News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු නීතිපතිට දොර වැහුවේ FBIද?

Nov 26, 2026 at 05:02 PM
|

රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ (Aleksandr Gutsan) ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුවට සහ  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත “යන්න එපා" යැයි කිව්වේ කවුද යන්න අද පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කරනු ලැබුවා.

ඊට පිළිතුරු දෙමින් අධිකරෙන ඇමති හර්ෂණ නානායක්කාර සදහන් කර තිබුනේ ශ්‍රී ලංකා රජය එවැනි තීරණයක් ගෙන නැති බවත්, තමන්ට ලැබුණු තොරතුරු අනුව ගුට්සන්ගේම ආරක්ෂක කණ්ඩායම ආරක්ෂක තත්ත්වය ඇගයීමෙන් පසු එම ස්ථාන දෙකට නොයන ලෙස උපදෙස් දී තිබු බවයි.

කෙසේවෙතත් ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ කොළඹ සංචාරය අතරතුර  අලුත්කඩේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට නොයන ලෙස ඔහුගේ ආරක්ෂක කණ්ඩායම උපදෙස් දුන් බව,රුසියානු කිසිදු වාර්තාවක සදහන් වන්නේ නෑ.

ඊයේ (25) වැනිදා දිවයිනට පැමිණී රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ දෙරටේ නීතිපති කාර්යාල අතර සහයෝගිතා ඉතිහාසයේ රුසියානු නීතිපතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු රාජකාරි සංචාරය මෙය වේ.ඔහු සමග 21 දෙනකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරය සදහා එක්ව සිටි.

රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ නිල අරමුණ වන්නේ දෙරටේ නීතිපති කාර්යාල සහ අදාළ ආයතන අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම වන අතර  නොවැම්බර් 25 දින නිකුත් කළ රුසියානු නීතිපති කාර්යාලයේ නිවේදනය අනුව, මේ සඳහා ශ්‍රී ලංකා නීතිපති පාරින්ද රණසිංහ සහ අනෙකුත් අදාළ ආයතන ප්‍රධානීන් සමඟ කොළඹදී සාකච්ඡා කිරීමටත්, ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ ලේඛන අත්සන් කිරීමටත් සැලසුම් කර තිබුණා.

ශ්‍රී ලංකා නීතිපතිවරයාගේ ආරාධනයෙන් පැමිණි ගුට්සන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ නඩු පැවරීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමට නියමිතව සිටි බවද අල්ලස් කොමිසමත් න්‍යාය පත්‍රයේ සදහන්.

මේ වනවිට අනාවරණය වි ඇත්තේ  සංචාරයට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ආරක්ෂක කණ්ඩායමක්, නීතිපති දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිසමට නොයන ලෙස නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ට උපදෙස් දී තිබේන බවයි. එය මේ දක්වා තහවුරු වි නෑ.කෙසේවෙතත් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ සංචාරයට පෙර ආරක්ෂක කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණ අතර ඔහුන් ශ්‍රි ලංකා බුද්ධි අංශ සමග එක්ව ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙර විමර්ශනයක් කර තිබුනා.

මේ සම්බන්ධයෙන් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ට නීතිපති දෙපාර්තමේන්තු සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යෑම තහනම් වුයේ ඇමරිකානු මැදිහත් විමක් හරහා බවයි. මේ වනවිටත් ඇමරිකානු FBI කණ්ඩායමක් ලංකාවට පැමිණ සිටින අතර ඔහුන් පසුගියදා නීතිපති කාර්‍යාලයේදි නීතිපතිවරයා ද හමු වි තිබුනා. ඒ හේතුවෙන් ගුට්සන්ටගේ ආරක්ෂක කණ්ඩායමෙන් එම ස්ථානවලට යාම අධෛර්යමත් කිරිමට කටයුතු කර ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

