News Category
From Date
To Date
Maximum Number of Result

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

Nov 27, 2026 at 11:58 AM
|

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර්  විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ  වචනයෙන්,

"මේ වගේ අඳබාල  කෘෂිකර්ම  ඇමතිවරයෙක් ශ්‍රී ලංකාවේ  බිහි වුනේම නැහැ. උග්‍ර ධනවාදී මත දරන ආණ්ඩුවල ඇමතිවරුන්  එවැනි ප්‍රකාශ කරන්න ධෛර්යමත් වුනේ නැහැ.  වී ගොවිතැන ශ්‍රී ලංකාවේ ආහාර ස්වෛරීත්වය සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සමග දැඩි ලෙස බැඳී ඇති දෙයක්.  ඒ නිසා තමයි ඊනියා 76 වසරක සාපය යටතේ පවා ගොවි ජන සේවා පනත මගින් වී වගාව ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි නීතිමය  ප්‍රතිපාදන පැනවූවේ.

අප වැනි රටවල ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් කළ විට අපි අත්‍යවශ්‍ය ආහාර ආනයනය මත යැපෙන අතර, කුඹුරු ඉඩම් යොදාගෙන  සුද්දන්ට වුවමනා කෙසෙල්  සහ සෙසු පලතුරු නිපදවන දාස රාජ්‍යයක්  හෙවත්  "බනානා රාජ්‍යයක්"  බවට පත්වෙනවා.  ලාල් කාන්තලා එක පැත්තකින් ගොවියාට සාධාරණ  මිලක් ලබා නොදී වී ගොවිතැන අධෛර්යමත් කරන අතර දැන් රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස වී වගාව සීමා කිරීම ගැන කතා කරනවා.  මේ වගේ ඇමතිලා, සිරිමාවෝ බණ්ඩාරනායක, හෙක්ටර් කොබ්බෑකඩුව වැනි අයගේ සපත්තුවක දුහුවිල්ලක් තරම්වත් වටින්නේ නැති බව කණගාටුවෙන් වුවත් කියන්න ඕනෙ."

සම්බන්ධිත පුවත් | Related News

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගන්නවා ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ජනවාරි මස 28 වනදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතාට ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) පැමිණීමෙන් වළකින ලෙස උපදෙස් දුන්නේ කවුරුන්දැයි විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.
තහනම් LTTE සංවිධානය ප්‍රචණ්ඩ සහ නීතිවිරෝධී ක්‍රම මඟින් නැවත පණ ගැන්වීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින මුහම්මද් අස්මින් නමැති ශ්‍රී ලාංකිකයාට, කේරළ මහාධිකරණය මඟින් කොන්දේසිවලට යටත්ව ඇප හිමිව තිබේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.
සිය ගණනකට ජීවිත අහිමි කරමින්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් කළ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට දරුණු ආපදා තත්ත්වයක් හටගෙන අදට (27) වසරක් සපිරේ.
ලබන වසරේ ණය පොලී වාරික ගෙවීම සඳහා ගනු ලබන ණය ප්‍රමාණය අවම තරමින් රුපියල් ට්‍රිලියනයකින්වත් අඩු කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වැඩ කරන ජනතාව ලෙස උද්ඝෝෂණවල නිරත පුද්ගලයින් පිටුපස සිටින්නේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ප්‍රධාන පුවත්

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

ඓතිහාසික මාතලේ අළු විහාර පූජා භූමියේ යාර 400ක ප්‍රේරණ කලාපය තුළ පවතින පුරාවිද්‍යා රෙගුලාසි සහ ගැසට් නිවේදන උල්ලංඝනය කරමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..

Divaina Online ඔස්සේ පළ වූ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා, මහවිරු සතිය නිමිති කරගෙන සිදු කෙරෙන සැමරුම්, ජාතික කොඩිය සම්බන්ධයෙන් පළ වූ මතභේදාත්මක ප්‍රකාශය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ හැසිරීම පිළිබඳව සිය අදහස් දැක්වීය.

රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..

රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු 22 ගෙන් යුත් දූත පිරිසක් ඊයේ (25) මෙරටට පැමිණ තිබේ.

මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..

පුවත්පත් හරහා කුලය ඉස්මතු කරමින් පළකරන විවාහ දැන්වීම් මෙන්ම සමාජය නොමඟ යවන සුළු මිථ්‍යා විශ්වාස, හදි හූනියම් සහ වශී ගුරුකම් ප්‍රවර්ධනය කෙරෙන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා නව මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සහ නීතිමය රාමුවක් සකස් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කරයි.

ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?

ශ්‍රී ලංකාව තුළ රාමායණ මාර්ගය, හින්දු කෝවිල් සහ හින්දු ආගමික සංචාරක ව්‍යාපාරය ඉන්දියාව විසින් ප්‍රවර්ධනය කිරීම අද අප ඉදිරියේ බරපතළ ප්‍රශ්නයක් මතු කරයි. ඉන්දියාව සැබැවින්ම බුද්ධාගමටත් හින්දු ආගමටත් එක හා සමානව සහාය දෙනවාද? නැතිනම් බුද්ධාගම පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය පෙන්වන අතරතුර, ඊට වඩා විශාල හින්දු සංස්කෘතික වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යනවාද?

බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සදහා පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ආනයනය කළ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් වරායේ රදවා තබා ඇති බව රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්

ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායලයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට මෙන්ම 'මොසාඩ්' බුද්ධි අංශ සාමාජිකයන්ට ඉඩකඩ ලබාදීම රටේ ජාතික ආරක්ෂාවට, අනාගතයට මෙන්ම වාර්ගික සහජීවනයට ද බරපතළ තර්ජනයක් විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය

එදා රාජ්‍ය සේවකයන්ගේත් ගුරුවරුන්ගේත් අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවලට එරෙහිව සටන් මෙහෙයවූ ලාල්කාන්ත සහ මහින්ද ජයසිංහ අද ආණ්ඩුවේ බලයත් තනතුරුත් අතට ලැබුණු පසු එම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ගුරුවරුන්ට එරෙහිව කතා කිරීම තරම් දේශපාලනික විහිළුවක් තවත් නැතැයි ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.