පූජා භූමියේ අලුතින් කෝවිල් ඉදිකිරීමක් හෝ මල් ආසන ඉදිකිරීමක් ගැන ගැසට්ටුවේ නෑ.. සංවර්ධන කරන්නේ බැතිමතුන්ට බාධා නොවන්නයි.. - භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ
අනුරාධපුර ඓතිහාසික පූජා භූමි කලාපය ආශ්රිතව වන්දනාමාන කටයුතුවල නිරත වන බැතිමතුන්ට කිසිදු බාධාවක් එල්ල නොවන පරිදි සංවර්ධන සැලසුම් සකස් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එල්ල වන විවේචන සහ චෝදනා කිසිදු පදනමක් නොමැති ඒවා බවත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රුචිර විතාන මහතා අවධාරණය කරයි.
පසුගිය පෙබරවාරි මාසයේදී ප්රකාශයට පත් කරන ලද අදාළ ගැසට් පත්රය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මත පළවීමත් සමඟ කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
1940 දශකයේ නගර හා ග්රාම නිර්මාණ දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත වූ දා පටන් අනුරාධපුර පූජා නගර සංවර්ධන කටයුතු සමඟ තම දෙපාර්තමේන්තුව සමීපව කටයුතු කළ බව සිහිපත් කළ අධ්යක්ෂ ජනරාල්වරයා, වත්මන් ගැසට් නිවේදනය එහි අඛණ්ඩ දිගුවක් පමණක් බව පෙන්වා දුන්නේය.
මෑතකදී ඇතැම් පාර්ශව විසින් නඟන ලද චෝදනා ප්රතික්ෂේප කළ ඒ මහතා, අදාළ ගැසට් පත්රය මඟින් පූජා භූමිය තුළ අලුතින් කෝවිල් ඉදිකිරීමක් හෝ මල් ආසන ඉදිකිරීමක් පිළිබඳව කිසිදු සඳහන් කිරීමක් සිදු කර නොමැති බවත්, සත්ය තොරතුරු අවබෝධ කර ගැනීම සඳහා ප්රබුද්ධ ජනතාවට එම ගැසට් පත්රය අධ්යයනය කරන ලෙසත් ඉල්ලා සිටියේය.
එමෙන්ම ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අවට මීටර් 500කට ආසන්න දුරකින් ඉදිකර ඇති ආරක්ෂිත වැට සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කළ ඔහු, ගවයින් ඇතුළු සතුන්ගෙන් පුරාවිද්යා භූමියට සිදුවන හානි වළක්වා ගැනීම එහි මූලික අරමුණ වූ බව ප්රකාශ කළේය. ඉදිරියේදී එය තුරුලතාවලින් ආවරණය වූ පරිසර හිතකාමී ජෛව වැටක් ලෙස පූජා භූමියට උචිත අයුරින් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවත්, බැතිමතුන්ගේ ආගමික වතාවත්වලට ඉන් කිසිදු අවහිරයක් නොවන බවත් හෙතෙම තහවුරු කළේය.
මෙම සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් යම් පුරවැසියෙකුට හෝ සංවිධානයකට පැහැදිලි කරගැනීමක් අවශ්ය වන්නේ නම්, බත්තරමුල්ල, සෙත්සිරිපාය පළමු අදියරේ පස්වන මහලේ පිහිටි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාලය වෙත පැමිණ නිලධාරීන් මුණගැසී අවශ්ය සියලු තොරතුරු ලබාගත හැකි බවද රුචිර විතාන මහතා වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..