නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
ශ්රී ලංකාවේ ප්රමුඛතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් ක්ෂේත්රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) හේතුවෙන් රටට හිමි GSP+ යුරෝපා බදු සහනය දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙයි.
දශක හතරකට වැඩි කාලයක් පුරා අවභාවිත වූ පැරණි ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට මෙම නව පනත ගෙන ආවද, විචාරකයින් සහ නීති විශාරදයින් පෙන්වා දෙන්නේ මර්දනකාරී නීතිමය ක්රමවේදයන් තවදුරටත් මෙහි අන්තර්ගත වන බවයි.
පුළුල් හා අපැහැදිලි ත්රස්තවාදී අර්ථ දැක්වීම්, ජනාධිපතිවරයාට හිමි සංවිධාන තහනම් කිරීමේ ඒකාධිකාරී බලය, අධිකරණ අධීක්ෂණයකින් තොරව හමුදාවට පොලිස් බලතල ලැබීම සහ දීර්ඝ කාලීන රඳවා තබා ගැනීමේ නියෝග වැනි කරුණු හේතුවෙන් ජාත්යන්තර ප්රමිතීන් බරපතල ලෙස උල්ලංඝනය වන බව සඳහන්.
ශ්රී ලංකාවේ සමස්ත භාණ්ඩ අපනයනයෙන් 40%කට වඩා වැඩි ප්රමාණයක් දරන ඇඟලුම් කර්මාන්තය, වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් රටට ගෙන එන බවත්, යුරෝපා සංගමය යනු මෙම අපනයනවලින් 30%කට වඩා වැඩි ප්රමාණයක් මිලදී ගන්නා අතිශය තීරණාත්මක වෙළෙඳපොළක් බවත් එම සංසඳයේ නිවේදනයේ සඳහන්.
2026 වසරේ මුල් භාගය තුළ යුරෝපා සංගමය වෙත සිදුකළ ඇඟලුම් අපනයනය 2025 වසරට සාපේක්ෂව 8%කින් පහත වැටී ඇති අතර, එම කාලය තුළ චීනයෙන් සහ වියට්නාමයෙන් යුරෝපය සිදුකළ ආනයන පිළිවෙළින් 5%කින් සහ 9%කින් ඉහළ ගොස් ඇති බව එම සංසඳය පෙන්වා දෙයි.
මේ හරහා ශ්රී ලංකාවට සිය වටිනා වෙළෙඳපොළ කොටස ක්රමයෙන් අහිමි වෙමින් පවතින බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
යුරෝපා සංගමය විසින් ලබා දෙන GSP+ බදු සහනය යනු ශ්රී ලංකාවේ භාණ්ඩ සඳහා බදු රහිතව එරට වෙළෙඳපොළට ඇතුළු වීමට ඇති එකම මඟ වන බවත්, එහෙත් එය මානව හිමිකම්, සේවක අයිතිවාසිකම් සහ පරිසරය සුරැකීම පිළිබඳ ජාත්යන්තර සම්මුතීන් ක්රියාත්මක කිරීමේ දැඩි කොන්දේසිය මත රඳා පවතින බවත් පෙන්වා දෙන එම සංසඳය, ඉදිරි 2027-28 වසරවලදී මෙම සම්මුතීන් සංඛ්යාව 32ක් දක්වා ඉහළ නැංවෙන අතර, 2027 වසරෙන් අවසන් වන වත්මන් GSP+ සහන කාලසීමාවෙන් පසු නව වෙළෙඳ චක්රය සඳහා නැවත අයදුම් කළ යුතු බව සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම පනත වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, නව අයදුම්පත ප්රතික්ෂේප වීමට එය ප්රධානතම බාධකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවට ඔවුන් අදහස් දක්වයි.
පනත් කෙටුම්පතේ පළමු කියවීම ඔක්තෝබර් 6 වැනිදා සිදු වූ අතර, නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට පෙර එය සම්මත කර ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බවත්, ශ්රේෂ්ඨාධිකරණයට නීතියේ ව්යවස්ථාපිතභාවය පිළිබඳව පමණක් තීන්දු ලබා දිය හැකි බැවින්, පනතේ ඇති අඩුපාඩු නිවැරදි කර ගැනීමට ඇති එකම ප්රායෝගික ක්රමය වන්නේ කාරක සභා අවස්ථාවේදී අවශ්ය සංශෝධන සිදු කිරීම බවත් එම සංසඳය සඳහන් කරයි.
රටකට ආරක්ෂක බලතල අවශ්ය වුවද, රඳවා තබා ගැනීමේ නියෝග අනුමත කිරීමට පෙර මහේස්ත්රාත්වරුන්ට සාක්ෂි පරික්ෂා කිරීමට ඉඩ සැලසීම, සංවිධාන තහනම් කිරීමේදී අධිකරණ මැදිහත්වීමක් ලබා දීම සහ අත්අඩංගුවට ගැනීම් සිවිල් පොලිසියට පමණක් පැවරීම වැනි සරල පියවරයන් හරහා මෙම ගැටළුව විසඳා ගත හැකි බව ක්ෂේත්රයේ ප්රවීණයෝ පෙන්වා දෙන බවත්, පනත සම්මත වීමෙන් පසු එය නිවැරදි කිරීමට යාම අතිශය පාඩු සහගත වනු ඇති බැවින්, ලක්ෂ සංඛ්යාත ජනතාවකගේ ජීවනෝපාය සහ රටේ ආර්ථික අනාගතය සුරක්ෂිත කිරීම සඳහා පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇතැයි JAAF සංගමය දැඩිව අවධාරණය කර සිටි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..