News Category
From Date
To Date
Maximum Number of Result

යුරෝපයේ වෙනස් වන ජනගහන මුහුණුවර: සංක්‍රමණය යුරෝපා මහාද්වීපයේ අනාගතය වෙනස් කරන්නේ කෙසේද?

Oct 14, 2026 at 12:20 PM
|

වර්තමාන ජනගහන ප්‍රවණතා දිගටම පැවතුණහොත්, ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්විය හැකි බව නවතම ජනගහන ආකෘතියක් මගින්  පුරෝකථනය කර තිබේ. මේ අතර, නිවාස මිල ඉහළ යාම, රාජ්‍ය සේවාවන් මත ඇතිවන පීඩනය සහ දේශසීමා පාලනයේ අසාර්ථකත්වය හේතුවෙන් සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහි ජනතා විරෝධය ද වර්ධනය වෙමින් පවතී.

සටහන: පහත දැක්වෙන්නේ RT වෙබ් අඩවියේ පලවූ Europe’s changing face: How migration is reshaping the continent ලිපියේ අන්තර්ගතය සිංහලට පරිවර්තනය කළ අනුවාදයකි. ජනගහන අනාගතය පිළිබඳ සංඛ්‍යා හා වර්ෂ සඳහන් කර ඇත්තේ ලිපියේ උපුටා දක්වන ආකෘතියේ පුරෝකථන ලෙසයි. 

ඔස්ට්‍රියානු ජාතික සමාජ ක්‍රියාකාරිකයකු සහ ලේඛකයකු වන මාර්ටින් සෙල්නර් (Martin Sellner) විසින් මෙහෙයවනු ලබන Institute for Remigration (IFR) ආයතනය පසුගිය සතියේ මුලදී සිය Demography Dashboard නම් ජනගහන දත්ත පද්ධතිය ප්‍රකාශයට පත් කළේය. සංක්‍රමණය තියුණු ලෙස සීමා කිරීමත්, සංක්‍රමණිකයන් නැවත සිය රටවලට යාම දිරිගැන්වීම හෝ ඒ සඳහා බලපෑම් කිරීමත් ඔහුගේ ප්‍රචාරක කටයුතුවල ප්‍රධාන අරමුණු අතර වේ. එමගින් යුරෝපීය රටවල දේශීය ජනගහනයේ බහුතර තත්ත්වය ආරක්ෂා කිරීම ඔහු අපේක්ෂා කරයි.

මෙම ආකෘතියට යුරෝපයේ ජනගහනයට සංක්‍රමණය, උපත් සහ මරණ බලපාන ආකාරය පුරෝකථනය කිරීම සඳහා එක් එක් රටවල නිල ජනගහන සංඛ්‍යාලේඛන භාවිත කර තිබේ. දත්ත පද්ධතිය, 2015–2024 කාලය තුළ වාර්තා වූ සාමාන්‍ය සංක්‍රමණ මට්ටම් ඉදිරියටත් පවතිනු ඇතැයි උපකල්පනය කරන අතර, උපත් හා මරණ අනුපාත ද නොවෙනස්ව පවතින බව සලකයි.

2026 ඔක්තෝබර් 5 වැනිදා Institute for Remigration සිය සමාජ මාධ්‍ය පණිවිඩයකින් ප්‍රශ්නයක් මතු කළේය: “යුරෝපීයයන් තමන්ගේම රටවල සුළුතරයක් බවට පත්වන්නේ කවදාද?” එම ආයතනය පවසන්නේ සිය ජනගහන දත්ත පද්ධතිය එම ප්‍රශ්නයට පිළිතුරු සපයන අතර, නැවත සංක්‍රමණය (remigration) හරහා එම ගමන් මඟ වෙනස් කළ හැකි ආකාරය ද පෙන්වා දෙන බවයි.