කියුබානු විප්ලවයේ ඓතිහාසික නායක ෆිදෙල් ඇලෙජැන්ඩ්‍රෝ කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වී වසර 10ක් සපිරීම 2026 නොවැම්බර් 25 වන දිනට යෙදී තිබිණි.
ඔළුවේ කැමරාවක් බැඳගෙන ළූණු කපනවා, බිම මොප් කරනවා, රෙදි මහනවා, පෙට්ටි වලට බඩු අහුරනවා. ඊටපස්සේ ඒ ටිකම ආයෙත් මුල ඉඳන් කරනවා!
සියවස් දෙකකුත් අට වසරකට පෙර, 1818 නොවැම්බර් 26 වැනි දින මහනුවර බෝගම්බර වැව අසබඩදී මරණ දඬුවමට ලක් වූ මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේතුමාගේ 208 වැනි ගුණ අනුස්මරණය අද යෙදී තිබේ. උඩරට රාජධානියේ පරිපාලන තන්ත්‍රයේ ඉහළ තනතුරු දැරූ ප්‍රභූවරයෙකු වූ එතුමා, 1817–1818 ඌව-වෙල්ලස්ස නිදහස් සටනේ කේන්ද්‍රීය නායකයෙකු බවට පත්වීම තුළින් එතුමාගේ ඓතිහාසික භූමිකාවේ සුවිශේෂත්වය පැහැදිලි වේ.
අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.
2026 පෙබරවාරි 27 වැනි දිනැති අංක 2477/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද “යාවත්කාලීන කරන ලද අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” හරහා අපේ උතුම් අටමස්ථානයටත්, සමස්ත අනුරාධපුර පූජා භූමියටත් එල්ල වී ඇති බරපතල නීතිමය අනතුර පිළිබඳව සිංහල බෞද්ධ සමාජය තුළ දැඩි විරෝධයක් මතු විය.
අද රටේ රාළ කාතා කරන්නේ මේ දවස්වල රටේ ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් ගැන. 'Truth with Chamuditha' වැඩසටහනට ඇවිත් මොහොමඩ් ෆසාල් කියන පුද්ගලයා කරපු අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශ ගැන.රටේ රාළත් සම්පූර්ණයෙන්ම වැඩසටහන බැලුවා.එතැනදී මතුවෙන බරපත ප්‍රකාශ තුනක් සම්බන්ධ ඔයාලගේ අවධානය යොමු කරන්න ඕනි.
ශ්‍රී ලංකාව තුළ රාමායණ මාර්ගය, හින්දු කෝවිල් සහ හින්දු ආගමික සංචාරක ව්‍යාපාරය ඉන්දියාව විසින් ප්‍රවර්ධනය කිරීම අද අප ඉදිරියේ බරපතළ ප්‍රශ්නයක් මතු කරයි. ඉන්දියාව සැබැවින්ම බුද්ධාගමටත් හින්දු ආගමටත් එක හා සමානව සහාය දෙනවාද? නැතිනම් බුද්ධාගම පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය පෙන්වන අතරතුර, ඊට වඩා විශාල හින්දු සංස්කෘතික වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යනවාද?
දෙමළ මිනිහෙක්ට ලංකාවේ ඕනෙම කොණක කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න, පදිංචි වෙන්න පුලුවන්. ඒත් සිංහල මිනිහෙක්ට උතුරු නැගෙනහිර පදිංචි වෙන්න පුලුවන්ද ? එතකොට තමන්ගේ රටේ ජාතිවාදයෙන් බැට කන්නේ සිංහලයද දෙමළද ?
1815 මාර්තු 2 වැනි දින අත්සන් තැබුණු උඩරට ගිවිසුම මගින් සිංහලේ ස්වාධීනත්වය බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දීමත් සමඟ, සියවස් ගණනාවක් පුරා අඛණ්ඩව පැවති සිංහල රාජවංශය, දේශීය පාලන තන්ත්‍රය සහ සම්ප්‍රදායික සමාජ-ආගමික ව්‍යුහය බරපතළ අභියෝගයකට ලක් විය. ඉංග්‍රීසි පාලකයන් විසින් උඩරට ගිවිසුමේ කොන්දේසි (විශේෂයෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ 5 වැනි වගන්තිය) උල්ලංඝනය කරමින් සිදු කළ දැඩි දරදඬු පාලනයට සහ ස්වදේශිකයන්ට සිදු කළ අසාධාරණකම්වලට එරෙහිව 1817-1818 වර්ෂවලදී පැන නැගුණු ප්‍රථම නිදහස් සටන හෙවත් ඌව-වෙල්ලස්ස මහ කැරැල්ල, ලාංකේය ඉතිහාසයේ අභිමානවත්ම මෙන්ම ඛේදනීයම පරිච්ඡේදයකි.

