News Category
From Date
To Date
Maximum Number of Result

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

Nov 29, 2026 at 04:39 AM
|

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

පෙන්ටගනය සහ අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) සතු මෙම ලිපිගොනු පසුගිය 20 වැනිදා ප්‍රසිද්ධ කර ඇති බවයි ෆොක්ස් නිව්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.

1952 වසරේ පියාඹන පීරිසි සම්බන්ධයෙන් නිකුත් කළ අනතුරු ඇඟවීම්වල සිට 2026 වසරේ හමුදා අධෝරක්ත කැමරාවල සටහන් වූ අබිරහස් වස්තූන් දක්වා තොරතුරු ඊට ඇතුළත්.

එම ලිපිගොනු මගින් අනාවරණය වූ සුවිශේෂී කරුණු 10ක් පහතින් දැක්වේ.

01. මැදපෙරදිගින් හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ වීඩියෝ තුනක්

2020, 2023 සහ 2026 වසරවලදී අමෙරිකානු හමුදාවේ අධෝරක්ත සහ රාත්‍රී දර්ශන කැමරාවල සටහන් වූ අබිරහස් පියාසර වස්තූන් දැක්වෙන වීඩියෝ තුනක් ප්‍රසිද්ධ කර ඇත.

02. පැයට කිලෝමීටර් 2,655ක පමණ වේගයකින් ගමන් කළ අබිරහස් වස්තුවක්

2023 වසරේදී බටහිර අමෙරිකාවේ රේඩාර් පද්ධතියක තත්පර 84ක් තුළ සැතපුම් 38.5ක දුරක් ආවරණය කළ හඳුනා නොගත් සංඥා අටක් සටහන් වී තිබේ.

එම සංඥා සියල්ල එකම වස්තුවකින් නිකුත් වූයේ නම් එය ශබ්දයේ වේගය මෙන් 2.5 ගුණයක පමණ වේගයකින් ගමන් කර ඇති බවයි විමර්ශකයින් පෙන්වා දෙන්නේ.

03. ගුවන් යානා නිර්මාණ ශිල්පියෙකු දුටු අබිරහස් යානයක්

1953 වසරේදී කැලිෆෝනියාවේ අහසේ පියාපතක හැඩය ගත් අබිරහස් වස්තුවක් සුප්‍රකට ගුවන් යානා ඉංජිනේරුවෙකු වන කෙලී ජොන්සන් සහ නාවික හමුදා ගුවන් යානයක කාර්ය මණ්ඩලයක් විසින් නිරීක්ෂණය කර තිබේ.

කෙසේ වෙතත්, පසුව අමෙරිකානු ගුවන් හමුදාව එය විශේෂ හැඩයක් සහිත වලාකුළක් ලෙස හඳුන්වා දී තිබුණි.

04. පියාඹන පීරිසි පිළිබඳ පැමිණිලි 1,500ක්

1947 සිට 1952 දක්වා කාලය තුළ පියාඹන පීරිසි සම්බන්ධයෙන් වාර්තා 1,500ක් පමණ CIA සංවිධානය වෙත ලැබී ඇත.

ඉන් සියයට 10ත් 20ත් අතර සිදුවීම් ප්‍රමාණයකට පැහැදිලි කිරීමක් ලබාදීමට නොහැකි වී ඇති බව සඳහන්.

05. න්‍යෂ්ටික මිසයිල මධ්‍යස්ථාන ආශ්‍රිතව අබිරහස් ආලෝකයන්

1967 වසරේදී මොන්ටානා ප්‍රාන්තයේ න්‍යෂ්ටික මිසයිල 10ක් හදිසියේ ක්‍රියා විරහිත වූ අවස්ථාවක දීප්තිමත්, තැටියක හැඩය ගත් වස්තුවක් නිරීක්ෂණය කළ බවට ආරක්ෂක නිලධාරීන් වාර්තා කර තිබේ.