මෙහි “සංක්‍රමණිකයන්” යන කාණ්ඩයට අප්‍රිකාව, මැදපෙරදිග සහ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් මෙන්ම යුරෝපා සංගමය තුළින් සහ ඉන් පිටත වෙනත් යුරෝපීය රටවලින් පැමිණෙන පුද්ගලයෝ ද ඇතුළත් වෙති. අදාළ රට අනුව, එම කාණ්ඩයට එරටම උපන් සංක්‍රමණිකයන්ගේ දරුවන් සහ පුරවැසිභාවය ලබාගත් පුද්ගලයන් ද ඇතුළත් විය හැකිය.

පුරවැසිභාවය ලබාගැනීම පමණක් එම පුද්ගලයකු සංක්‍රමණික පසුබිමක් සහිත ජනගහන කාණ්ඩයෙන් ඉවත් කිරීමට ප්‍රමාණවත් නොවේ. නිදසුනක් ලෙස, ජර්මනියේ මෙම ගණනය කිරීමේදී ජර්මානු පුරවැසිභාවය නොමැතිව උපන් පුද්ගලයන් හෝ අවම වශයෙන් එක් දෙමාපියකු එවැනි පසුබිමක් සහිත පුද්ගලයන් එම කාණ්ඩයට ඇතුළත් වේ.

“දේශීය ජනගහනය” (native population) යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ එවැනි සංක්‍රමණික පසුබිමක් නොමැති පුද්ගලයන්ය. එහෙත් රටින් රටට භාවිත කරන නිර්වචන වෙනස් වේ. බ්‍රිතාන්‍යය සම්බන්ධයෙන් මෙම ආකෘතිය ජනවාර්ගික අනන්‍යතාව පදනම් කරගනී. එහිදී සුදු බ්‍රිතාන්‍ය සහ සුදු අයර්ලන්ත ජනතාව දේශීය ජනගහනය ලෙස සලකන අතර, උපන් ස්ථානය හෝ පුරවැසිභාවය නොසලකා අනෙකුත් සියලු ජනවාර්ගික කණ්ඩායම් සංක්‍රමණික කාණ්ඩයට ඇතුළත් කරයි.

මෙම ආයතනයේ පුරෝකථන වලංගු වන්නේ සංක්‍රමණය, සරුභාවය සහ මරණ අනුපාත සම්බන්ධයෙන් එය භාවිත කරන උපකල්පන අනාගතයේදී ද එලෙසම පවතින්නේ නම් පමණි.

යුරෝස්ටැට් (Eurostat) දත්තවලට අනුව, යුරෝපා සංගමයේ එක් කාන්තාවකට ලැබෙන දරුවන්ගේ සාමාන්‍ය සංඛ්‍යාව 2014 දී 1.54ක් වූ අතර, 2024 වන විට එය 1.34 දක්වා පහත වැටී ඇත. ජනගහනයේ එක් පරම්පරාවක් ඊළඟ පරම්පරාවෙන් ප්‍රතිස්ථාපනය වීමට අවශ්‍ය යැයි සාමාන්‍යයෙන් සැලකෙන 2.1 මට්ටමට වඩා එය සැලකිය යුතු ලෙස අඩුය.

2012 සිට යුරෝපා සංගමයේ උපත් සංඛ්‍යාවට වඩා මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතී. 2024 දී සෑම පදිංචිකරුවන් 1,000කට උපත් 7.9ක් වාර්තා වූ අතර මරණ 10.7ක් වාර්තා විය.

වෙනසක් කරා ගමන් කරන පරම්පරාවක්

මෙම ජනගහන දත්ත පද්ධතියේ පුරෝකථන අනුව, සංක්‍රමණික පසුබිමක් සහිත ජනගහනය සියයට 50 සීමාව ඉක්මවා යන පළමු රට බවට ස්විට්සර්ලන්තය පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2026 දී එරට ජනගහනයෙන් සියයට 41.2ක් එම පසුබිමක් සහිත අය ලෙස ආකෘතිය මගින් ගණනය කර ඇති අතර, එම ප්‍රතිශතය 2038 දී සියයට 50 ඉක්මවනු ඇතැයි පුරෝකථනය කර තිබේ.