ප්‍රධාන පුවත්

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

ඓතිහාසික මාතලේ අළු විහාර පූජා භූමියේ යාර 400ක ප්‍රේරණ කලාපය තුළ පවතින පුරාවිද්‍යා රෙගුලාසි සහ ගැසට් නිවේදන උල්ලංඝනය කරමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇති බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..

Divaina Online ඔස්සේ පළ වූ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා, මහවිරු සතිය නිමිති කරගෙන සිදු කෙරෙන සැමරුම්, ජාතික කොඩිය සම්බන්ධයෙන් පළ වූ මතභේදාත්මක ප්‍රකාශය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ හැසිරීම පිළිබඳව සිය අදහස් දැක්වීය.

රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..

රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු 22 ගෙන් යුත් දූත පිරිසක් ඊයේ (25) මෙරටට පැමිණ තිබේ.

මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..

පුවත්පත් හරහා කුලය ඉස්මතු කරමින් පළකරන විවාහ දැන්වීම් මෙන්ම සමාජය නොමඟ යවන සුළු මිථ්‍යා විශ්වාස, හදි හූනියම් සහ වශී ගුරුකම් ප්‍රවර්ධනය කෙරෙන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා නව මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සහ නීතිමය රාමුවක් සකස් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කරයි.

ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?

ශ්‍රී ලංකාව තුළ රාමායණ මාර්ගය, හින්දු කෝවිල් සහ හින්දු ආගමික සංචාරක ව්‍යාපාරය ඉන්දියාව විසින් ප්‍රවර්ධනය කිරීම අද අප ඉදිරියේ බරපතළ ප්‍රශ්නයක් මතු කරයි. ඉන්දියාව සැබැවින්ම බුද්ධාගමටත් හින්දු ආගමටත් එක හා සමානව සහාය දෙනවාද? නැතිනම් බුද්ධාගම පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය පෙන්වන අතරතුර, ඊට වඩා විශාල හින්දු සංස්කෘතික වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යනවාද?

බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සදහා පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ආනයනය කළ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් වරායේ රදවා තබා ඇති බව රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්

ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායලයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට මෙන්ම 'මොසාඩ්' බුද්ධි අංශ සාමාජිකයන්ට ඉඩකඩ ලබාදීම රටේ ජාතික ආරක්ෂාවට, අනාගතයට මෙන්ම වාර්ගික සහජීවනයට ද බරපතළ තර්ජනයක් විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය

එදා රාජ්‍ය සේවකයන්ගේත් ගුරුවරුන්ගේත් අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවලට එරෙහිව සටන් මෙහෙයවූ ලාල්කාන්ත සහ මහින්ද ජයසිංහ අද ආණ්ඩුවේ බලයත් තනතුරුත් අතට ලැබුණු පසු එම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ගුරුවරුන්ට එරෙහිව කතා කිරීම තරම් දේශපාලනික විහිළුවක් තවත් නැතැයි ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා ප්‍රකාශ කළේය.

ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..

ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිෂ්පාදන සමාගම වන Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO), සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජෙන්සන් හුවාං (Jensen Huang) වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පත් කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Ahasa News නාලිකාවේ විකාශය වූ "බලසටන" වැඩසටහනේදී විශේෂ අනාවරණයන් රැසක් සිදුකර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.