මාර්තුවෙන් IMF සහන අවසන්.. ශ්‍රී ලංකා ආර්ථිකයට තනිවම දුවන්න වෙනවා..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ මූල්‍ය සහන පැකේජය 2027 වසරේ මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතය. ඉන් පසු රටේ සමස්ත ආර්ථිකය සම්පූර්ණයෙන්ම දේශීය වශයෙන් උපයා ගන්නා මුදල් ප්රවාහයන් මත පමණක් පදනම්ව පවත්වාගෙන යාමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකාර ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් "ස්ථාවරත්වයෙන් ඉදිරියට - වර්ධනය සඳහා ගොඩනැඟෙමු" යන තේමාව යටතේ සංවිධානය කරන ලද ‘2027 අයවැය සංසදයේ’ ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
වත්මන් ආර්ථික ක්‍රියාවලිය පෙට්‍රල් එන්ජිමකින් සහ විදුලි මෝටරයකින් එකවර ධාවනය වන Hybrid වාහනයකට සමාන කළ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා, මෙරට ආර්ථික රථය මෙතෙක් ඉදිරියට තල්ලු කිරීමට ප්‍රධාන බලයක් වූ ‘විදුලි මෝටරය’ ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැඳින්වීය.
2022 වසරේදී මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් මෙතරම් ඉක්මනින් ගොඩ ඒමට හැකි වූයේ මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිසි ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ මෙන්ම ණයහිමි රටවල සහයෝගය නිසා බව ඔහු සිහිපත් කළේය.
මෙම වැඩසටහනේ කාලසීමාව නිම වීමත් සමඟ ලබන වසරේ අප්‍රේල් මස සිට එම 'විදුලි මෝටරය' ඉවත් වන බව ආචාර්ය විජේවර්ධන මහතා පෙන්වා දෙයි. ඉන්පසු වසරේ ඉතිරි මාස නවය පුරාම රටට ධාවනය වීමට සිදුවන්නේ අපේම 'පෙට්‍රල් එන්ජිමෙන්' හෙවත් දේශීය ශක්තියෙන් පමණි.
මෙම අභියෝගය සාර්ථකව ජය ගනිමින් ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා, වත්මන් වැඩසටහනෙන් පසුවද රජය තවත් නව IMF වැඩසටහනක් සමඟ ඉදිරියට යනු ඇතැයි තමන් පෞද්ගලිකව අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..
දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..