බෙල්ජියමේදී මෙම සීමාව 2044 දී ද, ජර්මනියේදී 2045 දී ද, ස්වීඩනයේදී 2046 දී ද ඉක්මවනු ඇතැයි එම ආකෘතිය පෙන්වා දෙයි. 2026 සඳහා එම රටවල සංක්‍රමණික පසුබිමක් සහිත ජනගහන ප්‍රතිශතය පිළිවෙළින් සියයට 36.6ක්, සියයට 32ක් සහ සියයට 36.8ක් ලෙස ගණනය කර ඇත.

එක්සත් රාජධානිය ද 2053 දී සංක්‍රමණිකයන් සියයට 50 සීමාවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, 2026 සඳහා එහි ආරම්භක ප්‍රතිශතය සියයට 27.2කි. ස්පාඤ්ඤය සම්බන්ධයෙන් එම සීමාව 2057 දී ඉක්මවනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ආරම්භක ප්‍රතිශතය සියයට 25.4කි. ප්‍රංශය සම්බන්ධයෙන්, ඉහළ සංක්‍රමණ මට්ටමක් උපකල්පනය කරන වෙනම අධ්‍යයනයක් උපුටා දක්වමින්, 2050 පමණ වන විට එවැනි වෙනසක් ඇතිවිය හැකි බව මෙම දත්ත පද්ධතිය සඳහන් කරයි.

මෙම ජනගහන වෙනස්කම්වලට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දිගටම පවතින සංක්‍රමණය, ජනගහනය වයස්ගත වීම සහ අඩු උපත් අනුපාතය බව එම දත්ත පද්ධතිය පවසයි.

අප්‍රිකාව, මැදපෙරදිග සහ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන සේවකයන්, සිසුන්, පවුලේ සාමාජිකයන් සහ සරණාගතභාවය ඉල්ලා සිටින පුද්ගලයන් ද මෙම සංක්‍රමණයට ඇතුළත් වෙති. යුක්රේන ජාතිකයෝ ද යුරෝපයේ සංක්‍රමණික ජනගහනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ජූලි මාසය අවසානයේදී යුරෝපා සංගමය තුළ තාවකාලික ආරක්ෂාව යටතේ සිටි යුක්රේන ජාතිකයන් සංඛ්‍යාව මිලියන 4.43ක් පමණ විය.

සංක්‍රමණිකයන්ගේ වැඩිවීම සහ ඉහළ යන නිවාස මිල

යුරෝපය පුරා සංක්‍රමණය හේතුවෙන් දැනටමත් දැඩි පීඩනයකට ලක්ව ඇති නිවාස හා රාජ්‍ය සේවාවන් සඳහා වන ඉල්ලුම තවදුරටත් ඉහළ ගොස් ඇත. ප්‍රමාණවත් නිවාස හා යටිතල පහසුකම් සකස් නොකර නවකයන්ට රටට ඇතුළුවීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤය සහ අයර්ලන්තය කැපී පෙනෙන අර්බූදයකට ලක්ව ඇති රටවල් වේ.

ස්පාඤ්ඤයේ සංක්‍රමණය හේතුවෙන් ජනගහනය ඉහළ යන වේගය නිවාස ඉදිකිරීමේ වේගය ඉක්මවා ගොස් තිබේ. කුලී නිවාසවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව වීදි බැස විරෝධතා පැවැත්වීමට ද පෙළඹී ඇත.

මැඩ්රිඩ් නුවර තමන් වසර 70ක් ජීවත් වූ නිවසින් වයස අවුරුදු 87ක කාන්තාවක් පසුගිය මාසයේදී ඉවත් කිරීම, රට පුරා පැතිර ගිය විරෝධතාවල ප්‍රධාන සංකේතයක් බවට පත්විය. එම කාන්තාව ඔක්තෝබර් 7 වැනිදා මිය ගියාය.

