පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය..
ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහාය වීමට චීනය කැපවී සිටින බවත්, එම පාලම් ඉදිකර සම්පූර්ණ කිරීමෙන් පසු ඒවා "චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම්" ලෙස හැඳින්විය හැකි බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවැෂියැංග් මහතා පවසයි.
මෙරට ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය උදෙසා ක්‍රියාත්මක වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින්, නව ඉදිකිරීමක් සඳහා මුල්ගල තැබීමේ උත්සවය ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේදී පෙරේදා (01) පැවැත්විණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, කම්කරු අමාත්‍ය සහ මුදල්, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවැෂියැංග් මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන පාලම් 14න් 9ක් හදිසි ආපදා සහන වැඩසටහන යටතේද, ඉතිරි පාලම් 5 සාමාන්‍ය සහාය වැඩසටහන යටතේද ඉදිකිරීමට නියමිතය.
මෙම පාලම් ඉදිකිරීම සඳහා සහාය වීම තුළින් දෙරට අතර පවතින ගැඹුරු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වන බව පෙන්වා දුන් චීන තානාපතිවරයා, සුහද අන්‍යෝන්‍ය අවබෝධය මත ගොඩනැඟුණු මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලාංකික ජනතාවට ප්රතිලාභ රැසක් හිමිවන බවත්, එය දෙරට අතර විශ්වාසය හා මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමට දායක වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..
ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..