ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.
මහාද්වීප පහක පැවැති මැතිවරණ, රුසියානු-යුක්රේන ගැටුම සහ කොවිඩ්-19 වසංගතය සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID උත්සාහ කර ඇති බව මෙම ලේඛනවල සඳහන් වේ. ජෝර්ජ් සෝරෝස්ගේ මූල්‍ය අනුග්‍රහය ලබන රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව ඇමරිකානු මැතිවරණවලට මැදිහත් වීමට ද එම ආයතනය පියවර ගෙන ඇති බව හෙළි වී ඇත.
ප්‍රසිද්ධ කෙරුණු ලේඛන අතර තිබූ විද්‍යුත් තැපැල් පණිවිඩ සහ වීඩියෝ දර්ශනවලට අනුව, 2022 දෙසැම්බර් මාසයේදී USAID, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ගූගල් (Google) සමාගමේ 'Trust and Safety' කණ්ඩායම සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එලොන් මස්ක් විසින් මිලදී ගනු ලැබූ X සමාජ මාධ්‍ය ජාලය වාරණ ඉල්ලීම්වලට අනුකූල නොවන්නේ නම්, ගූගල් සෙවුම් ප්‍රතිඵල තුළ X ඇතුළත් කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන බව ගූගල් විධායක නිලධාරීන් එහිදී පවසා ඇත.
හානිකර විය හැකි හෝ සාවද්‍ය තොරතුරු ව්‍යාප්ත වීමට පෙර ඒවා ඉවත් කිරීමට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරන බවට ද ගූගල් සමාගම එකඟ වී තිබේ.
මීට අමතරව, 2021 මැයි මාසයේ සිට ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලය සමඟ සති දෙකකට වරක් පැවැති සාකච්ඡාවලදී “දේශීය තර්ජන සහ සාවද්‍ය තොරතුරුවලට එරෙහි මෙහෙයුම් ප්‍රතිචාර” පිළිබඳව USAID ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇති බව 2022 පෙබරවාරි මස නිකුත් කළ සංදේශයකින් තහවුරු වේ.
මේ පිළිබඳව සවිස්තර තොරතුරු ඇතුළත් ලිපිය පහත සබැඳියෙන්..
ඇමරිකාව තුළ USAID: සාවද්‍ය තොරතුරු ප්‍රචාරණ යන්ත්‍රය තමන්ටම එරෙහිව ක්‍රියාත්මක වෙයි

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..