අයර්ලන්තයේ සහ ස්පාඤ්ඤයේ නිවාස සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමේ ප්‍රධාන සාධකය සංක්‍රමණය බව අයර්ලන්ත මාධ්‍යවේදී ඩෑන් ඕ’බ්‍රයන් ඔක්තෝබර් 6 වැනිදා සිය  සමාජ මාධ්‍ය ගිනුමේ සඳහන් කළේය. නිවාස ඉල්ලුම වැඩිවීම පාලනය කිරීම සඳහා සේවකයන්ට සහ සිසුන්ට වීසා නිකුත් කරන වේගය අඩු කිරීමට රජයන් කටයුතු කළ යුතු බව ඔහුගේ අදහස විය. ඉල්ලුම නිසි ලෙස කළමනාකරණය කළ යුතු බව පැවසීම සංක්‍රමණයට හෝ සංක්‍රමණිකයන්ට එරෙහි වීමක් ලෙස නොසැලකිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

අයර්ලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ කුලියට නිවසක් සොයාගැනීමට හෝ නිවසක් මිලදී ගැනීමට අරගල කරන ජනතාව අතර, බදු මුදලින් සරණාගතයන් සඳහා නවාතැන් සැපයීම පිළිබඳව ද අප්‍රසාදය වර්ධනය වී තිබේ.

ඩබ්ලින් නුවර පිහිටි Citywest Hotel හෝටලය සරණාගතයන් සඳහා නවාතැන් සැපයීමට අයර්ලන්ත රජය විසින් මිලදී ගැනීම ද විරෝධතාවලට හේතු විය. දැනටමත් ප්‍රමාණවත් පොදු පහසුකම් නොමැති ප්‍රදේශයක, ප්‍රදේශවාසීන් භාවිත කළ පහසුකමක් අහිමි වීම එම විරෝධතාවලට එක් හේතුවක් විය.

මේ අතර, බ්‍රිතාන්‍යයේ සරණාගත නවාතැන් සැපයීමේ ගිවිසුම් සඳහා වසර දහයක කාලයක් තුළ වැය වනු ඇතැයි අපේක්ෂා කරන මුදල පවුම් බිලියන 15.3කි (ඇමරිකානු ඩොලර් බිලියන 21.2කි). එය මුලින් ඇස්තමේන්තු කළ මුදල මෙන් තුන් ගුණයකටත් වැඩිය. පෞද්ගලික සේවා සපයන්නන් සැලකිය යුතු ලාභ උපයාගෙන ඇති අතර, ඒ අතරතුර ප්‍රදේශවාසීන්ට නිවාස හා පොදු සේවාවන් සම්බන්ධයෙන් තවත් පීඩනයකට මුහුණ දීමට සිදුව තිබේ.

ආරක්ෂක පද්ධතිවල අසාර්ථකත්වය

පසුගිය දශකය තුළ යුරෝපයට පැමිණි සංක්‍රමණිකයන්ගේ වැඩිවීම, එම මහාද්වීපයේ ආරක්ෂාව පිළිබඳ විශාල විවාදයකට ද හේතු වී තිබේ. දැනටමත් රටින් පිටුවහල් කළ යුතුව තිබූ පුද්ගලයන් සම්බන්ධ ප්‍රහාර සහ බලධාරීන් කලින්ම දැන සිටි අවදානම් හැසිරීම් සහිත පුද්ගලයන් සම්බන්ධ සිදුවීම් එම විවාදය තීව්‍ර කර ඇත.

සංක්‍රමණිකයන් සම්බන්ධ වූ බවට සැක කෙරෙන මාරාන්තික ත්‍රස්ත ප්‍රහාර ප්‍රංශය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යය යන රටවල සිදුව තිබේ. එම සිදුවීම් පුද්ගලයන් පරීක්ෂා කිරීම, ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සහ පිටුවහල් කිරීමේ නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අඩුපාඩු හෙළි කරන්නක් බව විද්වතුන්ගේ මතයයි.

ජර්මානු පොලිසියේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 වසරේ හඳුනාගත් ප්‍රචණ්ඩ අපරාධ සැකකරුවන්ගෙන් සියයට 42.9ක් විදේශීය ජාතිකයෝ වූහ. එම වසරේ වාර්තාගත ප්‍රචණ්ඩ අපරාධ සංඛ්‍යාව සමස්තයක් ලෙස අඩු වී තිබුණ ද, අපරාධ සැකකරුවන් අතර විදේශීය ජාතිකයන්ගේ ප්‍රතිශතය ඔවුන්ගේ ජනගහන ප්‍රතිශතයට සාපේක්ෂව අසමානුපාතික ලෙස ඉහළ බව පොලිස් දත්ත පෙන්වා දෙයි.

