News Category
From Date
To Date
Maximum Number of Result

2026 බ්‍රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්‍රතිඵල සහ ඓතිහාසික ජයග්‍රහණය

Oct 26, 2026 at 05:27 PM
|

2026 ඔක්තෝබර් 25 වැනිදා අවසන් වූ බව සඳහන් බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන්, වත්මන් වාමාංශික ජනාධිපති ලූලා ද සිල්වා, දක්ෂිණාංශික අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජය කරමින් ජයග්‍රහණය කරණු ලැබීය. ෆ්ලාවියෝ යනු හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයාය.

ලූලා සියයට 51.76ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයගත් අතර, ෆ්ලාවියෝට හිමි වූයේ සියයට 48.24කි.

මෙය “ඓතිහාසික නැවත නැගී සිටීමක්” ලෙස සැලකිය හැකි ජයග්‍රහනයකි. ඔක්තෝබර් 4 වැනිදා පැවති පළමු වටයේදී ලූලා සියයට 45ක් ලබා ගනිමින් ෆ්ලාවියෝගේ සියයට 47ක ප්‍රතිශතයට වඩා පසුපසින් සිටියේය. 1985 වසරේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමෙන් පසු බ්‍රසීල ඉතිහාසයේ පළමු වටයෙන් පරාජයට පත්වී දෙවැනි වටයෙන් ජයගත් පළමු අපේක්ෂකයා ලූලා බව ඉතිහාස සාක්ෂි වලින් පැවසේ.

ලූලා ජයග්‍රහණය කළේ ඇයි? ප්‍රධාන සාධක

1. ඡන්දදායකයන් විශාල වශයෙන් බලමුළු ගැන්වීම

දෙවැනි වටයේදී සිදු වූ වඩාත්ම වැදගත් වෙනස වූයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි පිරිස සැලකිය යුතු ලෙස අඩුවීමයි. පළමු වටයේදී එම ප්‍රතිශතය සියයට 21.08ක් වූ අතර, දෙවැනි වටයේදී එය සියයට 19.2ක් පමණ දක්වා පහත වැටී තිබේ. එමගින් අතිරේක ඡන්දදායකයන් මිලියන තුනකට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ තිබේ.

පළමු වටයේදී ලූලා ඡන්ද මිලියන 2.2කට මඳක් වැඩි ප්‍රමාණයකින් පසුපසින් සිටි බැවින්, අලුතින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පිරිසගේ දායකත්වය ඔහුගේ ජයග්‍රහණයට තීරණාත්මක ලෙස බලපෑවේය.

පළමු වටයෙන් පසුව ලූලාගේ ප්‍රචාරක කණ්ඩායම සමාජ මාධ්‍ය භාවිතය ද සැලකිය යුතු ලෙස වැඩි කළේය. තරුණ ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ලූලා විසින්ම ජංගම දුරකථනයෙන් පටිගත කළ සිරස් වීඩියෝ පණිවිඩ ඉදිරිපත් කරන ලදී. ණය සහන සහ ජනතාවගේ දෛනික ජීවන ගැටලු විසඳීමේ වෙනත් යෝජනා ද ඔහු ඉදිරිපත් කළේය.

2. තීරණාත්මක ප්‍රාන්තයක ඡන්ද ප්‍රවණතාව වෙනස් වීම

බ්‍රසීලයේ දෙවැනි විශාලතම මැතිවරණ ප්‍රාන්තය වන මිනාස් ජෙරායිස්හිදී ලූලා පළමු වටයේදී ඡන්ද 590,000ක පමණ පරතරයකින් පසුපසින් සිටියේය. එහෙත් දෙවැනි වටයේදී ඔහු ඡන්ද 99,000ක පමණ වැඩිපුර ඡන්ද ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. මෙය ඡන්ද පරතරයේ 690,000කට ආසන්න වෙනසකි.

