මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.
උන්වහන්සේ සඳහන් කළේ මාතලේ අලුවිහාරය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස දක්වා ඈත අතීතයකට දිව යන ඓතිහාසික විහාරස්ථානයක් බවත්, එහි ඉතිහාසය දේවානම්පියතිස්ස රාජ්‍ය යුගය දක්වා දිව යන බව සෙනරත් පරණවිතාන මහතා සෙල්ලිපි අධ්‍යයනය කර පෙන්වා දී ඇති බවත්ය.
එසේම, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූ සුවිශේෂී ඓතිහාසික ස්ථානය ලෙස මාතලේ අලුවිහාරය හැඳින්විය හැකි බවද උන්වහන්සේ පැවසීය.
වසර දහස් ගණනක් පැරණි රජමහා විහාරස්ථානයකට අයත් භූමියක හෝ ඒ ආශ්‍රිතව වර්ග අඩි 10,000ක පමණ ප්‍රමාණයක පල්ලියක් ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සඳහා සාක්ෂි, ඡායාරූප සහ වීඩියෝ සතුව ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මේ වන විට පාදම සකස් කර කණු සිටුවීම ඇතුළු මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබුණද, පවතින විරෝධය හේතුවෙන් එම කටයුතු දැනට නතර වී ඇති බවත්, විරෝධය යටපත් වූ පසු නැවතත් ඒවා ආරම්භ විය හැකි බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
පුරාවිද්‍යා භූමි සීමාව තුළ හෝ යාර 200ක සීමාව තුළ යම් ඉදිකිරීමක් කරන්නේ නම් ඊට නීත්‍යානුකූල අවසරය ලබා දීමේ හැකියාව ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බවත්, අවසරයකින් තොරව ඉදිකිරීම් සිදු කරන අයකු පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප නොදී සිරගත කිරීමට පවා හැකියාව ඇති බවත් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් අවධාරණය කළහ.
ඒ අනුව, අදාළ ඉදිකිරීමට අවසර ලබා දුන්නේ කෙසේද, ඊට අදාළ ලියකියවිලි, ඓතිහාසික ලේඛන සහ පුරාවිද්‍යා සොයාගැනීම් මොනවාද යන්න පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවී සහ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය තොරතුරු ලබා දෙන බවට එකඟතාව පළ වූ බවත් උන්වහන්සේ පැවසීය.
අතීතයේ අක්කර දහසක භූමියක් සහ වර්තමානයේ අක්කර 60ක භූමියක් විහාරස්ථානයට අයත් බවත්, විහාරස්ථානයේ සිට පෙනෙන මානයේ හෝ එම භූමියේ කෙළවරක මෙම ඉදිකිරීම සිදු වන්නේද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් උන්වහන්සේ සඳහන් කළහ.
නීතිඥවරයකු ඇතුළු නීති කණ්ඩායමක් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින අතර, විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ දායක සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස අවසන් තීරණයක් ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවද උන්වහන්සේ පැවසූහ.
එමෙන්ම, මෙම ක්‍රියාමාර්ග ගනු ලබන්නේ කිසිදු ආගමික ගැටලුවකින් නොව, සංහිඳියාව ආරක්ෂා කර ගනිමින් අනාගතයේදී ඇති විය හැකි අසහනය හෝ ගැටුම් වළක්වා ගැනීම සඳහා බවද පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..