විරෝධතා මැඩපැවැත්වීම

කෙසේ වෙතත්, ඇතැම් යුරෝපීය රටවල මෙම ගැටලුව පිළිබඳව ප්‍රසිද්ධියේ අවධානය යොමු කිරීම පවා දැඩි සීමාවන්ට ලක්ව ඇති බව පෙනී යයි.

බ්‍රිතාන්‍යයේදී “සංක්‍රමණික විරෝධී හැඟීම්” මැඩපැවැත්වීමේ නාමයෙන් ක්‍රියාත්මක වන දැඩි ප්‍රතිචාර, පාලනයකින් තොර සංක්‍රමණයට විරුද්ධව සමාජ මාධ්‍යවල අදහස් පළ කරන ප්‍රදේශවාසීන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම දක්වා ව්‍යාප්ත වී ඇති බව පෙනෙන්නට තිබේ. ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධියේ බ්‍රිතාන්‍ය ධජය එසවීම වැනි සාමාන්‍ය ක්‍රියාවක් පවා මෙම විවාදයට ඇතුළත් වී තිබේ.

ස්පාඤ්ඤයේදී අපරාධ සහ නීතිවිරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන් පොලිසිය නිසි පියවර නොගන්නා බව පවසන කණ්ඩායමක්, තමන්ම වීදි මුර සංචාර ආරම්භ කර සැක සහිත සොරකම්කරුවන් පොලිසියට භාරදීමට කටයුතු කර තිබේ. එහෙත් එම කණ්ඩායමේ ක්‍රියාකාරකම් දැන් “වෛරී අපරාධ” පිළිබඳ විමර්ශනයකට ලක්ව ඇත.

ප්‍රංශයේ හිටපු ජනාධිපති අපේක්ෂක එරික් සෙමූර් (Eric Zemmour) ද සංක්‍රමණය පිළිබඳ ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දී තිබේ. 2025 සැප්තැම්බර් මාසයේදී ප්‍රංශයේ ඉහළම අධිකරණය ඔහුට එරෙහිව නියම කළ යුරෝ 15,000ක දඩය තහවුරු කළේය. සංක්‍රමණිකයන් “යටත් විජිතවාදීන්” ලෙසත්, මුස්ලිම් ඇඳුම් “අත්පත් කරගැනීමේ හමුදාවක නිල ඇඳුම්” ලෙසත් හැඳින්වූ කතාවක් සම්බන්ධයෙන් වාර්ගික අපහාස සහ වෛරය උසිගැන්වීම යන චෝදනා එයට හේතු විය.

ජනතා විරෝධය තවදුරටත් වර්ධනය වෙයි

ගිම්හාන කාලය තුළ යුරෝපය පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තම රටවල සංක්‍රමණික ප්‍රතිපත්තිවලට විරෝධය පළ කළහ. ලන්ඩන්, මැඩ්රිඩ් සහ ඩබ්ලින් නගරවල විශාල පාගමන් පැවැත්වුණු අතර, ඒවාට එක්වූ විරෝධතාකරුවෝ දැඩි දේශසීමා පාලනයක් ඉල්ලා සිටියහ. සංක්‍රමණයේ ප්‍රතිවිපාක දරාගැනීමේ බර ප්‍රදේශවාසීන් මත පමණක් පැටවීම නතර කළ යුතු බව ද ඔවුහු ඉල්ලා සිටියහ.

එහෙත් විරෝධතාකරුවන්ගේ පැමිණිලිවලට විසඳුම් සෙවීම වෙනුවට, බලධාරීන් බොහෝ අවස්ථාවලදී එම විරෝධතා හෙළා දැකීමට ප්‍රමුඛත්වය දී ඇති බව පෙනී යයි. මැයි මාසයේ ලන්ඩනයේ පැවැත්වීමට නියමිතව තිබූ පාගමනට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා එහි සංවිධායකයන් “වෛරය සහ බෙදීම ප්‍රචාරය කරන” බවට චෝදනා කළේය.

