ට්රම්ප් අත්සන ගහලා ද?..
සමස්ත මැද පෙරදිග ම අනතුරකට ලක්වෙන ප්රහාරකයකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නියෝග කරලා ද? මේ සම්බන්ධයෙන් ලැරී ජොන්සන් (Larry Johnson) ඉදිරිපත් කරපු ආන්දෝලානාත්මක අදහස් කීපයක සිංහල පරිවර්තනය මේත් එක්ක පළ කරනවා.
=== === === === ===
ලැරී සී. ජොන්සන් (Larry C. Johnson) කියන්නේ ඇමෙරිකානු බ්ලොග් රචකයෙක් සහ දේශපාලන විචාරකයෙක්. ඔහු CIA සංවිධානයේ විශ්ලේෂකයෙක් විදිහටත් රාජකාරි කරලා තියෙනවා. අවුරුදු හතරක් CIA සංවිධානයේ සේවය කරලා, ඊට පස්සේ ඔහු එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ ත්රස්තවාදය පැරැදවීමේ කාර්යාලයට (Office of Counterterrorism) සම්බන්ධ වුණා. දැන් ඔහු විකල්ප මාධ්ය වේදිකාවල නිතර ම අදහස් ඉදිරිපත් කරන පුද්ගලයෙක් බවටත් පත්වෙලා. ඔහු නිතර ම මැද පෙරදිග ආරක්ෂක කටයුතු ගැනත්, චීනය සහ රුසියාව සම්බන්ධවත් ඇමෙරිකා–ඊශ්රායල සබඳතා ගැනත් අදහස් ඉදිරිපත් කරනවා.
=== === === === ===
“මට විවිධ මූලාශ්රවලින් තොරතුරු ලැබෙනවා. මේ විදිහට ලැබිච්ච එක තොරතුරක් සවුදි අරාබියේ පුද්ගලික ගුවන් යානා පදවන ගුවන් නියමුවන්ට සම්බන්ධයි. දැන් ඒ අය ඕවර් ටයිම් වැඩ. සවුදි රාජකීය පවුලත් අනිත් ලොක්කොත් දැන් සවුදි අරාබියෙන් පිටවෙලා යනවා. ඒ කියන්නේ, ඒ අය රට හැර යමින් ඉන්නවා.
මට බ්රිතාන්ය විශේෂ ගුවන් සේවයට (British Special Air Service - SAS) සම්බන්ධ එක්සත් අරාබි එමීර් රාජ්යයේ (UAE) ඉන්න මගේ යාළුවෙක්ගෙන් තවත් තොරතුරක් ලැබුණා. ඒ අයට අනතුරු ඇඟවීමක් ලැබිලා තියෙනවා. ඒ හමුදාව ඉක්මනින් ම මැද පෙරදිගට යවන්න සූදානම් කරවනවා. හුඟක් වෙලාවට, ඒ අයව ගොඩබිම මෙහෙයුමකට යොදවන්න ඉඩ තියෙනවා.
ඊයේ රුසියානුවෝ තමන්ගේ භාණ්ඩ ප්රවාහන ගුවන් යානා ඉරානයේ බූෂෙහ්ර් (Bushehr) නගරයට යැව්වා කියලා ආරංචියි. මේකට අදාළ හේතු දෙකක් ගැන අපිට හිතන්න පුළුවන්. එක්කෝ ඒ අය ගුවන් ආරක්ෂණ පද්ධති ගෙනැල්ලා තමන් ඉරානයත් එක්ක එකතුවෙලා හදලා තියෙන බූෂෙහ්ර් න්යාෂ්ඨික බලාගාරයේ ආරක්ෂාව ශක්තිමත් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම්, යම් දෙයක් සිද්දවෙයි කියන තොරතරු උඩ රුසියානු කාර්ය මණ්ඩලය ඉවත් කරගන්නවා වෙන්නත් පුළුවන්.
