ඊශ්රායල මැතිවරණයේ ඡන්ද 90%ක් ගණන් කර අවසන්.. බලය හිමිවන්නේ කාටදැයි තවමත් අවිනිශ්චිතයි..
ඡන්දවලින් 90%කට ආසන්න ප්රමාණයක් ගණන් කර තිබුණද, ඊශ්රායල මැතිවරණයෙන් පැහැදිලි ජයග්රාහකයෙකු මෙතෙක් මතුව නොමැති බව විදෙස් මාධ්ය සඳහන් කරයි.
ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්ය ආසන 61ක බහුතරය ප්රධාන දේශපාලන කණ්ඩායම් දෙකටම හිමිවී නැති බවයි වාර්තා වන්නේ.
මධ්යම මැතිවරණ කමිටුවට අනුව, එරට වේලාවෙන් ඊයේ රාත්රී 9.00 වන විට ඡන්ද මිලියන පහකට වැඩි ප්රමාණයක් ගණන් කර ඇති බව සඳහන්.
අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කණ්ඩායමට ආසන 120කින් 53ක් ද, ගාඩි අයිසන්කොට්ගේ නායකත්වයෙන් යුතු විපක්ෂ කණ්ඩායමට ආසන 48ක් ද හිමිවනු ඇතැයි දැනට පුරෝකථනය කර ඇති අතර, අරාබි දේශපාලන පක්ෂ වන “ජොයින්ට් ලිස්ට්” සහ “රා’ම්” එක්ව වාර්තාගත ආසන 19ක් දිනාගැනීමට ඉඩ ඇති බවත් සඳහන්.
සොල්දාදුවන්, රාජ්යතාන්ත්රික නිලධාරීන් සහ තමන් ලියාපදිංචි ඡන්ද මධ්යස්ථානයෙන් බැහැරව ඡන්දය දුන් පිරිස්වල ඡන්ද ඇතුළත් විශේෂ ලියුම් කවර ඡන්ද 500,000කට වැඩි ප්රමාණයක් තවමත් ගණන් කිරීමට නියමිත බවටයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ.
එම ඡන්දවලින් ආසන බෙදී යාමේ වෙනසක් සිදුවිය හැකි අතර, අවසන් ප්රතිඵල බ්රහස්පතින්දා සවස නිකුත් වීමට ඉඩ ඇති බව සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..