News Category
From Date
To Date
Maximum Number of Result

යුසර් කලීල්ගේ ආගමනය බෑන් චුන් ෆෑන්ස් උන්මාදය!

Nov 29, 2026 at 07:21 AM
|

පසුගිය දවසක ඉදන් සමස්ථ මාළිමා බුකී වාසීන් සිරසත් එක්කම එකතු,වෙලා එකම පෝස්ට් එකක්,ෂෙයා කරනවා. 

ඒ  ප්‍රංශයේ ටුපුස් නගරය මුලික කරගෙන ප්‍රධාන මෙහෙයුම් සිදුකරන යුරෝපා එයාර්බස් සමාගම  තම සේවාදායකයන්ට ගුවන් යානා මිළට ගත්නා විට අල්ලස් සපයා ඇති බවට එල්ල වුන චෝදනාව  සනාථ කරන්නට දායක වු   ප්‍රංශ ගිණුම්කරණ සමාගමේ වරළත් ගණකාධිකාරී  කංඩායමේ  යුසර් කලීල් ලංකාවේ අධිකරණයට පැමිණ සාක්ෂි සපයන්න සුදානම් කියන කාරණයයි.

ගැටළුවක් නැත.

ඇයට ලංකාවේ අධිකරණයට සාක්ෂි සපයන්න හැකි වෙන්නේ  නිශ්චිතව ලංකාවේ ගුවන් සමාගම වන ශ්‍රී,ලංකන් සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කපිළ චන්ද්‍රසේන වෙනුවෙන් ඩොලර් මිළියන 20 ක් අල්ලස   ලබා දීම තහවුරු කරන්නටය. 

මක් නිසාද මහාධිකරණයට අවශ්‍ය මුලින්ම එයාර් බස් සමාගම හරහා හරියටම අල්ලස් ලබා දීමක් ලංකාවට සිදු වෙලාද යන්න තහවුරු කර ගැනීමය ‼️

ඇයට ඒ මුදල් නාමල් රාජපක්ෂට දුන්නාද කියා තහවුරු කල නොහැකිය. අවම තරමින් ඒ මුදල් කපිළ චන්ද්‍රසේනගේ බිරිදගේ සමාගමට අයත් සිංගප්පූරුවේ ගිණුමකින් ඕස්ට්‍රේලියාවේ  ඉන්න නිමල් පෙරේරාට දුන්නා කියලවත් තහවුරු කරන්න නොහැකිය. ඒ  විමර්ශණය වෙනම එකකි.

මාළිමා ෆෑන්ස්ලාට සතුටු වෙන්න නමි   සිංගප්පුරුවෙන් කපිළ චන්ද්‍රසේනගේ බිරිදත් ඕස්ට්‍රේලියාවෙන් නිමල් පෙරේරාත් ලංකාවට ඇවිත් හෝ අරගෙන  නාමල්ට අල්ලස් දුන්නා කියලා  මහාධිකරණයට තහවුරු කරන්න ඕනය.

ඒ දෙන්නා ලංකාවට එන්නේම මේ,චෝදනාවට මුලින් වරදකරු වෙන්නට සහ දඩුවම් වලට යටත් වීමට බලාගෙනම විය යුතුය.

මක් නිසාද  ඔවුන් දෙදෙනා  අතරින් කපිළ චන්ද්‍රසේනගේ බිරිද අල්ලස ගත්ත බව පිළිගත යුතුය. ඒවා ඇය අයිති සිංගප්පූරුවේ ව්‍යාපාරයක ගිණුමට බැරකරගත් බවත් පිළිගත යුතුය. ( එවිට ඇයට සිංගප්පූරුවේ රජයෙන් ඇතිවන ගැටළු වලට මුහුණ දෙන්නත් හිත හදාගත යුතුය)  

නිමල් පෙරේරා එම කළු සල්ලි සුදු කල බව පිළිගත යුතුය.

ඉන් පසුව නාමල්ට එයින් කොටසක් දුන්නබව ඔප්පුකර නාමල් සමග දඩුවම්  විදින්නත් හිත හදා ගත යුතුය  මොකද නාමල්ට එරෙහිව  සාක්ෂි දුන්නා යන්නට අදාලව

ඔවුන්දෙදෙනා අල්ලස් ගැනීම සහ කළු සල්ලි සුදු කිරීම යන්නට නිදොස් වන්නේ නැත..

