ඛනිජ කර්මාන්තයට ආයෝජකයන් ආකර්ෂණය කරගන්න සැලසුම්..
මෙරට ඛනිජ කර්මාන්තය සඳහා ශක්තිමත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට අදාළ සැලසුම් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් සිදු කර තිබේ.
ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී ඛනිජ කර්මාන්තයට අදාළ ඉඩම් හඳුනා ගැනීම සහ ඛනිජ සංචිත හඳුනා ගැනීමේ ප්රගතිය සමාලෝචනය කෙරුණු අතර රට තුළ පවතින ඛනිජ සම්පත්වල විභවතාව කඩිනමින් හඳුනා ගත යුතු බවත් ඒ සඳහා ශාක්තිමත් ආයෝජකයින් කැඳවා ගැනීමට කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කළේ.
කහටගහ සහ එප්පාවල යන ප්රදේශවල ගවේෂණ කටයුතු වල ප්රගතිය සහ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණි.
භූ විද්යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මඟින් ඛනිජ සංචිත සහ ගවේෂණ පිළිබඳව නිකුත් කරනු ලබන වාර්තා ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව සකස් කර, ජාත්යන්තර වශයෙන් පිළිගත් වාතා බවට පත් කිරීම සඳහා අවශ්ය පහසුකම් සැලසීම පිළිබඳවයි මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණේ.
එමෙන්ම, ඉදිරියේ දී ඛනිජ සංචිත පිළිබඳ ගවේෂණ කටයුතු බාහිර විශේෂඥ පාර්ශ්ව වෙත පැවරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.
තවද, මැණික් කර්මාන්තය ආශ්රිත කැණීම් කටයුතු නිත්යනුකූලව සහ විධිමත්ව සිදු කිරීම සඳහා ශක්තිමත් ප්රතිපත්ති මාලාවක් සකස් කරමින් පවතින බව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ නිලධාරීන් විසින් මෙහිදී දැනුම් දුන්නේය.
මැණික් අපනයනයේදී සිදුවන වංචා අවම කිරීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ගවල ප්රගතියයි මෙහිදී විමසා බැලුවේ.
එමෙන්ම, දේශීය මැණික් කර්මාන්තය නඟා සිටුවීම සහ විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ඉදිකෙරෙන මැණික් හා ස්වර්ණාභරණ මධ්යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වල ප්රගතිය ද සාකච්ඡාවට ලක් විය.
කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රම සම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු, මුදල් අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ජේ. එම්. ටී. ජයසුන්දර, ප්රතීත භූ විද්යාඥ සහ භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජෙනරාල් කේ.එන්. බණ්ඩාර, සිතියම් හා භූ – තොරතුරු අධ්යක්ෂ ඩී. ටී. ඩී. එස්. විජේසුන්දර, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය එස්. පී.වමින්ද, කහටගහ ග්රැෆයිට් ලංකා ලිමිටඩ් හි සභාපති ඊ.පී. ඒ. හේමලාල් යන මහත්ම මහත්මිහු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..