ඊට අමතරව, ඇමෙරිකාවත් මැද පෙරදිග කලාපයෙන් අත්යවශ්ය නොවන කාර්ය මණ්ඩල ඉවත් කරගනිමින් ඉන්නවා. කර්නල් ලෝරන්ස් විල්කර්සන් (Lawrence Wilkerson) සහ මම ඊයේ ඩැනී හයිෆොං (Danny Haiphong) ඉදිරිපත් කරන වැඩසටහනේ දී මේ ගැන කතා කළා. සියලු දෙනා ම අවදානමට ලක් කරන්න පුළුවන් යම් ආකාරයක ලොකු වැඩක් සිද්දවෙන්න යන බව රාජ්ය දෙපාර්තමේන්තුව දැනගෙන ඉන්නවා කියන කාරණය තහවුරු කරගන්න මේ නිරීක්ෂණයත් අදාළයි. මේ ඉවත් කරගැනීම් සවුදි අරාබියට විතරක් සීමාවෙලා නෑ. කුවේටයෙන්, බහරේනයෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්යයෙන් ඇමෙරිකානු කාර්ය මණ්ඩලය ඉවත් කරගනිමින් ඉන්නවා.
ඒ කියන්නේ, මේ අය ලොකු ගැටුමක් දිහාට යොමුවෙමින් ඉන්නවා.
ඊයේ පළවෙච්ච වාර්තාවකින් මෙහෙම තොරතුරක් ආරංචිවුණා. ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) දවස් කීපයකට කලින් රහසේ ඊශ්රායලයේ දී බීබී නෙතන්යාහු (Bibi Netanyahu) මුණගැහුණා. ඒ මුණගැහීමෙන් පස්සේ නෙතන්යාහු ඉතාමත් සතුටින් සහ උද්යෝගයකින් ආපහු ඇවිල්ලා “අපි දැන් ම යන්න ඕන” බවක් කියලා තියෙනවා. ඒ කියන්නේ ට්රම්ප් අත්සන ගහලා තියෙන බව පැහැදිළියි. අපි බලමු. අපි හැමෝම දන්නවා, මේ තමයි ට්රම්ප්. මීට කලිනුත් ට්රම්ප් “ටැකෝ” (TACO, Trump Always Chickens Out, ට්රම්ප් හැම වෙලාවේ ම බයෙන් පස්ස ගහනවා) වෙලා තියෙනවා. ඒ හින්දා, ඔහු නැවතත් එහෙම කරයි කියලා මම නම් හැම වෙලාවේ ම බලාපොරොත්තු වෙනවා. ට්රම්ප් කියන්නේ හැම වෙලාවේ ම බයවෙලා පස්ස ගහන කෙනෙක්.
ඒත් මේ වතාවේ මහ විනාශයක් දිහාට ගමන් කරමින් ඉන්න බවකුයි පේන්නේ. මේ හැම දෙයක් ම ආයෙත් තෙල් මිලට සම්බන්ධ වෙනවා. දැනටමත් සවුදි අරාබියේ තෙල් යටිතල පහසුකම්වලට අත්වෙලා තියෙන විනාශය සුළුපටු නෑ. විශේෂයෙන් ම, හූති ප්රහාර එල්ලවෙච්ච පහුගිය සති හතර තුළ සිද්දවෙච්ච විනාශය මහ විශාලයි. හූතිවරු සවුද් රජ වංශය (House of Saud) සහ සවුදි අරාබි ආණ්ඩුව විනාශ කරමින් ඉන්නවා. දැන් තියෙන සවුදි ආණ්ඩුව තව මාස තුනක් ඇතුළත නැතිවෙන්නත් පුළුවන්.
මේකෙන් ගල්ෆ් කලාපයට දැවැන්ත බලපෑමක් ඇති කරනවා. දැනටමත් සවුදි අරාබියේ තෙල් ආදායම් ඉපැදැවීමේ හැකියාව අඩුම තරමින් සීයට 40 කින් අඩුවෙලා. දවසක් දවසක් පාසා එල්ල කරන අලුත් ප්රහාරත් එක්ක මේ අගය තවත් පහළ බහිනවා. එක්සත් අරාබි එමීර් රාජ්යයටත් මේ වැඩේ ම සිද්දවෙනවා. ඒ අයගේ තෙල් නිෂ්පාදනය අඩුම තරමින් සීයට 40 කින් බිඳ වැටිලා.
ඉතින්, ට්රම්ප් මොනවා කිව්වත්, ගෝලීය වෙළෙඳපොළට ලැබෙන තෙල් ප්රමාණය තවත් අඩුවෙනවා."
- ආචාර්ය වරුණ චන්ද්රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..
විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්ය කතාව මෙන්න..
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..