මෙතැනදී දැනට කපිළ චන්ද්‍රසේනගේ බිරිද සිංගප්පූරුවේද පුරවැසිභාවය ලබා ඇතිහෙයින්  ඇය ලංකාවට ගැනීමට නම්  පළමුව මේ,චෝදනාවට සිංගප්පූරුවේ නඩු පවරා එයිනි වරද කරු කර ලංකාවට ගත යුතුය ඒහැර  සිංගප්පූරු රජය තමනිගේ පුරවැසියන් වෙන රටක නඩු වලට දෙන්නේ නැත. (අර්ජුන මහේන්ද්‍ර සිද්ධියට වුනේද එයයි)

නිමල් පෙරේරා  කපිළ චන්ද්‍රසේනගේ බිරිද නැතුව ලංකාවට ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගත්තත් ඔහු  ඩොලර් ලක්ෂ 08   ලංකාවට ගත්ත මාර්ගය කුමන බැංකුව හෝ මුලාශ්‍ර  හරහා රුපියල් කරාද ලංකාවටඒ මුදල් ගෙන ආව මාර්ගය මෙන්ම  කිසිම CCTV පද්ධතියකට අසු නොවී

රැපියල් මිළියන 100 ( එය 5000 කොළවලින් තිබ්බා කියලා හිතුවොත් 20 kg බර පාර්සලයක් වන්නේය )   නාමල්ගේ නිවසේ    එනම් එවිට නාමල් සිටියේ අවිවාහකව වන අතර  ඔහු රටේ,ජනාධිපතිගේ පුත්‍රයා ලෙස රජය ලබා දුන්න ආරක්ෂාව මත සිටි බැවින්  රජයේ ආරක්ෂක අංශ වල  තාක්ෂණික ආරක්ෂක පද්ධති වලට රහසෙන් නාමල්ගේ  කාර්යාළ කාමරයට යාම අසීරුය.  

ඒ  තාක්ෂණික දත්ත  රජයේ ආරක්ෂක අංශ වලින් අරං මහාධිකරණයට ඉදිරිපත් කරන්නටද ඕනය.

ඒවා අධිකරණයට සැකයකින් තොරව  නිමල් පෙරේරා ඕස්ට්‍රේලියාවේ සිට අල්ලස් කොමිසමට දුන්න කට උත්තරයට අදාලව සත්‍යද කියා  ඔප්පු කළ යුතුය.

එසේ නැතුව ප්‍රංශයේ එයාර්,බස් සමාගමේ අල්ලස් දීම සම්බන්ධව  වෝහාරික විගණනයන් කල විශේෂඥ ගිණුම් කරැවෙකු  සාක්ෂියට ආවා කියා නාමල් හිරේ යවන්නට නොහැකිය.

තාවකාලිකව මාළිමා ෆෑන්ස්ලා සතුටු කරන්නට පට්ට ප්‍රචාරණයක් ගත්තාට  

සත්‍ය කාරණය වන්නේ ඇයට ලංකාවේ මහාධිකරණයට සාක්ෂි දිය හැක්කේ  යුරෝපා එයාර් බස් සමාගම පැටළුන අල්ලස් දීම යන සිදිධියේදී ලංකාවේ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අල්ලසක් ලැබී ඇති බව තහවුරු කිරීමට පමණි.‼️

මේ සිද්ධියට නිමල් පෙරේරා ආවත් සිංගප්පූරුවේ පුරවැසිභාවය මත ඉන්න කපිළ චන්ද්‍රසේනගේ බිරිද අධිකරණයට පැමිණ තම සැමියා එයාර්,බස් සමාගමෙන් ගත්ත අල්ලස් මුදල වන ඩොලර් ලක්ෂ 20  ඇයට අයිති සිංගප්පූරුවේ ව්‍යාපාරික ගිණුමකට බැරකරගෙන එයින් ඩොලර් ලක්ෂ 08 ක් නාමල්ට දෙන්න  නිමල් පෙරේරාට දුන්නා කියා මහාධිකරණයේදී කියවා ගන්නට ඕනෑය.

එහෙම කියවා ගෙන නාමල් හිරේ ඇරියාටද ගැටළුවක් නැත.

මොකද වැරැද්දක් කරලා නම් දඩුවමක් තිබිය යුතුය. එසේ නැතුව අනුන්ගේ හොරකමක් වහන්න දේශපාළන පලි ගැනීමකට එකී අවස්ථාව යොදා ගැනීමට නොහැකිය.

නාමල් දිගින් දිගටම තමන්මේ සිද්ධියට නිදොස්  බවත් එය අධිකරණයේ ඔප්පු කරන බව කියන්නේය.

ඒ වෙනුවෙන් ඔහු වසර කීයක් රිමාන්ඩි ගත කර තිබුණත්  රිමාන්ඩි සිරකරුවෙක් වැරැද්දක් ඔප්පු කරනකල් නිවරදි පුද්ගලයෙක්ය. 