මේ අතර, සංක්‍රමණය දැඩි ලෙස පාලනය කරන බවට පොරොන්දු වන දේශපාලන පක්ෂවලට මහජන සහයෝගය අඛණ්ඩව වැඩි වෙමින් පවතී. ජර්මනියේ ඔක්තෝබර් 3 වැනිදා සිදු කළ මත විමසුමකදී දක්ෂිණාංශික Alternative für Deutschland (AfD) පක්ෂයට සියයට 30ක සහයෝගයක් හිමිව තිබිණි. එය ආණ්ඩු බලය දරන CDU/CSU පක්ෂ සන්ධානයට හිමි වූ සියයට 18ක සහයෝගයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයකි.

වොෂින්ටනයෙන් අනතුරු ඇඟවීමක්

යුරෝපයේ සංක්‍රමණික ප්‍රතිපත්ති විදේශයන්හි ද විවේචනයට ලක්ව තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම යුරෝපයේ ප්‍රවේශය දැඩි ලෙස විවේචනය කර ඇත. දේශපාලනිකව නිවැරදි යැයි සැලකෙන ප්‍රතිපත්තිවල නාමයෙන් ක්‍රියාත්මක කරන සංක්‍රමණික ප්‍රතිපත්ති හරහා යුරෝපීය නායකයන් “ඔබගේ උරුමය විනාශ කරමින් සිටින” බවට ඔහු චෝදනා කර තිබේ. ට්‍රම්ප් පරිපාලනය දේශසීමා සීමා කිරීම් සහ පිටුවහල් කිරීම් තම ප්‍රතිපත්තියේ ප්‍රධාන අංග බවට පත් කර ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද මේ හා සමාන අනතුරු ඇඟවීමක් කළේය. පෙබරවාරි මාසයේ පැවති මියුනිච් ආරක්ෂක සමුළුවේදී ඔහු පැවසුවේ, මහා පරිමාණ සංක්‍රමණය හේතුවෙන් “අපගේ සමාජවල එකමුතුකමට, අපගේ සංස්කෘතියේ අඛණ්ඩ පැවැත්මට සහ අපගේ ජනතාවගේ අනාගතයට” තර්ජනයක් එල්ල වන බවයි.

පසුගිය 7 වනදා ඇතන්ස් නුවරදී කළ ප්‍රකාශයකදී රූබියෝ, බටහිර රජයන් දේශසීමා විවෘත කරමින් ගෝලීය නිලධාරිවාදී ආයතන වෙත තම ස්වෛරී බලය පවරා දෙන බවට චෝදනා කළේය. තම රටේ ජනතාවට වඩා “ගෝලීය ප්‍රජාව” ප්‍රමුඛත්වයට පත් කිරීමේ ප්‍රවණතාව ඔහු විවේචනය කළ අතර, මහා පරිමාණ සංක්‍රමණය පාලනය කිරීම සඳහා යුරෝපයේ දේශසීමා ආරක්ෂා කිරීමට රටවල් අතර සහයෝගීතාව අවශ්‍ය බව ද පැවසීය.

රටින් පිටව යන ලෙස නියෝග කළත් ප්‍රතිඵල සීමිතයි

යුරෝපීය රජයන් සංක්‍රමණය දැඩි ලෙස පාලනය කරන බවට පොරොන්දු වැඩි වශයෙන් ලබා දී ඇතත්, එම නියෝග ක්‍රියාත්මක කිරීම තවමත් ප්‍රමාණවත් මට්ටමක නොපවතින බව පෙනී යයි.

2026 වසරේ දෙවන කාර්තුවේදී යුරෝපා සංගමයේ රටවල් පුද්ගලයන් 110,000කට ආසන්න සංඛ්‍යාවකට රටින් පිටව යන ලෙස නියෝග නිකුත් කළේය. එහෙත් යුරෝපා සංගමයෙන් පිටතට සැබවින්ම ආපසු යවා තිබුණේ පුද්ගලයන් 37,000කට අඩු සංඛ්‍යාවකි.