ඊට අමතරව, ඊසානදිග බ්‍රසීලයේ ප්‍රාන්ත නවයම ජයගැනීමට ලූලා සමත් විය. සාඕ පවුලෝ සහ රියෝ ද ජැනෙයිරෝ යන නගරවල ද ඔහු ජයගත්තේය. එම ප්‍රාන්තවල අභ්‍යන්තර ප්‍රදේශවල ෆ්ලාවියෝට තිබූ වාසියට එරෙහිව මෙම නගර ජයග්‍රහණ වැදගත් විය.

3. බොල්සොනාරෝ නාමය සමඟ බැඳුණු අහිතකර දේශපාලනික ප්‍රතිරූපය

හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ කුමන්ත්‍රණයක් දියත් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සිර දඬුවමක් විඳිමින් සිටීම, ඔහුගේ පුත්‍රයා වූ ෆ්ලාවියෝගේ මැතිවරණ ව්‍යාපාරයට අහිතකර බලපෑමක් ඇති කළ බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලූලාගේ කණ්ඩායම “බොල්සොනාරෝ යළි කිසිදා එපා” යන සටන් පාඨය යටතේ විශාල ජන රැලි සංවිධානය කළේය. ජෙයාර් බොල්සොනාරෝගේ පාලන සමයේ පැවති කොවිඩ් වසංගතයට මුහුණ දීමේ අවුල් සහගත තත්ත්වය සහ පාරිසරික විනාශය පිළිබඳ මතකයන් යළි සිහිපත් කරමින් ඡන්දදායකයන් බලමුළු ගැන්වීමට ලූලාගේ පාර්ශ්වය කටයුතු කළේය.

තරගය මෙතරම් උණුසුම් වූයේ ඇයි? බ්‍රසීල සමාජයේ පවතින ගැඹුරු බෙදීම්

ලූලා අවසානයේ ජයග්‍රහණය කළද, ෆ්ලාවියෝට ඔහුට ඉතා ආසන්න ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වීමෙන් බ්‍රසීල සමාජය තුළ පවතින ගැඹුරු බෙදීම් හෙළි වේ.

1. ආර්ථික දත්ත සහ ජනතාවගේ සැබෑ අත්දැකීම් අතර පරතරය

ලූලාගේ පාලන කාලය තුළ බ්‍රසීලයේ සාර්ව ආර්ථික කාර්යසාධනය අයහපත් නොවීය. දළ දේශීය නිෂ්පාදිතය වාර්ෂිකව සාමාන්‍යයෙන් සියයට 3ක පමණ වේගයකින් වර්ධනය වූ අතර, විරැකියා අනුපාතය එක් අවස්ථාවක ඓතිහාසික අවම අගයක් වූ සියයට 5.1 දක්වා පහත වැටුණි. බ්‍රසීලය අඛණ්ඩව වසර කිහිපයක් සැලකිය යුතු වෙළෙඳ අතිරික්තයක් ද පවත්වා ගත්තේය.

එහෙත් සමුච්චිත උද්ධමනය මහ බැංකුවේ ඉලක්කගත ඉහළ සීමාව ඉක්මවා ගියේය. ප්‍රතිපත්ති පොලී අනුපාතය එක් අවස්ථාවක සියයට 15 දක්වා ඉහළ ගියේය. සමීක්ෂණයකට අනුව, බ්‍රසීලයේ පවුල්වලින් සියයට 82ක් ණය බරින් පෙළෙමින් සිටියහ. එය වාර්තාගත ඉහළ අගයක් බව සඳහන් වේ.

ජීවන වියදම සහ පවුල් ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාව මුහුණ දුන් පීඩනය ලූලා කෙරෙහි පැවති සහයෝගය දුර්වල කළේය.

2. දේශපාලන ධ්‍රැවීකරණය තීව්‍ර වීම

මෙම මැතිවරණය බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමෙන් පසු පළමු වටයේදී පැවති සමීපතම තරගය ලෙස විස්තර කර ඇත. අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතික්ෂේප කළ ඡන්දදායකයන්ගේ ප්‍රතිශතය සියයට 40 ඉක්මවා තිබිණි.

