චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.
මෙම හමුව හුදු මනෝමූලික හේතුවක් මත හෝ ප්‍රදර්ශනාත්මක අරමුණකින් සිදු වූවක් නොව, වත්මන් ලෝකයේ පවතින බරපතළ විෂය මූලික අවශ්‍යතාවන්ට ප්‍රතිචාරයක් ලෙස සිදු වූවක් බව ඒ මහතා පෙන්වා දෙයි.
2022 සිට පවතින යුක්රේන–රුසියා යුද ගැටුම න්‍යෂ්ටික අවි භාවිත වන තත්ත්වයකට පරිවර්තනය වීමේ විභවය, ඉරානය සම්බන්ධ ගැටුම් සහ යුරේනියම් සංචිතවලට එල්ල විය හැකි ප්‍රහාර මගින් ඇති විය හැකි බලපෑම් හමුවේ න්‍යෂ්ටික යුද්ධයක අවදානම වැළැක්වීම සඳහා තීරණ ගත හැකි ප්‍රධාන රටවල් තුන ලෙස ඇමරිකාව, චීනය සහ රුසියාව එක් වූ බව ඔහු සඳහන් කරයි.
නායකයන් තිදෙනා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරිපත් වූ ඒකාබද්ධ ප්‍රකාශයේ ප්‍රධාන කරුණු හතරක් අන්තර්ගත වූ බව වෛද්‍ය වීරසිංහ මහතා පැහැදිලි කළේය.
ඒ අනුව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යාල්ටා සමුළුව වැනි සාකච්ඡා ඔස්සේ ගොඩනැඟුණු ව්‍යුහය වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත්, ලෝකය පුරා පෙට්‍රෝලියම් ඇතුළු බලශක්ති නිෂ්පාදනය සහ බෙදා හැරීම කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉඩ සැලසිය යුතු බවත් එහි සඳහන් විය.
එමෙන්ම, ජාත්‍යන්තර අධිකරණය (ICC) සිය වරම ඉක්මවා යමින් ක්‍රියා කරන බැවින් එය ප්‍රතිසංස්කරණය විය යුතු බවත්, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වළක්වා ගනිමින් න්‍යෂ්ටික යුද්ධයක් සිදු නොවිය යුතු බවත්, එවැනි යුද්ධයක ජයග්‍රාහකයකු නොමැති බවත් නායකයන් තිදෙනා අවධාරණය කර ඇත.
රුසියාව හුදෙකලා කිරීමට සහ උපායමාර්ගික පරාජයකට ලක් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ පසුබිමක, රුසියාව, චීනය සහ ඇමරිකාව ලෝකයේ ප්‍රබලතම රටවල් තුන ලෙස තහවුරු වීම බටහිර යුරෝපයට දරාගැනීමට අපහසු තත්ත්වයක් බවත්, ඒ හේතුවෙන් නොයෙකුත් විවේචන සහ අසත්‍ය ප්‍රචාර පැතිර ගිය බවත් ඒ මහතා පැවසීය.
කෙසේ වුවද, සමුළුවෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමුළුවේ වැදගත්කම, යුද අවදානම අඩු වීම සහ චීන හා රුසියානු නායකයන් සමඟ පවතින සබඳතා අගය කරමින් සමුළු ප්‍රකාශයට සහය පළ කළ බව ඔහු සඳහන් කළේය. තවද, ඇමරිකාව සමඟ ඇති වූ තීරුබදු ආතතීන් හමුවේ ආර්ථික වශයෙන් ඉදිරියට යාම සඳහා කැනඩාව වැනි රටවල් චීනයේ විශාල වෙළඳපොළ සහ කලාපීය විස්තීරණ ආර්ථික හවුල (RCEP) වැනි යාන්ත්‍රණයන් සමඟ සබඳතා ශක්තිමත් කර ගනිමින් සිටින බවත්, ඉදිරියේදී අනෙකුත් යුරෝපීය රටවල් ද එම මාවත අනුගමනය කිරීමට ඉඩ ඇති බවත් වෛද්‍ය ජී. වීරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
වීඩියොව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..
මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?
බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..