ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උලෙළ එළැඹෙන 28 වැනිදා ඇරඹෙයි..
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උලෙළ පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) පස්වරුවේ පැවැත්විණි.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම ඓතිහාසික සංවත්සර සමරු උලෙළ එළැඹෙන 28 වැනි දින සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා ථේරවාද, මහායාන සහ වජ්රයාන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා සහ 800කට ආසන්න ගිහි නියෝජිතයන් පිරිසක් සහභාගී වීමට නියමිතය.
මීට අමතරව, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය 5,000කට ආසන්න පිරිසක් ද එක්වීමට නියමිතව තිබේ.
විදේශීය මහා සංඝරත්නය ප්රමුඛ ආරාධිතයන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළ අවට මෙන්ම ඔවුන් ගමන් ගන්නා අනුරාධපුරය, මහනුවර ඇතුළු ප්‍රදේශ අලංකාරවත් කිරීමට අදාළ පළාත් පාලන ආයතනවල සහාය ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සැමරුම් උත්සවයක් මෙරට පැවැත්වීම රටට මහත් අභිමානයක් බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, එය සාර්ථකව නිම කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.
මෙම උලෙළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද මනා පිටුවහලක් වනු ඇති බව සංවත්සර සංවිධායක කමිටුවේ සභාපති ආචාර්ය සාහිත්‍යසූරී අතිපූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.
මෙම සාකච්ඡාව සඳහා ලෝක බෞද්ධ සංඝ සම්මේලන සංවත්සර සංවිධායක කමිටුවේ ප්‍රධාන ලේකම් අතිපූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමි ඇතුළු මහා සංඝරත්නය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..
දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..