ලූලාගේ ප්‍රධාන සහයෝගය අඩු ආදායම්ලාභී ජනතාව, ඊසානදිග ප්‍රදේශ සහ ජනවාර්ගික සුළුතරයන් අතරින් ලැබුණු අතර, ෆ්ලාවියෝට ඉහළ ආදායම්ලාභී කණ්ඩායම්, සංවර්ධිත ප්‍රදේශ සහ එවැන්ජලිකල් ක්‍රිස්තියානි ආගමික ප්‍රජාවන්ගෙන් වැඩි සහයෝගයක් ලැබුණු බව මෙම විශ්ලේෂණයේ සඳහන් වේ.

මෙම කණ්ඩායම් දෙක අතර දේශපාලනික බෙදීම ඉතා තියුණු වූ අතර, දෙපාර්ශ්වයේ ආධාරක පදනම් අතර අතිච්ඡාදනය අවම මට්ටමක පැවතිණි.

ඉදිරි අභියෝග: ජයග්‍රහණය කළත් සීමාවන්ට මුහුණ දෙන දෙවැනි ධුර කාලයක්

ලූලා මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ කොන්සර්වේටිව් දේශපාලන බලවේගවල ආධිපත්‍යය සහිත කොංග්‍රසයයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 513න් 303ක් දක්ෂිණාංශික පක්ෂ සතු වන අතර, වාමාංශික පක්ෂ සතු වන්නේ ආසන 124ක් පමණි. සෙනෙට් සභාවේ ද ආසනවලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් දක්ෂිණාංශික කණ්ඩායම් සතුව පවතින බව සඳහන් වේ.

මෙම තත්ත්වය යටතේ, තම ව්‍යවස්ථාදායක වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා ලූලාට වෙනත් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සිදුවනු ඇත.

ප්‍රාන්ත මට්ටමින් ෆ්ලාවියෝගේ ලිබරල් පක්ෂය ආණ්ඩුකාර ධුර පහක් දිනාගත් අතර, ලූලාගේ කම්කරු පක්ෂයට හිමි වූයේ ආණ්ඩුකාර ධුර හතරක් පමණි.

තවද, ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැය දෙකකින් දීර්ඝ කිරීම ඇතුළු කරුණු ඉදිරිපත් කරමින් මැතිවරණ ප්‍රතිඵල අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ෆ්ලාවියෝ කටයුතු කරන බව ද නිවේදනය කර ඇත. කෙසේ වෙතත්, කොංග්‍රසයේ සභා දෙකේම සභාපතිවරුන් මැතිවරණ ප්‍රතිඵල පිළිගෙන ඇති බැවින්, ඔහුගේ අභියෝගය සාපේක්ෂව හුදෙකලා තත්ත්වයක පවතින බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

බ්‍රසීලයෙන් ඔබ්බට විහිදෙන දේශපාලනික වැදගත්කම

මෙම මැතිවරණය ලතින් ඇමෙරිකාවේ දේශපාලන දිශානතිය පිළිබඳ තීරණාත්මක දර්ශකයක් ලෙස සැලකේ.

මෑත වසරවලදී ආර්ජන්ටිනාව, එල් සැල්වදෝරය, කොලොම්බියාව සහ වෙනත් රටවල දක්ෂිණාංශික දේශපාලන බලවේග ඉදිරියට පැමිණ තිබේ. ෆ්ලාවියෝ ජයග්‍රහණය කළේ නම්, බ්‍රසීලය ද මෙම දක්ෂිණාංශික ප්‍රවණතාවට එක්වීමට ඉඩ තිබුණි.

ලූලාගේ ජයග්‍රහණය හේතුවෙන් කලාපය තුළ වාමාංශික පාලනයක් පවතින ප්‍රධාන රටක් ලෙස බ්‍රසීලයේ ස්ථානය තවදුරටත් ආරක්ෂා වී තිබේ.

