අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ නඩුවක්..
වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කරමින් ඕස්ට්‍රේලියානු රජය පනවා ඇති නීතියට එරෙහිව ගොනුකර ඇති නඩු විභාගය අද (03) එරට මහාධිකරණය හමුවේ ආරම්භ වූ අතර, එය අද සහ හෙට (04) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.
පසුගිය 2025 දෙසැම්බර් 10 වැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම නීතිය යටතේ, වයස අවුරුදු 16ට අඩු ළමුන්ට ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය වේදිකාවල ගිණුම් පවත්වාගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. කෙසේ වෙතත්, මෙම නීතිය මගින් ළමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ දේශපාලන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමේ මූලික නිදහස දැඩි ලෙස සීමා වන බව පවසමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් රඩික් මහතා විසින් මෙහෙයවනු ලබන Digital Freedom Project සංවිධානය මෙම නඩුව ගොනුකර තිබේ.
මීට අමතරව, ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන Reddit සමාගම ද අදාළ නීතියට එරෙහිව වෙනම නඩුවක් ගොනුකර ඇති අතර, මෙම නඩු ද්විත්වයම මේ වන විට ඒකාබද්ධව විභාගයට ගැනේ. ළමුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාව තමන් පිළිගන්නා බව පෙන්වා දෙන Reddit සමාගම සඳහන් කරන්නේ, සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් තහනම් කිරීම වෙනුවට වඩාත් ඵලදායී ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දිය යුතු බවයි.
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, යූටියුබ්, රෙඞ්ඉට්, ස්නැප්චැට්, එක්ස් (X), ත්රෙඩ්ස්, ට්විච් සහ කික් (Kick) යන ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා 10ක් සඳහාම මෙම නීතිය බලපායි. නීතිය උල්ලංඝනය කරන සමාගම්වලට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 99ක් දක්වා දැඩි දඩ මුදල් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන තිබුණද, මේ දක්වා කිසිදු සමාගමකට එලෙස දඩ පැනවීමක් කර නොමැත. කෙසේ වෙතත්, අදාළ සමාගම් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේද යන්න සෙවීම සඳහා එස්ආෆ්ටි (eSafety) කොමසාරිස්වරයා විසින් විමර්ශන ආරම්භ කර ඇත.
තහනම ක්‍රියාත්මක වීමත් සමඟම වයස අවුරුදු 16ට අඩු පරිශීලකයින්ට අයත් ගිණුම් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් අත්හිටුවා හෝ අවහිර කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඇතැම් ළමුන් විවිධ වයස් සත්‍යාපන ක්‍රම මඟහරිමින් තවදුරටත් සමාජ මාධ්‍ය භාවිත කරන බවට ද අනාවරණය වී තිබේ. තාක්ෂණික සමාගම්වලින් එල්ල වන නීතිමය අභියෝග හමුවේ වුවද, ළමුන් අන්තර්ජාල උවදුරුවලින් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණයෙන් පසුබට නොවන බව ඕස්ට්‍රේලියානු රජය දැඩිව අවධාරණය කර සිටී.
මෙම නඩු විභාගයේ අවසාන ප්‍රතිඵලය ඕස්ට්‍රේලියාවේ මෙන්ම එවැනි නීති හඳුන්වා දීමට සූදානම් වන ලෝකයේ සෙසු රටවල අනාගතයට ද අතිශයින් වැදගත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..
ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..