ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
Lanka Voice නාලිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික ප්රවණතා පිළිබඳව කරුණු රැසක් අනාවරණය කළේය.
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකා 14ක් පිටත් කර හැරීමට සූදානම් වුවද, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාට ලබා දුන් පොරොන්දුව කඩ කරමින් එම නෞකාවලට පහර දෙන බවට කළ ප්‍රකාශයත් සමඟ ඉරාන ආරක්ෂක මණ්ඩලය සිය තීරණය දින කිහිපයකට පමා කර ඇති බව ආචාර්ය චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.
ඉදිරියේදී කුඩා ප්‍රහාරක යාත්‍රා (Mosquito Fleet) සහ කෲස් මිසයිල ආරක්ෂාව යටතේ තෙල් ප්‍රවාහනය කිරීමට ඉරානය සැලසුම් කරමින් සිටින බවත්, මේ වන විටත් කලාපයේ ඇමෙරිකානු රේඩාර් පද්ධති සහ කඳවුරුවලට දැඩි හානි සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
තවද, යේමනයේ හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුවකට එල්ල කළ ප්‍රහාරයෙන් එරට අභ්‍යන්තර පරිභෝජනයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඉදිරි දශකය තුළ ඉරානයේ සහ හූතිවරුන්ගේ බලපෑමෙන් තොරව මෙම සමුද්‍ර සන්ධිවල කටයුතු කිරීමට බටහිර රටවලට නොහැකි වනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.
ඇමෙරිකානු තාක්ෂණික ක්ෂේත්රය සහ එන්වීඩියා (Nvidia) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාන්ගේ ඉල්ලා අස්වීම හා යළි පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය චන්ද්‍රවංශ මහතා කියා සිටියේ, සමස්ත රටක ආර්ථික වර්ධනය එක් ක්ෂේත්රයක් හෝ අතළොස්සක් පුද්ගලයන් මත රඳා පැවතීම අතිශය භයානක බවයි.
කෘත්‍රිම බුද්ධිය හරහා ලෝකයේ ධනවත් සහ දුප්පත් රටවල් අතර පරතරය තවදුරටත් ඉහළ යා හැකි බැවින්, එය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සම්මුතියක් අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.
ලිබියානු මුහුදු සීමාවේදී රුසියානු යුද නෞකාවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය පිටුපස නේටෝ සංවිධානය සහ විශේෂයෙන් බ්‍රිතාන්‍යය සිටින බවට රුසියාව සැක පළ කරන බව ඒ මහතා සඳහන් කළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ගොඩනැගෙන සමීප සබඳතා සහ සාම සාකච්ඡා කඩාකප්පල් කිරීම සඳහා බ්‍රිතාන්‍යය මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බවත්, 2022 ඉස්තාන්බුල් සාම ගිවිසුම වැළැක්වීමටද බ්‍රිතාන්‍යය මැදිහත් වූ බවත් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා වැඩිදුරටත් පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..