News Category
From Date
To Date
Maximum Number of Result

''PTA අහෝසි කරනවා කියා ආණ්ඩුව PSTA ගේන්න හදන්නෙ තමන්ගෙ බලය පවත්වාගන්න'' - නීතිඥ මදුශාන් සිරිවර්ධන

Nov 3, 2026 at 05:33 AM
|

මැතිවරණවලට පෙර වේදිකාවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බවට ජාතික ජන බලවේගය දැඩි ප්‍රතිඥා දුන්නද, වර්තමානයේදී ඊටත් වඩා දරුණු "පී.එස්.ටී.ඒ." (PSTA - ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත) නමින් නව පනතක් හඳුන්වා දීමට උත්සාහ කරමින් සිටින බව නීතිඥ මදුශාන් සිරිවර්ධන මහතා පවසයි.

එමෙන්ම වර්තමානයේ ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියතාවය සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවත්, ජනතාවගෙන් සහ ගොවි ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ගම් මට්ටමින් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

''අපිට මතකයි මාලිමා ආණ්ඩුව තමන්ගේ දේශපාලන වේදිකාවේ පට්ට ගහලා මොරදීලා කෑගහපු කාරණයක් තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන කාරණය. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් රතු අකුරෙන් හයිලයිට් කරලා මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා තමයි ඔවුන් බලයට එන්න කලින් කිව්වේ. හැබැයි අද වෙනකොට ඊටත් වඩා දරුණු පනතක් මේගොල්ලෝ ගේන්න උත්සාහ කරනවා. PSTA පනත. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පණත. එතකොට ඇයි මේ පනත ගේන්නේ.

අපි හොඳටම දන්නවා මේ දවස්වල ගත්තහම ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාවය ඉතාමත් සීඝ්‍රයෙන් පහළට යනවා. ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉතාමත් සීඝ්‍රයෙන් පහළට යනවා. ජනාධිපතිතුමා මොකක් හරි ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මොත් ඒවට විශාල වශයෙන් හා හා වැටෙනවා. ඒ විතරක් නෙවෙයි හැම මන්ත්‍රීවරයම ගමට ගියහම ඔවුන්ට ඉතා විරෝධයක් ගොඩනැගෙනවා. පොහොර ප්‍රශ්න වේවා ගොවියො වේවා, හැම ජන කණ්ඩායමක්ම මේ මාලිමාවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට විරෝධය දක්වනවා ගම්වලට ගියාම. ඒ නිසා ඔවුන් දැන් මේ මර්දනකාරී වැඩපිළිවෙලක් ගෙනියන අවශ්‍ය නිසා සමාජය මර්දනය කරලා තමන්ගෙ බලය පවත්වාගන්න ඕන නිසා තමයි මේ පනත හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ.''


සම්බන්ධිත පුවත් | Related News

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා මහරාජා සමූහයට අයත් MTV පෞද්ගලික සමාගමට මහජන මුදල්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් ලබාදීමට රජය කටයුතු කිරීම වර්තමාන ආණ්ඩුවේ සහචර ධනවාදී ප්‍රතිපත්තිය මනාව හෙළි කරන සිදුවීමක් බවයි.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
ඉරානයේ කෙෂ්ම් දූපතට එල්ල කළ ඇමෙරිකානු ප්‍රහාරය ආරක්ෂක අරමුණකින් සිදුකළ එකක් බව වාර්තා වේ
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති නවතම වක්‍ර සාකච්ඡා වටය කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. මේ හේතුවෙන් ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා පුළුල් යුද්ධයක් ඇතිවිය හැකි බවට බියක් මතුව තිබේ.
වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කරමින් ඕස්ට්‍රේලියානු රජය පනවා ඇති නීතියට එරෙහිව ගොනුකර ඇති නඩු විභාගය අද (03) එරට මහාධිකරණය හමුවේ ආරම්භ වූ අතර, එය අද සහ හෙට (04) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
කඩවත - මහකඩේ ප්‍රදේශයේදී පොලිසියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 16 හැවිරිදි දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහාය වීමට චීනය කැපවී සිටින බවත්, එම පාලම් ඉදිකර සම්පූර්ණ කිරීමෙන් පසු ඒවා "චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම්" ලෙස හැඳින්විය හැකි බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවැෂියැංග් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා මහරාජා සමූහයට අයත් MTV පෞද්ගලික සමාගමට මහජන මුදල්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් ලබාදීමට රජය කටයුතු කිරීම වර්තමාන ආණ්ඩුවේ සහචර ධනවාදී ප්‍රතිපත්තිය මනාව හෙළි කරන සිදුවීමක් බවයි.

ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති නවතම වක්‍ර සාකච්ඡා වටය කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. මේ හේතුවෙන් ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා පුළුල් යුද්ධයක් ඇතිවිය හැකි බවට බියක් මතුව තිබේ.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..