06. ධීවරයින් පස්දෙනෙකු දුටු අබිරහස් වස්තුවක්

1957 වසරේදී මැසචුසෙට්ස් වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයක අබිරහස් වස්තුවක් නිරීක්ෂණය කළ ධීවරයින් පස්දෙනෙකුගේ සාක්ෂි සහ ඔවුන් ලබාදුන් සිතුවම් ද මෙම ලිපිගොනුවලට ඇතුළත්.

07. අබිරහස් සිදුවීම් විමර්ශනයට හමුදා නිලධාරීන්

අමෙරිකාවේ යූටා ප්‍රාන්තයේ ස්කින්වෝකර් රැන්ච් (Skinwalker Ranch) නමැති භූමියක වාර්තා වූ අබිරහස් සිදුවීම් 70කට ආසන්න සංඛ්‍යාවක් පදනම් කරගෙන 2009 වසරේදී හමුදා විමර්ශකයින් එම ප්‍රදේශයට යොමු කර ඇත.

08. පිටසක්වළ ජීවීන් පිළිබඳ මහජන සංවාද පැවැත්වීමට යෝජනාවක්

පිටසක්වළ ජීවීන්ගේ පැමිණීම් සත්‍යයක් ලෙස සලකා මහජන සංවාද පැවැත්වීමට පෙන්ටගනයේ කොන්ත්‍රාත්කාර සමාගමක් යෝජනා කර තිබුණ ද එය අනුමත කළ බවට සාක්ෂි හමුවී නැත.

09. තොරතුරු දැඩි ලෙස රහසිගත කිරීමට උත්සාහයක්

2009 වසරේදී මෙම විමර්ශනවලට අදාළ සංවේදී තොරතුරු පුද්ගලයින් 14 දෙනෙකුට පමණක් සීමා කිරීමට එවකට අමෙරිකානු සෙනෙට් බහුතර නායක හැරී රීඩ් ඉදිරිපත් කළ ඉල්ලීමක් පෙන්ටගනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

10. අසාමාන්‍ය ද්‍රව්‍ය සහ ජීව විද්‍යාත්මක සාම්පල ගබඩා කිරීමට භූගත මධ්‍යස්ථානයක්

නෙවාඩා ප්‍රාන්තයේ වර්ග අඩි 5,000ක භූගත ගබඩා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට 2009 වසරේදී සැලසුම් සකස් කර තිබේ.

එය අසාමාන්‍ය ද්‍රව්‍ය, සොයාගත් උපකරණ සහ ජීව විද්‍යාත්මක සාම්පල ගබඩා කිරීම සඳහා යෝජනා කර තිබුණ ද එම මධ්‍යස්ථානය ඉදිකළ බවට සාක්ෂි හමුවී නැත.

කෙසේ වෙතත්, මෙම ලිපිගොනු සහ වීඩියෝ දර්ශන මගින් පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම හෝ ඔවුන් පෘථිවියට පැමිණ ඇති බව තහවුරු කර නොමැති අතර, අදාළ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තවමත් නිශ්චිත නිගමනයකට එළඹ නැත.

මූලාශ්‍රය - Fox  News

සම්බන්ධිත පුවත් | Related News

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.
අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ අමාත්‍යවරුන් දස දෙනෙකු මේ වන විට නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
ජාතික ජන බලවේග රජය බලයට පත්වූ පසු රාජ්‍ය සේවකයින්ට උද්ධමනයට සාපේක්ෂව වැටුප් ගැලපීමක් සිදුකර නොමැති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
ඊයේ (නොවැම්බර් 27) දිනට යෙදී තිබූ මහවිරු දිනයට සමගාමීව පැවති සැමරුම් උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ වේදිකා නාට්‍යයක් රඟ දක්වා ඇති අතර, ඊට අදාළ වීඩියෝ කොටස් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.
වත්මන් රජයේ අනුග්‍රහය ඇතිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ. (LTTE) සැමරුම් සිදුවන බවටත්, වී වගාව සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා කරන යෝජනා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.