිස්පති මේ ගැන විධිමත් පැමිණිල්ලක් යන්න ඕනි.ඒ වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝ එක අරගෙන,ඩිජිටල් සාක්ෂි සහ විශේෂඥ පරිවර්තන හරහා මේ කතාව ඇතුළේ නීති විරෝධී දෙයක් තියෙනවද කියලා අපක්ෂපාතීව විමර්ශනය කරන්න ඕනි.
මතක තියාගන්න,මේක බෞද්ධයන්ගේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි.හින්දු,මුස්ලිම්,කිතුනු මේ රටේ ඉන්න හැම පුරවැසියෙක්ගෙම නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්.නීතිය කඩලා නම් ඒ කවුරු වුණත් දඬුවම් ලැබිය යුතුයි.නීතිය කඩලා නැත්නම් කාටවත් අසාධාරණයක් වෙන්නත් බැහැ.
ඒ නිසා මේ සිද්ධිය ගැන අවධානයෙන් ඉන්න අයටත් රටේ කියන්නේ,කෑගහලා,තර්ජනය කරලා,බොරු පතුරුවලා වැඩේ අවුල් කරගන්න එපා.සාක්ෂි එක්ක නීත්‍යානුකූලව පැමිණිලි කරන්න.
අවසාන වශයෙන් පොලිස්පතිතුමා,අපි බලාගෙන ඉන්නවා. මේකත් අර හැමදාම වගේ "අපි විමර්ශනයක් පවත්වනවා" කියලා හමස් පෙට්ටියට යන තවත් එක ෆයිල් එකක් විතරක් වෙයිද? නැත්නම් එක රටක් - එක නීතියක් කියන එක ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නයිද?ඔබතුමා දිහා රටම බලාගෙන ඉන්නවා!
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..
මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?
බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..
බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..
ප්‍රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..
"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි
හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