රාජ් සෝමදේව චෙම්මනි මිණීවල ගැන කී දේ අධිකරණ වෛද්‍ය වාර්තාවක් නොවේ.. විද්‍යාත්මක පරීක්ෂණයක් කරනවා.. - ඇමති හර්ෂණ නානායක්කාර
යාපනය, චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදු කෙරෙන කැණීම් සහ විමර්ශන කටයුතු පූර්ණ අධිකරණ අධීක්ෂණය යටතේ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කෙරෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
චෙම්මනි සමූහ මිනීවළෙහි අදියර කිහිපයක් යටතේ සිදු කළ කැණීම්වලින් මේ වන විට දළ වශයෙන් පුද්ගලයින් 574 දෙනෙකුගේ අස්ථි කොටස් සොයාගෙන තිබේ.
මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මෙහෙයවීමෙන් සිදුවන මෙම කැණීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත්වරයා, පාර්ශ්වකරුවන් නියෝජනය කරන නීතිඥවරුන්, යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙල්ලයියා ප්‍රනවන් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ඉදිරියේ අඛණ්ඩ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
තවද, 2025 අප්‍රේල් 29 වන දිනැති අධිකරණ අනුමැතියට අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ද නිරීක්ෂකයෙකු ලෙස මීට සක්‍රීයව සම්බන්ධවී සිටියි.
මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඉදිරිපත් කර ඇත්තේ අස්ථි කොටස් වළ දමා ඇති පුරාවිද්‍යාත්මක සන්දර්භය පිළිබඳ අධිකරණ පුරාවිද්‍යාත්මක වාර්තාවක් මිස අධිකරණ වෛද්‍ය වාර්තාවක් නොවන බව අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.
මරණයට හේතුව සහ මරණය සිදු වූ ආකාරය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමේ කටයුතු මහේස්ත්‍රාත් නියෝග මත යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙල්ලයියා ප්‍රනවන් මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් දැනටමත් ආරම්භ කර ඇත.
මෙරට තුළ උසස් DNA විශ්ලේෂණ පහසුකම් නොමැති බැවින්, අධිකරණය විසින් නියෝග කරනු ලබන සුදුසු අවස්ථාවේදී මිනිස් අස්ථි කොටස් හඳුනා ගැනීම සහ DNA පරීක්ෂණ සඳහා සාම්පල විදේශගත කිරීමට සහ ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගැනීමට රජය සම්පූර්ණයෙන්ම විවෘතව සිටින බව හර්ෂණ නානායක්කාර මහතා තහවුරු කළේය.
එහිදී ඔහු අවධාරණය කළේ, රජයේ එකම අරමුණ විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව සත්‍යය සොයා ගැනීම සහ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..