විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්ය කතාව මෙන්න..
1971 අප්රේල් කැරැල්ල සම්බන්ධයෙන් සිරගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිස 1977 වසරේදී නිදහස ලැබීම සම්බන්ධයෙන් සමාජයේ ඇතැමුන් අතර වැරදි මතයක් සංසරණය වන බව ප්රවීණ මාධ්යවේදී ධර්මශ්රී කාරියවසම් මහතා පෙන්වා දෙයි. සමාජ මාධ්ය ඔස්සේ සහ විවිධ දේශපාලන සංවාදවලදී ප්රකාශ වන්නේ 1977 වසරේ බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති සමාවක් ලබා දී රෝහණ විජේවීර මහතා හිරෙන් මුදාගත් බවයි. එහෙත් එය සම්පූර්ණ සත්යයෙන් තොර, ඓතිහාසික කරුණු නොදැකීමෙන් හෝ දේශපාලන අරමුණු මත පදනම්ව ගොතන ලද කතාවක් බව ඔහු අවධාරණය කරයි.
ඉතිහාසයේ සැබෑ සිදුවීම මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර, 1977 නොවැම්බර් 02 වන දින එවක අගමැතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේ සිරගත කර සිටි රෝහණ විජේවීර ඇතුළු දේශපාලන සිරකරුවන් 130 දෙනෙකුට සමාව දුන් බවයි. එහෙත්, ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් වූයේ ඉන් මාස තුනකට පසු, එනම් 1978 පෙබරවාරි 04 වන දින වන බැවින්, එම අවස්ථාවේදී ඔහුට ජනාධිපති සමාවක් ලබා දීමට කිසිදු නීතිමය හැකියාවක් තිබුණේ නැත.
රෝහණ විජේවීර ඇතුළු පිරිසට එදා නිදහස ලැබුණේ කිසිදු පාර්ශ්වයක අනුකම්පාවකින් හෝ ජනාධිපති සමාවකින් නොව, 1972 අංක 14 දරන අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අහෝසි කිරීම හරහාය. 1971 කැරැල්ල සහ විදේශ විනිමය වංචා වැනි බරපතල අපරාධ සාමාන්ය අධිකරණ ක්රමවේදයෙන් බැහැරව විමර්ශනය කර දඬුවම් දීම සඳහා සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ සමයේ මෙම විශේෂ කොමිෂන් සභා පනත ගෙන එන ලදී.
පසුව, 1977 ජූලි මස බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන අගමැතිවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, තමන්ගේ දේශපාලන හිතවතුන් සහ ව්යාපාරිකයන් රැසක් එම නීතිය යටතේ හිරගතව සිටි බැවින්, එම අසාධාරණ යැයි සැම සැලකූ නීතිය අහෝසි කිරීම සඳහා 1977 ඔක්තෝබර් මාසයේදී නව පනත් කෙටුම්පතක් සම්මත කරනු ලැබීය. මෙම විශේෂ කොමිෂන් සභා පනත අහෝසි වීමත් සමඟම, එම නීතිය මත පදනම්ව එතෙක් සිරගත කර සිටි පුද්ගලයන් තවදුරටත් හිරගෙදර තබා ගැනීමට නීතිමය පදනමක් නොමැති වූ බැවින් සියලුම සිරකරුවන්ට නිදහස හිමි විය.
ඒ අනුව, නීතිය අහෝසි වීම නිසා අත්වූ එම නිදහස ජනාධිපති සමාවක් ලෙස වැරදියට අර්ථකථනය කරමින් අදටත් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඇතැමුන් බොරු මත සමාජගත කරන බවත්, මෙවැනි වහල් මනස් සහ අසත්ය තොරතුරු රටක අනන්යතාවට දැඩි ලෙස හානි කරන බවත් ධර්මශ්රී කාරියවසම් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
වැඩිදුර විස්තර සහ සම්පූර්ණ විශ්ලේෂණය නැරඹීමට වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්ය කතාව මෙන්න..
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..
කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin
ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා