News Category
From Date
To Date
Maximum Number of Result

නාමල්ගේ මුදල් විශුද්ධීකරණ නඩුව කල්යයි.. - නීතිපති උපදෙස් ලැබී නැති බව පොලීසිය අධිකරණයට දන්වයි..

Oct 29, 2026 at 11:30 AM
|

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක් මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීම තුළින් මූදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක්  සිදුකළ බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු  ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද(29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

යහපාලන රජය සමයේ මෙම විමර්ශනය ආරම්භ කර 2016 වසරේ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබුණි.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

ඇප මත මුදා හැර සිටින සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්‍ය සමරනායක, සුදර්ශන බණ්ඩාර යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවත් මෙම නඩු කෘත්‍යය පිළිබඳ නීතිපතිවරයාගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි.

ඒ අනුව මෙම නඩුකරය පෙබරවාරි මස 11වනදා යළි කැඳවන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින නීතිපති උපදෙස් පිළිබඳ කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළේය.

සම්බන්ධිත පුවත් | Related News

අයර්ලන්තයේ ඩබ්ලින් (Dublin) ගුවන්තොටුපොළේදී රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ ද්වාර කාර්ය මණ්ඩලය (Gate personnel) තමන්ට සහ සිය පවුලේ සාමාජිකයින්ට වෙනස්කම් කරමින් තර්ජනාත්මක ලෙස හැසිරුණු බවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
සිය රාජකාරි පැහැර හැරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිස්පතිවරයා නිවේදනය කර තිබේ.
ඡන්දවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් ගණන් කර තිබුණද, ඊශ්‍රායල මැතිවරණයෙන් පැහැදිලි ජයග්‍රාහකයෙකු මෙතෙක් මතුව නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම් වදහිංසා පැමිණවීම් සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට මග පැදීමේ අවදානමක් පවතින බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'අස්වැසුම' ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය යටතේ ප්‍රතිලාභීන් 1,391,830 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙරට ඛනිජ කර්මාන්තය සඳහා ශක්තිමත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට අදාළ සැලසුම් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
බ්‍රසීලයේ මෑතකදී පැවති තියුණු ජනාධිපතිවරණ ප්‍රතිඵලය හිටිහැටියේ උඩුයටිකුරු කරමින්, ලුයිස් ඉනාසියෝ ලූලාඩා සිල්වා (Luiz Inacio Lula da Silva) ඓතිහාසික ජයග්‍රහණයක් අත්ව කර ගැනීමට සමත් විය.
හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයා අසනීප වීමෙන් මියගිය බවට පොලිසිය සිදුකරන ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බවත්, ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසු ගෙවීගිය කාලසීමාව තුළ පමණක් පොලිස් සිරමැදිරි තුළදී පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කළේය.
අනුරාධපුර ඓතිහාසික පූජා භූමි කලාපය ආශ්‍රිතව වන්දනාමාන කටයුතුවල නිරත වන බැතිමතුන්ට කිසිදු බාධාවක් එල්ල නොවන පරිදි සංවර්ධන සැලසුම් සකස් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එල්ල වන විවේචන සහ චෝදනා කිසිදු පදනමක් නොමැති ඒවා බවත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුචිර විතාන මහතා අවධාරණය කරයි.

ප්‍රධාන පුවත්

මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම් වදහිංසා පැමිණවීම් සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට මග පැදීමේ අවදානමක් පවතින බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.

ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්‍ය කතා පුවත..

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී, විධායකයේ බලපෑම්වලට යටත් නොවී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මුහුණ දුන් අභියෝග සහ ඓතිහාසික සිදුවීම් පිළිබඳව Kaarige Channel Eka නාලිකාව හරහා ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.

“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්‍රතිචාර දක්වයි

කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක අවසන් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති කෙටුම්පත් යෝජනාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති විවාදය අතරතුර, කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොද්‍රිගස් පරිල්ලා මහතා ඔක්තෝබර් 27 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් මහතාට ප්‍රතිචාර දැක්වීය.

බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්‍යාය පත්‍රයක්..

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් පැවිදි සහ ගිහි සංවිධාන එකතුව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

​දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්‍රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්‍යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය

එල්ටීටීඊ සංවිධානයේ විකාශනය වන බෙදුම්වාදී න්‍යාය පත්‍රයට මුහුණ දීමට සහ ශ්‍රී ලංකාවේ යහපත ආරක්ෂා කිරීම සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව ශ්‍රී ලංකාව සඳහා වූ සාමය, එක්සත්කම සහ මානව හිමිකම් පිළිබඳ සංවිධානයේ (SPUR) සභාපති ආචාර්ය දසරත් ජයසූරිය මහතා පවසයි.

නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්‍රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..

ඊශ්‍රායලයේ පසුගිය වසර ගණනාව තුළ පැවැත්වුණු වඩාත්ම තීරණාත්මක සහ වැදගත් මැතිවරණයක ඡන්ද විමසීම අවසන් වී ඇති අතර, මේ වන විට අලුයම් කාලයේ සිටම නිල ඡන්ද ගණන් කිරීමේ සහ ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ තීරණාත්මක කර්තව්‍යය ආරම්භ වී තිබේ.

යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්‍යවේදී මෝහන් සමරනායක

යුරෝපයේ වීදිවලින් මේ වන විට නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරය බව ජේෂ්ඨ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක මෝහන් සමරනායක මහතා පවසයි.

කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්‍යග්‍රහය නතර කිරීමට හේතුවත් ආරණ්‍යවාසී හිමිවරුන් මාධ්‍යයට හෙළිකරති..

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නතර කරන ලද්දේ මහානායක හිමිවරු විසින් එවා තිබූ ලිපියට ගරුකරමින් බවත්, මහනායක හිමිවරුන් ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරනු ඇති බවට විශ්වාස කරන බවත් මෙම සත්‍යග්‍රහයට සහ නිදහසේ පා ගමනය සම්බන්ධවූ ආරණ්‍යවාසී භික්ෂූන් වහස්සේලා විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කරුණු සඳහන් කර තිබේ.

ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කර නැති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්‍යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්

කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2027 නව විසර්ජන පනත් කෙටුම්පත සහ රජයේ අපේක්ෂිත වියදම් සම්බන්ධයෙන් දැඩි කරුණු හෙළිදරව් කිරීමක් සිදු කරන ලදී.

නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) හේතුවෙන් රටට හිමි GSP+ යුරෝපා බදු සහනය දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙයි.

බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්‍රේමරතන නාහිමි

බෞද්ධයන්ට සහ භික්ෂූන් වහන්සේලාට දිනෙන් දින එල්ල වන විවිධ අඩම්තේට්ටම්, නින්දා අපහාස සහ ජාතික උරුමයන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාසන විමර්ශන මහ සභාව විසින් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන්හි ත්‍රෛනිකායික ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගේ එකතුවෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ඔර්නබ් ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී 'ඉතා ප්‍රබල සුළි කුණාටුවක්' බවට පත්වී ඇත.

රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..

අනුරාධපුර පූජාභූමී සංවර්ධන සැලැස්ම සහ පුරාවිද්‍යා නිර්ණායක සම්බන්ධයෙන් මතුව ඇති කතාබහට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

2026 බ්‍රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්‍රතිඵල සහ ඓතිහාසික ජයග්‍රහණය

2026 ඔක්තෝබර් 25 වැනිදා අවසන් වූ බව සඳහන් බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන්, වත්මන් වාමාංශික ජනාධිපති ලූලා ද සිල්වා, දක්ෂිණාංශික අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජය කරමින් ජයග්‍රහණය කරණු ලැබීය. ෆ්ලාවියෝ යනු හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.