එය ඔප්පු කරනකල් 2029 නාමල් ජනාධිපතිවරණයට ඉදිරිපති කිරීම නතර කරන්නට බැරිය. සමහර විට රිමාන්ඩි එකේ සිට ජනාධිපති වෙන්නත් පුළුවන.

රජයට සහ  අල්ලස් කොමිසමට සහ නීතිපති දෙපාර්තමේන්තුවට නාමල් එල්ල කරන චෝදනාවට  අදාළ  ප්‍රධාන චුදිතයන් දෙදෙනා ලංකාවට ගෙන්වාගෙන අධිකරණයට රජයේ  සාක්ෂි කරුවන් කර ඉදිරිපති කර   එයා බස් සමාගමෙන් අල්ලස් අරගෙන තිබෙන්නේ නාමල්ගේ උවමනාවට බව ඔප්පු කර යුතුය.

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

ලංකාවේ කුඹුරු ඉඩම්වලින් 1/3 ක වී වගාව නවතා දැමිය යුතුයි. ඒ ලාල් කියන කතාව. ලාල් කියන කතාවල එච්චර බරක් නෑ තමයි. මොකද එයා කටට එන දෙයක් කියලා දානවනේ. ඔය පොලොන්නරුවේ වැවක් සහ හෝටයක් ගැන කියලා වතාවක් පාක්ෂිකයන් ට ෆන් එකක් දුන්නේ. ඒ වගේ තව කොච්චරවත් තියෙනවාද ?
බටහිර මාධ්‍යවලින් පතුරුවන ටොම් පච ඒ විදිහට ම ගිලින අපේ සමහරු හිතන විදිහට උතුරු කොරියාව තරම් දුප්පත්, හුදකලාවෙච්ච, අධිකාරීවාදී පාලනයකට යටවෙච්ච තවත් රටක් මේ ලෝකයේ නෑ. ඒත් ඇත්ත කතාව ඊට වඩා හුඟක් වෙනස් එකක්. පහුගිය දවස්වල (ඔක්තෝබර් 19 – 30 කාලයේ), ප්‍යුං-යං (Pyongyang) අගනුවර පවත්වපු “තොරතුරු තාක්‍ෂණ ජයග්‍රහණ ජාතික ප්‍රදර්ශනය” (National Exhibition of IT Successes) විසින් උතුරු කොරියාවේ ඇත්ත කතාව තවත් විදිහකට පෙන්නුවා. ඒ, තමන්ගේ ම AI මාදිලියක් එළිදැක්වීමෙන්.
2026 නොවැම්බර් 19 වැනිදා මියන්මාරය රොහින්ග්‍යා ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුකළ බවට ජාත්‍යන්තර අධිකරණය (ICJ) ලබාදුන් තීන්දුව ශ්‍රී ලංකාවට ද බරපතළ බලපෑම් ඇති කළ හැකිය. ඊට හේතුව, එල්ටීටීඊ හිතවාදී ඇතැම් කණ්ඩායම් මෙම නඩු විභාගය සමීපව නිරීක්ෂණය කරමින්, ශ්‍රී ලංකාවට එරෙහිව ද මෙවැනිම නඩු කටයුත්තක් ආරම්භ කළ හැකිද යන්න සොයා බලන බවට ප්‍රකාශ කර තිබීමයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය (USAID) කිසි විටෙකත් ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට හෝ ඔවුන් අතර ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සැලසුම් කළ ආයතනයක් නොවීය.
2026 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ප්‍රකාශයට පත් කරන ලද "I died many times": Attacks on humanitarian assistance in Sri Lanka, 20 years on නම් වාර්තාව, ශ්‍රී ලංකාවේ ගැටුම් සමයේ මානුෂීය ආධාර කටයුතු හා ක්‍රියාකාරීන්ට එරෙහිව සිදු වූ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කර නොමැති බවත්, දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් වගවීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බවත් ප්‍රකාශ කරයි.
ඩිජිටල් තාක්ෂණය මත අධික ලෙස රඳා පැවතීමේ අනතුරු ලෝකය දැන් අත්දකිමින් සිටී.
රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ (Aleksandr Gutsan) ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත “යන්න එපා" යැයි කිව්වේ කවුද යන්න අද පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කරනු ලැබුවා.
කියුබානු විප්ලවයේ ඓතිහාසික නායක ෆිදෙල් ඇලෙජැන්ඩ්‍රෝ කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වී වසර 10ක් සපිරීම 2026 නොවැම්බර් 25 වන දිනට යෙදී තිබිණි.
ඔළුවේ කැමරාවක් බැඳගෙන ළූණු කපනවා, බිම මොප් කරනවා, රෙදි මහනවා, පෙට්ටි වලට බඩු අහුරනවා. ඊටපස්සේ ඒ ටිකම ආයෙත් මුල ඉඳන් කරනවා!

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.