චෙම්මනි සිතුපති හින්දු සුසාන භූමියෙන් මතු වූ මිනිස් ඇටසැකිලි කොටස් පදනම් කරගෙන ගොඩනැගුණු ප්‍රවාදය මේ වන විට ගෝලීය දෙමළ බෙදුම්වාදීන්ගේ සේම ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ගේ ප්‍රධාන තුරුම්පුව වී තිබේ. මේ අතර ඒ පිළිබඳ අපූරු කතාවක් පැවසුවේ දෙමළ ප්‍රභූ දේශපාලන කුලකයට අභියෝග කරන අරුන් සිද්ධාර්ථන් ය. යාපනයේ අඩු කුලයේ දෙමළ මිනිසුන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම දෙමළ කුලීනයන් තහනම් කර තිබෙන බවත් එනිසා චෙම්මනි ප්‍රදේශයෙන් හමු වූ මෘත කලේබර තමන් නියෝජනය කරන හීන කුලයේ මිනිසුන්ගේ ඒවා විය හැකියි බවත් ඔහු පැවසීය. එහෙත් හීන කුලයේ මිනිසුන්ගේ විය හැකි මේ ඇටසැකිලි කොටස් ඔසවාගෙන ලෝකය වටේ යන්නේ දෙමළ ප්‍රභූ කුලීනයන් විසිනි. උතුරේ ප්‍රභූ සමාජයේ දේශපාලනඥයකු වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුත්‍රයා වූ කැනඩා පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ප්‍රබලයකු වන ගැරී සංගරී ඇතුළු පිරිසක් අවධාරණය කළේ චෙම්මනි ඇටසැකිලි පිළිබඳ පිළිගත හැකි ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..

ලොව පුරා කීර්තිමත් මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය ආයතනවල ඉහළ පෙළේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 63 වන ආසියානු - පැසිෆික් විකාශන සංගමයේ (ABU) වාර්ෂික මහා සභා සැසිවාරය මෙරට සත්කාරකත්වයෙන් සාර්ථකව ආරම්භ වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව

වසරේ මුල් මාස නවය (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා) තුළ මෙරට විදේශ ජංගම ගිණුමේ ශේෂය එක්සත් ජනපද ඩොලර් මිලියන 420 ක කැපී පෙනෙන හිඟයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස පවතින සැඟවුණු අරමුණු සහ ඉන් මෙරට බෞද්ධ උරුමයට සිදුවන බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී පුළුල් ලෙස කරුණු අනාවරණය කළේය.

පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්

2026/27 මාස් කන්නයේ වගා කටයුතු දිවයින පුරා ආරම්භ වී තිබුණද, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින නිසි කළමනාකරණයක් නොමැතිකම සහ දත්තවල පවතින ගැටලු හේතුවෙන් මෙවරද දැඩි පොහොර සහ බීජ හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතුව ඇති නොපියවූ හිඟ බදු ප්‍රමාණය එළඹෙන 2025 වසර අවසානය වන විට රුපියල් ට්‍රිලියන 2.1ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති අතර, එවන් දැවැන්ත බදු හිඟයක් පවතිද්දී සාමාන්‍ය ජනතාව මත පමණක් පටවන අසාධාරණ බදු ප්‍රතිපත්ති හේතුවෙන් රට තුළ ආර්ථික අසමානතාව හා දිළිඳුකම පෙර නොවූ විරූ ලෙස දරුණු විය හැකි බවට එම අරමුදලේම නවතම පර්යේෂණ වාර්තා අනතුරු අඟවයි.

ඉන්ධන මිල ඉහළට..

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..

බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් 2024 නොවැම්බර් මස 20 වැනි දින ලංකා ලීඩර් (lankaleader) අප ප්‍රවෘත්ති බෙබ් අඩවියේ යම් කරුණු අනාවරණයක් සිදුකරන ලද අතර, එහිදී "මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?" යනුවෙන් මාතෘකාව යටතේ අප පවසා සිටියේ https://slbookreview.blogspot.com/2020/11/blog-post_14.html නමැති වෙබ් අඩවියේ අමාත්‍යවරයා සම්බන්ධයෙන් කරුණු හෙළිදරව්වක් සිදුකර ඇති බවයි.

අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..

වසර හයකට ආසන්න කාලයක් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ චෝදනාවක් අද අමාත්‍යවරයකුගේ සදාචාරාත්මක වගවීම පිළිබඳ මහජන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ සමඟම මේ නිසා මාධ්‍යවල වගකීම, පුරවැසියකුගේ ප්‍රශ්න කිරීමේ අයිතිය සහ රාජ්‍ය බලය භාවිත කිරීමේ සීමා පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.

වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..

ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත යළි කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත්, කිසිදු භූගෝලීය සීමාවකට යටත් නොවී වහාම ක්‍රියාත්මක වන දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරන බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි තුර්කියේ 'ඩේලි සබා' පුවත්පත වාර්තා කර සිටියි.

ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ

ඕනෑම ගමකට ගිය විට තමන්ගේ මිතුරෙකුට එම ගමේ නෑයන් සිටි බව පවසන බවත්, ඇමති සුනිල් පෙනෙවිට ද එබඳුම නෑයන් සිටින බව පෙනෙන බවත්, ධර්මපාලතුමත් ඔහුගේ නෑයකු බවත්, කල්වාරි කන්ද හැදූ අයත් නෑයන් බවත්, හිමුදුරුවරුන් ද නෑදෑයන් බවත් වරුණ රාජපක්ෂ මහතා පවසයි.

බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ලැබූ ඓතිහාසික ජයග්‍රහණය යනු ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයකට හෝ බ්‍රසීලයට පමණක් සීමා වූ ජයක් නොව, ගෝලීය දකුණේ සහ බ්‍රික්ස් (BRICS) සංවිධානයේ සමස්ත ප්‍රගතිශීලී කඳවුරේම නැගිටීමක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..

පසුගිය කාලය තුළ යුරෝපා රටවල හටගත් ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ හුදෙක් තාවකාලික සිදුවීම් නොව, නව ලිබරල් ආර්ථික ක්‍රමයේ අසාර්ථකත්වය හමුවේ අලුයට ගිනිපුපුරු මෙන් පවතින ගැඹුරු අර්බුදයක ප්‍රතිඵලයක් බව ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.