News Category
From Date
To Date
Maximum Number of Result

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

Nov 27, 2026 at 05:11 AM
|

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

I died many times’: Attacks on humanitarian assistance in Sri Lanka, 20 years on යනුවෙන් මෙම වාර්තාව නම් කර ඇත.

මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ තොරතුරු භාවිතයෙන් සහ 2005–2009 කාලයේ මානුෂීය හා වෛද්‍ය සේවාවල නියැලුණු 16 දෙනෙකු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මත පදනම්ව මෙම වාර්තාව සකස් කර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම වාර්තාව හරහා ප්‍රධාන සිදුවීම් හතරක් කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති අතර, ඒ අනුව, 2006 ජනවාරි 29 සහ 30 යන දිනවල TRO සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතුරුදන් වීම, 2006 අගෝස්තු මාසයේ මුත්තූර්හිදී ACF සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම, 2009 ජනවාරියේදී එක්සත් ජාතීන්ගේ සැපයුම් රථ පෙළකට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම සහ අවහිර කිරීම මෙන්ම 2009 ජනවාරි-පෙබරවාරි කාලයේදී පුදුකුඩිඉරිප්පු රෝහලට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම යන සිදුවීම් එමගින් අවධානයට ලක්කර තිබේ.

මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජයට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තිබුණද, ඊට ප්‍රතිචාරයක් නොලද බවද නිකුත් කළ වාර්තාවේ සඳහන්.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් සාපරාධී වගවීමක් සිදු වී නොමැති බව එහි නිර්දේශවල සදහන් වේ.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මතය බවයි සඳහන් කරන්නේ.

ඊට අමතරව , හානි පූර්ණය , ස්වාධීන අභිචෝදන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ රෝම ප්‍රඥප්තිය ඇතුළු අදාළ අන්තර්ජාතික මෙවලම් රජය විසින් පිළිගැනීම අවශ්‍ය බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

එමෙන්ම ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය ඇතුළු තවත් නිර්දේශ රැසක්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මේ වෙනුවෙන් අඛණ්ඩ අන්තර්ජාතික අධීක්ෂණයක් පවත්වාගෙන යා යුතු බවය.

එම වෑයම ප්‍රමාණවත් නොවන්නේ නම් ඉලක්කගත සම්බාධක පැනවීමක් සිදුකරන ලෙස ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉල්ලා සිටි.

සම්බන්ධිත පුවත් | Related News

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.
සිය ගණනකට ජීවිත අහිමි කරමින්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් කළ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට දරුණු ආපදා තත්ත්වයක් හටගෙන අදට (27) වසරක් සපිරේ.
ලබන වසරේ ණය පොලී වාරික ගෙවීම සඳහා ගනු ලබන ණය ප්‍රමාණය අවම තරමින් රුපියල් ට්‍රිලියනයකින්වත් අඩු කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වැඩ කරන ජනතාව ලෙස උද්ඝෝෂණවල නිරත පුද්ගලයින් පිටුපස සිටින්නේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ත්‍රස්තවාදි සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ඇතුළත් කරමින් 2013 ජුනි මස 11 වැනිදා නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
පසුගිය රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එක්ව සිදුකිරීමට නොහැකි වූ බොහෝ දේ වත්මන් රජය ඔවුන් එකඟකර ගනිමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ 72 වන උපන්දිනය (26) යෙදීම නිමිත්තෙන් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටා ඇතැයි පැවසෙන ඔහුගේ නිවසේදී උපන්දින කේක් කපා ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරූ බවට ප්‍රදේශවාසීන් පවසති.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත අද (26) උදෑසන පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

ප්‍රධාන පුවත්

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

ඓතිහාසික මාතලේ අළු විහාර පූජා භූමියේ යාර 400ක ප්‍රේරණ කලාපය තුළ පවතින පුරාවිද්‍යා රෙගුලාසි සහ ගැසට් නිවේදන උල්ලංඝනය කරමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..

Divaina Online ඔස්සේ පළ වූ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා, මහවිරු සතිය නිමිති කරගෙන සිදු කෙරෙන සැමරුම්, ජාතික කොඩිය සම්බන්ධයෙන් පළ වූ මතභේදාත්මක ප්‍රකාශය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ හැසිරීම පිළිබඳව සිය අදහස් දැක්වීය.

රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..

රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු 22 ගෙන් යුත් දූත පිරිසක් ඊයේ (25) මෙරටට පැමිණ තිබේ.

මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..

පුවත්පත් හරහා කුලය ඉස්මතු කරමින් පළකරන විවාහ දැන්වීම් මෙන්ම සමාජය නොමඟ යවන සුළු මිථ්‍යා විශ්වාස, හදි හූනියම් සහ වශී ගුරුකම් ප්‍රවර්ධනය කෙරෙන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා නව මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සහ නීතිමය රාමුවක් සකස් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කරයි.

ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?

ශ්‍රී ලංකාව තුළ රාමායණ මාර්ගය, හින්දු කෝවිල් සහ හින්දු ආගමික සංචාරක ව්‍යාපාරය ඉන්දියාව විසින් ප්‍රවර්ධනය කිරීම අද අප ඉදිරියේ බරපතළ ප්‍රශ්නයක් මතු කරයි. ඉන්දියාව සැබැවින්ම බුද්ධාගමටත් හින්දු ආගමටත් එක හා සමානව සහාය දෙනවාද? නැතිනම් බුද්ධාගම පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය පෙන්වන අතරතුර, ඊට වඩා විශාල හින්දු සංස්කෘතික වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යනවාද?

බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සදහා පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ආනයනය කළ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් වරායේ රදවා තබා ඇති බව රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්

ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායලයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට මෙන්ම 'මොසාඩ්' බුද්ධි අංශ සාමාජිකයන්ට ඉඩකඩ ලබාදීම රටේ ජාතික ආරක්ෂාවට, අනාගතයට මෙන්ම වාර්ගික සහජීවනයට ද බරපතළ තර්ජනයක් විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය

එදා රාජ්‍ය සේවකයන්ගේත් ගුරුවරුන්ගේත් අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවලට එරෙහිව සටන් මෙහෙයවූ ලාල්කාන්ත සහ මහින්ද ජයසිංහ අද ආණ්ඩුවේ බලයත් තනතුරුත් අතට ලැබුණු පසු එම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ගුරුවරුන්ට එරෙහිව කතා කිරීම තරම් දේශපාලනික විහිළුවක් තවත් නැතැයි ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා ප්‍රකාශ කළේය.

ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..

ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිෂ්පාදන සමාගම වන Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO), සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජෙන්සන් හුවාං (Jensen Huang) වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පත් කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.