කිංග්ස්බරි සේවාදායකයින් පාවා දෙන හේතුව..
කිංග්ස්බරි හෝටලය පිහිටි ඉඩම අක්කර 5.5 යි. කාර් පාර්ක් එක අක්කරයයි. හෝටලය අක්කර හතර හමාරයි.
හරියටම කොළඹ හදවතේ තියෙන, වටිනාම වාණිජ ඉඩමක්.
කිංග්ස්බරි වත්මන් හිමිකරුවා ධම්මික පෙරේරා. ධම්මික ඔහු වෙනුවෙන් හෝටලයේ පාලනාධිකාරියට පත් කර තිබෙන්නේ මොහාන් පණ්ඩිතගේ.
නමුත් මේ ඉඩම අයිති රජයට. හෝටලය පවත්වාගෙන යන්න හෝටල් කළමණාකාරීත්වය ආණ්ඩුවට වාර්ෂික බදු මුදලක් ගෙවිය යුතුයි.
මෙතෙක් ගෙවූ මුදල අක්කර පහ හමාරටම, අවුරුද්දටම රුපියල් මිලියන දෙකයි. (ලක්ෂ විස්සයි)
විශ්වාස කිරීමට අපහසු වූවත් ඒ තමයි සැබැවින්ම ඔවුන් කිංග්ස්බරි හෝටලය පිහිටි ඉඩම වෙනුවෙන් ගෙවූ වාර්ෂික කුළී මුදල.
අක්කරයක් වෙනුවෙන් මාසිකව, රුපියල් තිස්තුන්දාහයි.
මේ මුදලට කොළඹ 1, හොඳම තැනක අක්කරයක් තබා ග්රාමීය ප්රදේශයකවත් ඉඩමක් කුළියට ගන්න පුලුවන්ද ?
ධම්මික පෙරේරා ලා කියන්නේ සැබෑ ව්යාපාරිකයො නෙවෙයි ක්රොනි කැපිටලිස්ට්ලා කියලා මම හැමදාම කියන්නේ ඒකයි.
හරීන් සංචාරක ඇමති වෙලා ඉන්න කාලේ ගහපු ගිවිසුම අනුව මේ මුදල, 2026 වසරේ සිට බලපැවැත්වෙන පරිදි වසරකට රුපියල් මිලියන පහක් දක්වා වැඩි කළා.
ඒ රුපියල් මිලියන 2 ක විහිලු සහගත මුදලට එරෙහිව සමාජ විරෝධයක් පහසුවෙන්ම ගොඩනැගිය හැකි නිසා.
ඒ මිලියන පහ වුනත් ධම්මික සහ හරීන් දෙදෙනාම එකඟ වූ මුදල මිසෙක, ඉඩමේ සැබෑ වාණිජ වටිනාකම නෙවෙයි.
පහුගිය දවසක රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මේ ඉඩමේ වාර්ශික කුළී මුදල ගණනය කළා.
මුදල රුපියල් මිලියන 325 යි. එනම් වාර්ශිකව රුපියල් කෝටි 32.5 ක් මේ ඉඩම සඳහා සැබෑ ලෙසින් බදු ගෙවිය යුතුයි.
නමුත් ධම්මික ලා මේ මුදල ගෙවීමට කැමති නැහැ.
දැන් මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ.
ආණ්ඩුව වෙනුවෙන් රජයේ නිළධාරීන් සහ ඇතැම් ඇමතිවරු මේ සාකච්ඡා වලට සහභාගී වෙනවා.
කිංග්ස්බරි හෝටලය වෙනුවෙන් සාකච්ඡා වලට සහභාගී වෙන්නේ කවුද දන්නවද ?
මොහාන් පණ්ඩිතගේ සහ සරත් ගණේගොඩ.
ඔව්! ශ්රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගණේගොඩ.
මහජන බදු මුදල් වැඩිපුරම වෙන් කරන, වැඩිපුරම පාඩු ලබන, මහජන බදු මුදල් කෝටි ගණනින් ගිලින රජයේ ව්යාපාරයේ, රජය පට්ජ් කළ සභාපතිවරයා, ධම්මික පෙරේරා වෙනුවෙන් ආණ්ඩුව එක්ක සාකච්ඡා කරන්නත් එනවා.
මොන ලැජ්ජ නැති වැඩද ?
මේ සරත් ගණේගොඩගේ පක්ෂපාතීත්වය පවතින්නේ ධම්මිකට මිසෙක රජයට නොවන බව හොඳින්ම පෙනෙනා තැනක්.
ඒ වගේම දැන් දිනපතාම කිංග්ස්බරි හෝටලයේ රාජ්ය නිළධාරීන්ට, ඇමතිවරුන්ට පාර්ටි තියෙනවා.
විශේෂයෙන්ම හෝටලයේ VIP Suite එකක් තියෙනවා. ඒක වෙන් කරලා තියෙන්නේ මොහාන් පණ්ඩිතගේට.
මොහාන් ඇමතිවරු, නියෝජ්ය ඇමතිවරු ගෙන්නන්නේ මේ ස්විට් එකට.
ඒ ස්විට් එකට කෙළින්ම කිංග්ස්බරි බැක් ඩෝ එකකින් ඇක්සස් තියෙනවා.
මොහාන් මේ කට්ටියට කියුබන් සිගාර් , කොංඥැක් බොන්න දෙනවා. බ්රැන්ඩි වීදුරුවට, සිගාර් එකට මේ නියෝජ්ය ඇමතිලා මොහාන් ඉස්සරහා දිය වෙනවා.
දැනටම රජයේ තක්සේරුකරුගේ රුපියල් මිලියන 325 වෙනුවට රුපියල් මිලියන පහකට, කිංග්ස්බරි ඉඩම ධම්මිකට දෙන්න මේ ඇමතිවරුවම සෑහෙන මහන්සි වෙනවා.
ඒ අනුව ඉදිරියේ දී මේ ගණුදෙනුව තීරණය වීමට නියමිතයි.
ඇමතිවරුන්ට බොන්න දිලා, සිගාර් දීලා මේ ගණුදෙනුව ධම්මික මිලියන පහකට කළොත් අවුරුද්දකට රටට පාඩුව රුපියල් මිලියන 320 යි. කෝටි 32 යි.
කොහොමද ගැහිල්ල ⁉️⁉️⁉️⁉️⁉️⁉️
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..