ජූලි මාසයේදී මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට අයත් උතුරු අප්‍රිකානු ප්‍රදේශයක් වන සෙයුටා වෙත සිදු වූ විශාල සංක්‍රමණික පැමිණීම ද බ්‍රසල්ස් බලධාරීන් විස්තර කරන පරිපූර්ණ සංක්‍රමණික ප්‍රතිපත්තියේ දුර්වලතා හෙළි කළේය. එදින එක් දිනක් තුළ පුද්ගලයන් 72,000ක් පමණ මොරොක්කෝවෙන් සෙයුටා වෙත ඇතුළුවී තිබුණි.

අභියාචනා ඉදිරිපත් කිරීම, අවශ්‍ය ලේඛන නොමැති වීම සහ තම රටවලට පුද්ගලයන් ආපසු භාරගැනීම ඇතැම් රටවල් ප්‍රතික්ෂේප කිරීම නිසා පිටුවහල් කිරීම් නැවත නැවතත් ප්‍රමාද වී තිබේ. යුරෝපීය රටවල සරණාගත නීති මගින් ද පිටුවහල් කිරීම් සඳහා අමතර නිලධාරිවාදී බාධා ඇති වී ඇත.

සංක්‍රමණිකයන් රඳවා තැබීමේ කටයුතු යුරෝපයෙන් පිටතට ගෙනයාම ද සරල විසඳුමක් වී නැත. රුවන්ඩාවට සංක්‍රමණිකයන් යැවීමේ බ්‍රිතාන්‍ය සැලැස්ම 2024 දී අත්හැර දමන ලදී. එම සැලැස්ම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් වැය කළ ද, අවසානයේ එරටට යවා තිබුණේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් හතර දෙනකු පමණි.

සරණාගත අයදුම්පත් සම්බන්ධ ක්‍රියාවලිය ඇල්බේනියාවට පිටතට ගෙනයාමට ඉතාලිය ගත් උත්සාහ ද අධිකරණ තීන්දු හේතුවෙන් සීමා විය. පිටුවහල් කිරීමට බලා සිටින සංක්‍රමණිකයන් රඳවා තැබීම සඳහා එම මධ්‍යස්ථානවලින් එකක් පමණක් භාවිත කිරීමට රෝමයට අවසර ලැබිණි.

යුරෝපයේ දේශසීමා රහිත ප්‍රදේශයක් ලෙස සැලකෙන ෂෙන්ගන් කලාපය (Schengen Area) තුළ ද මෙම පීඩනය හේතුවෙන් බෙදීම් මතු වී තිබේ. සංක්‍රමණය සහ ආරක්ෂාව පිළිබඳ ගැටලු උපුටා දක්වමින් ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව සහ තවත් සාමාජික රටවල් කිහිපයක් අසල්වැසි රටවලින් පැමිණෙන සංචාරකයන් පරීක්ෂා කිරීම සඳහා දේශසීමා පරීක්ෂණ නැවත හඳුන්වා දී ඇත.

සෙයුටා අර්බුදයෙන් පසු ඉතාලිය ද ස්පාඤ්ඤයෙන් පැමිණෙන සියලු ගුවන් හා මුහුදු ගමන් මාර්ග සඳහා දේශසීමා පරීක්ෂණ නැවත ක්‍රියාත්මක කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ස්පාඤ්ඤය ද එවැනි පියවර ගත්තේය.

ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වන යුරෝපා සංගමයේ Migration and Asylum Pact ගිවිසුම මගින් සංක්‍රමණිකයන් පරීක්ෂා කිරීම, සරණාගත අයදුම්පත් තීරණය කිරීම සහ පුද්ගලයන් ආපසු යැවීම වේගවත් කරන බවට පොරොන්දු වී තිබේ. එහෙත් මේ දක්වා එම ක්‍රමවේදයට පවතින ගොඩගැසුණු අයදුම්පත් ඉක්මනින් විසඳීමටත්, අවශ්‍ය වේගයෙන් පිටුවහල් කිරීම් ක්‍රියාත්මක කිරීමටත්, ප්‍රදේශවාසීන් මත ඇති පීඩනය අඩු කිරීමටත් හැකි වී නැත. ඒ වෙනුවට තවත් පරිපාලන ක්‍රියාපටිපාටි ස්ථරයක් එක්වී ඇති බව දක්නට ලැබේදක්නට ලැබේ.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය දවසක ඉදන් සමස්ථ මාළිමා බුකී වාසීන් සිරසත් එක්කම එකතු,වෙලා එකම පෝස්ට් එකක්,ෂෙයා කරනවා.
ලංකාවේ කුඹුරු ඉඩම්වලින් 1/3 ක වී වගාව නවතා දැමිය යුතුයි. ඒ ලාල් කියන කතාව. ලාල් කියන කතාවල එච්චර බරක් නෑ තමයි. මොකද එයා කටට එන දෙයක් කියලා දානවනේ. ඔය පොලොන්නරුවේ වැවක් සහ හෝටයක් ගැන කියලා වතාවක් පාක්ෂිකයන් ට ෆන් එකක් දුන්නේ. ඒ වගේ තව කොච්චරවත් තියෙනවාද ?
බටහිර මාධ්‍යවලින් පතුරුවන ටොම් පච ඒ විදිහට ම ගිලින අපේ සමහරු හිතන විදිහට උතුරු කොරියාව තරම් දුප්පත්, හුදකලාවෙච්ච, අධිකාරීවාදී පාලනයකට යටවෙච්ච තවත් රටක් මේ ලෝකයේ නෑ. ඒත් ඇත්ත කතාව ඊට වඩා හුඟක් වෙනස් එකක්. පහුගිය දවස්වල (ඔක්තෝබර් 19 – 30 කාලයේ), ප්‍යුං-යං (Pyongyang) අගනුවර පවත්වපු “තොරතුරු තාක්‍ෂණ ජයග්‍රහණ ජාතික ප්‍රදර්ශනය” (National Exhibition of IT Successes) විසින් උතුරු කොරියාවේ ඇත්ත කතාව තවත් විදිහකට පෙන්නුවා. ඒ, තමන්ගේ ම AI මාදිලියක් එළිදැක්වීමෙන්.
2026 නොවැම්බර් 19 වැනිදා මියන්මාරය රොහින්ග්‍යා ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුකළ බවට ජාත්‍යන්තර අධිකරණය (ICJ) ලබාදුන් තීන්දුව ශ්‍රී ලංකාවට ද බරපතළ බලපෑම් ඇති කළ හැකිය. ඊට හේතුව, එල්ටීටීඊ හිතවාදී ඇතැම් කණ්ඩායම් මෙම නඩු විභාගය සමීපව නිරීක්ෂණය කරමින්, ශ්‍රී ලංකාවට එරෙහිව ද මෙවැනිම නඩු කටයුත්තක් ආරම්භ කළ හැකිද යන්න සොයා බලන බවට ප්‍රකාශ කර තිබීමයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය (USAID) කිසි විටෙකත් ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට හෝ ඔවුන් අතර ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සැලසුම් කළ ආයතනයක් නොවීය.
2026 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ප්‍රකාශයට පත් කරන ලද "I died many times": Attacks on humanitarian assistance in Sri Lanka, 20 years on නම් වාර්තාව, ශ්‍රී ලංකාවේ ගැටුම් සමයේ මානුෂීය ආධාර කටයුතු හා ක්‍රියාකාරීන්ට එරෙහිව සිදු වූ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කර නොමැති බවත්, දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් වගවීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බවත් ප්‍රකාශ කරයි.
ඩිජිටල් තාක්ෂණය මත අධික ලෙස රඳා පැවතීමේ අනතුරු ලෝකය දැන් අත්දකිමින් සිටී.
රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ (Aleksandr Gutsan) ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත “යන්න එපා" යැයි කිව්වේ කවුද යන්න අද පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කරනු ලැබුවා.
කියුබානු විප්ලවයේ ඓතිහාසික නායක ෆිදෙල් ඇලෙජැන්ඩ්‍රෝ කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වී වසර 10ක් සපිරීම 2026 නොවැම්බර් 25 වන දිනට යෙදී තිබිණි.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.