මීට අමතරව, මෙම මැතිවරණය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැහැදිලි මැදිහත්වීමක් පැවති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ට්‍රම්ප් පරිපාලනය තීරුබදු පැනවීමේ තර්ජන ඇතුළු විවිධ ක්‍රම මගින් බ්‍රසීලයට පීඩනය එල්ල කරමින්, බොල්සොනාරෝ පවුලට වාසිදායක ලෙස මැතිවරණයට බලපෑම් කිරීමට උත්සාහ කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා පරිශීලනයෙන් අවබෝධ වේ.

ඒ අනුව, ලූලාගේ ජයග්‍රහණය බාහිර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කිරීමක් ලෙස සැලකිය හැක.

- ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

බෞද්ධයන්ට සහ භික්ෂූන් වහන්සේලාට දිනෙන් දින එල්ල වන විවිධ අඩම්තේට්ටම්, නින්දා අපහාස සහ ජාතික උරුමයන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාසන විමර්ශන මහ සභාව විසින් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන්හි ත්‍රෛනිකායික ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගේ එකතුවෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ඔර්නබ් ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී 'ඉතා ප්‍රබල සුළි කුණාටුවක්' බවට පත්වී ඇත.
අනුරාධපුර පූජාභූමී සංවර්ධන සැලැස්ම සහ පුරාවිද්‍යා නිර්ණායක සම්බන්ධයෙන් මතුව ඇති කතාබහට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.
1934 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 1936 වසරේ ඔක්තෝබර් මාසය දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ රතු හමුදාව විසින් චීනයේ පළාත් 10කට වැඩි ප්‍රදේශ හරහා කිලෝමීටර් 12,500ක පමණ දිගු පා ගමනක් සිදු කරමින් සතුරු හමුදා වැටලීම් බිඳ දමා අවසාන ජයග්‍රහණය ලබා ගන්නා ලදී.
තීව්‍ර හා උණුසුම් මුහුණුවරක් ගත් මැතිවරණ සටනකින් අනතුරුව, බ්‍රසීලයේ වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා නැවතත් එරට ජනාධිපතිවරණයෙන් අතිවිජයග්‍රහණයක් අත්කරගෙන තිබේ.
යාපනය, කෙම්මනි ප්‍රදේශයේ සිදු කරන ලද අධිකරණ වෛද්‍ය පුරාවිද්‍යාත්මක කැනීම්වලට අදාළව මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ මහතා විසින් සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව සඳහන් කරයි.
බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව බවත්, රුවන්වැලි මහා සෑය ස්මාරකයක් ලෙස හඳුන්වමින් ඉන්දියාවේ වුවමනාවට අනුරාධපුර පූජා නගර සැලසුමක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති බවත් එමගින් බෞද්ධ වටිනාකම්වලට එල්ලවන තර්ජනය බෞද්ධයන් තේරුම්ගත යුතු බවත්, ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ සිදුකළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.

ප්‍රධාන පුවත්

බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්‍රේමරතන නාහිමි

බෞද්ධයන්ට සහ භික්ෂූන් වහන්සේලාට දිනෙන් දින එල්ල වන විවිධ අඩම්තේට්ටම්, නින්දා අපහාස සහ ජාතික උරුමයන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාසන විමර්ශන මහ සභාව විසින් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන්හි ත්‍රෛනිකායික ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගේ එකතුවෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ඔර්නබ් ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී 'ඉතා ප්‍රබල සුළි කුණාටුවක්' බවට පත්වී ඇත.

රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..

අනුරාධපුර පූජාභූමී සංවර්ධන සැලැස්ම සහ පුරාවිද්‍යා නිර්ණායක සම්බන්ධයෙන් මතුව ඇති කතාබහට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

2026 බ්‍රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්‍රතිඵල සහ ඓතිහාසික ජයග්‍රහණය

2026 ඔක්තෝබර් 25 වැනිදා අවසන් වූ බව සඳහන් බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන්, වත්මන් වාමාංශික ජනාධිපති ලූලා ද සිල්වා, දක්ෂිණාංශික අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජය කරමින් ජයග්‍රහණය කරණු ලැබීය. ෆ්ලාවියෝ යනු හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයාය.

