සෑම නිවසකටම ගිනි නිවන රථයක් අනිවාර්ය කරන යෝජනාවක්? - නගරාධිපති රන්ජන් ජයලාල් කියන කතාව
කඩුවෙල ප්‍රදේශයේ මෑතකදී හටගත් මාරාන්තික ගිනිගැනීමේ සිදුවීම සහ ජීවිත හානි පදනම් කරගනිමින් විපක්ෂය පහත් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව කඩුවෙල මහා නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතා චෝදනා කරයි.
එම ගිනි අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නගරාධිපතිවරයා මේ බව සඳහන් කරයි.
නගර සභාවට ගිනි නිවන රථයක් මිලදී ගන්නා ලෙස මීට මාස තුනකට පෙර යෝජනාවක් ඉදිරිපත් කළද එය ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂය නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ නගරාධිපතිවරයා, එවැනි යෝජනාවක් හදිසියේ මාස තුනකින් බලාත්මක කළ නොහැකි බවත්, ඊට පෙර සිටම නගර සභාවේ ඉදිරි සංවර්ධන සැලැස්මට එම යෝජනාව ඇතුළත් කර තිබූ බවත් පැහැදිලි කළේය.
කඩුවෙල නගර සභා බලප්‍රදේශය තුළ හදිසි ගිනිගැනීමක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා කෝට්ටේ මහා නගර සභාව සමඟ කෝටි ගණනක මුදල් ගෙවා ගිවිසුම්ගතව ඒකාබද්ධ සේවාවක් පවත්වාගෙන යන බවත්, මහරගම සහ හෝමාගම ප්‍රදේශ ආවරණය වන පරිදි එම ගිනි නිවීමේ ඒකක ක්‍රියාත්මක වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම ව්‍යසනයට ප්‍රධානතම හේතුව පසුගිය පාලන සමයන්හිදී අක්‍රමිකතා සහ අල්ලස් මත පදනම්ව ප්‍රමිතියෙන් තොරව ගොඩනැගිලි සහ නිවාස සැලසුම් අනුමත කිරීම බව නගරාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
හදිසි ගිනි අනතුරකදී අවම වශයෙන් ගිනි නිවන රථයකට හෝ ගිලන් රථයකට ඇතුළු විය නොහැකි අතුරු මාර්ග සහිත, හදිසි සන්නිවේදන පද්ධති නොමැති නිවාස සැලසුම් අනුමත කළ පුද්ගලයන් අද වන විට සිය වැරදි වසා ගැනීමට උත්සාහ දරන බව ඔහු පැවසීය.
නිවාස සැලසුම් අනුමත කිරීමේදී වායු සමීකරණ යන්ත්‍රයක් සවි කරනවා සේ සෑම නිවසකම ගිනි නිවන රථයක් රඳවා ගැනීම අනිවාර්ය කිරීමේ නීතියක් පැනවීමට සිදුවනු ඇති බවත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..