ඉතිහාසය අනාගත ජයග්‍රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..

1934 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 1936 වසරේ ඔක්තෝබර් මාසය දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ රතු හමුදාව විසින් චීනයේ පළාත් 10කට වැඩි ප්‍රදේශ හරහා කිලෝමීටර් 12,500ක පමණ දිගු පා ගමනක් සිදු කරමින් සතුරු හමුදා වැටලීම් බිඳ දමා අවසාන ජයග්‍රහණය ලබා ගන්නා ලදී.

ලූලා ද සිල්වා නැවතත් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට..

තීව්‍ර හා උණුසුම් මුහුණුවරක් ගත් මැතිවරණ සටනකින් අනතුරුව, බ්‍රසීලයේ වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා නැවතත් එරට ජනාධිපතිවරණයෙන් අතිවිජයග්‍රහණයක් අත්කරගෙන තිබේ.

කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ

යාපනය, කෙම්මනි ප්‍රදේශයේ සිදු කරන ලද අධිකරණ වෛද්‍ය පුරාවිද්‍යාත්මක කැනීම්වලට අදාළව මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ මහතා විසින් සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව සඳහන් කරයි.

අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්

බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව බවත්, රුවන්වැලි මහා සෑය ස්මාරකයක් ලෙස හඳුන්වමින් ඉන්දියාවේ වුවමනාවට අනුරාධපුර පූජා නගර සැලසුමක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති බවත් එමගින් බෞද්ධ වටිනාකම්වලට එල්ලවන තර්ජනය බෞද්ධයන් තේරුම්ගත යුතු බවත්, ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි.

ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ සිදුකළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.

දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්‍රකාශයක්

දිවුලපතාන ගම්මානයේ සිංහල ගොවීන්ගේ වගාබිම්වලට ගවයින් මුදාහැර හානිකිරීමේ සිදුවීම පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර හිමි පවසයි.

PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්‍යාපාරය ආණ්ඩුවට රතු එළියක්

වත්මන් ආණ්ඩුව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත' (PSTA) හෙවත් පී.එස්.ටී.ඒ. පනත හරහා මෙරට වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන පක්ෂ පවා තහනම් කිරීමේ ඒකාධිපති බලතල ජනාධිපතිවරයා වෙත පවරාගනිමින්, මහජනතාව සහ වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීමේ පූර්ණ නිදහස ත්‍රිවිධ හමුදාවට ලබාදීමට සූදානම් වන බවට ජාතික ගුරු ව්‍යාපාරය ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..

අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා රජය විසින් නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය සහ ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්‍යාපාරය ප්‍රශ්න කරයි..

1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වුනේ ගොවීන්ට ජලය සීමා කිරීමෙන් බව අගමැතිවරිය පවසන බවත්, එහිදී ගොවීන් අත්අඩංගුවට ගත් පසු ගෙවිලියන් විසින් සටන ඉදිරියට ගෙන ගිය බවත් ඇය විසින් කාන්තා සමුළුවක දී පවසා ඇති බවත් එහෙත් ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වූයේ 1815 දී ඉංග්‍රීසින් සමග ඇතිකරගත් උඩරට ගිවිසුම උල්ලංඝනය කිරීම නිසා බව බොහෝදෙනා දන්නා බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..

ගාල්ල වරායට ආසන්න මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙන ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකාවක සිටි කාර්ය මණ්ඩල සේවකයන් 27 දෙනෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔවුන් ගොඩබිමට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

චීන-ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..

ශ්‍රී ලංකාව සහ චීනය අතර ඓතිහාසික සබඳතාවල සන්ධිස්ථානයක් වන රබර්-සහල් ගිවිසුම (Rubber-Rice Pact) 1952 වසරේදී අත්සන් තැබීමට පුරෝගාමී වූ, එවකට වෙළඳ හා වාණිජ අමාත්‍යවරයා වූ දිවංගත ගරු ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුවාෂියැං (Wei Huaxiang) මහතා හමුවී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.